පෞද්ගලික රෝහල් වලින් අය කරනු ලබන ඉහළ ගාස්තු ගෙවීමට නොහැකි ජනතාව වෙනුවෙන් මුදල් ගෙවා රජයේ රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ලබා ගැනීම හැකි ක්‍රමවේදයක් සකස් කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල පවසයි.
රජයේ සෞඛ්‍ය ක්ෂේත්රය සැලකීමේදී වෛද්‍යවරුන්ගේ සිට පහළට දක්වා සියලු දෙනා ඉතා හොඳ සේවාවක් ලබා දීමට හැකි පිරිසක් බවත් මේ නිසා පෞද්ගලික රෝහලකට වඩා ප්රතිලාභ රෝගියෙකුට මෙහිදී ලබාගත හැකිවනු ඇති බවත් ඒ මහතා කීය.
රට තුළ ආහාර සුරක්ෂිතතාව හා පෝෂණ තත්ත්වය ඉහළ නැන්වීමේ ජාතික වැඩසටහනේ මංගල වැඩසටහන අද (14) මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැති අවස්ථාවේදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
මුදල් ගෙවීමක් කර ප්‍රතිකාර ලබා ගැනීමට සූදානම් පිරිසක් සමාජයේ සිටින බවත් ඔවුන්ට යම් සහනදායි අය කිරීම් යටතේ අදාළ සේවාව රජයේ රෝහල් වලින් ලබාදීම අරමුණ බවත් හෙතෙම අවධාරණය කළේය.
ඉදිරි වසර තුන තුළ දේශීය වශයෙන් ඖෂධ නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමට අපේක්ෂා කරන බව කි ඇමතිවරයා දැනට 20 % ක අගයක පවතින ඖෂධ නිෂ්පාදනය 2025 වනවිට 50 % ක් දක්වා ඉහළට ගෙන ඒමට බලාපොරොත්තු වන බව කීවේය.
මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ,සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන,මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමීණි රාජරත්න ඇතුළු පිරිසක් සහභාගි වූහ.







