බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තැපැල් ඡන්දය පටන් ගත්තු දා සිට විශාලම තොරතුරු විකෘති කිරීම් සමාජ මාධ්‍ය ඔස්සේ බෙදා හැර ඇත්තේ ජනාධිපති මාධ්‍ය අංශයේ කරුණු පරීක්ෂා කිරීමේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා… 

මැතිවරණ නීතිය රකින්න බැරි උන් රටේ නීතිය ආරක්ෂා කරයි ද?... ජාතික ජන බලවේගයේ ප්‍රශ්නය කරයි!

by editor
සැප්තැම්බර් 6, 2024
in පුවත්
නීතිඥ අකලංක උක්වත්ත...

නීතිඥ අකලංක උක්වත්ත...

Share on FacebookShare on Twitter
  • මේ අනීතික වැඩ කරමින් සාහසික විකෘති සිදුකරන පුද්ගලයාට එරෙහිව ගත හැකි ඉහළම නෛතික ක්‍රියාමාර්ග ගන්නවා… ජාතික ජන බලවේගය කියයි!

තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම ආරම්භ කළ 04 වැනිදා සිට ගැන්ස්ට රත්නේ නැමැති ව්‍යාජ ගිණුමෙන් සාහසික අසත්‍ය ප්‍රකාශ වපුරවන්නේ ජනාධිපති මාධ්‍ය අංශයේ කරුණු පරීක්ෂා කිරීමේ නියෝජ්‍ය අධ්‍යක්ෂ අරෝෂ් ප්‍රනාන්දු බව හෙළි කරගත් බවත් ‘ෆැක්ට් චෙක්’ ‘සිටිසන් ෆැක්ට් චෙක්’ ආයතනවල ප්‍රධානියා ලෙස සිටිමින් මෙම ව්‍යාජ තොරතුරු බෙදා හරින ජනාධිපතිවරයාගේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාට විරුද්ධව ගත හැකි ඉහළම නෛතික ක්‍රියාමාර්ග ගන්නා බවත් ජාතික ජන බලවේගයේ මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ අකලංක උක්වත්ත පැවසුවේය.

ඊයේ මාධ්‍ය හමුවක් කැදවමින් ඔහු ප්‍රකාශ කළේ ජනාධිපතිවරයා මෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසත් එකෙකුට එකෙක් නොදෙවෙනි සේ මැතිවරණ නීති උල්ලංඝණය කරන ආකර පිළිකුල් සහගත බවය.

මැතිවරණ නීතියට ගරු කළ නොහැකි උන් රටේ නීතියේ ආධිපත්‍ය පිහිටවනු ඇතැයි අපේක්ෂා නොකරන ලෙස ඔහු ජනතාවට කීවේය. එහිදී නීතිඥ අකලංක උක්වත්ත මෙසේ ද පැවසුවේය.

ජාතික ජන බලවේගයේ මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානයට සමස්ත පැමිණිලි 295ක් ලැබී තිබෙනවා. නිීති විරෝධී ප්‍රචාරණ කටයුතු 159ක්, නීත්‍යානුකූල මැතිවරණ ව්‍යාපාරයට බාධා කිරීම් 06ක්, ප්‍රචණ්ඩ ක්‍රියා 20ක්, මහජන මතයට අනිසි බලපෑම් කිරීම් 73ක්, රාජ්‍ය සම්පත් අවභාවිතා කිරීම් 54ක්, රාජ්‍ය නිලධාරීන් මැතිවරණ ව්‍යාපාරයට යොදා ගැනීම් 25ක් වාර්තා වෙනවා. මේ ආකාරයට අපි වර්ගීකරණය කර තිබෙන නීති විරෝධී ක්‍රියා සමහර අවස්ථාවල එකම සිදුවීම අංශ දෙකකට ඇතුළත් වෙනවා. මේ නිසා සමස්ත පැමිණිලි සංඛ්‍යාව වන 295ට වඩා එක් එක් පැමිණිලි වර්ගීකරණවල එකතුව ඉහළ අගයක් ගත හැකියි.

සමගි ජන බලවේගයේ රැස්වීම්වලදී ආහාරපාන බෙදාදීම් දිගින් දිගටම වාර්තා වෙනවා. ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම දැනුවත් කරමින් සහ පැමිණිලි කරමින් කරුණු ඉදිරිපත් කරනවා. සමගි ජන බලවේගයේ කාර්යාලයක් රත්මලාන දුම්රිය නිල නිවාසයක පවත්වාගෙන යනවා. විපක්ෂ නායකයෙක් වශයෙන් සජිත් ප්‍රේමදාස අපේක්ෂකයා රාජ්‍ය දේපළ අවභාවිතා කිරීමක්, ඒ වගේම අපේක්ෂකයන්ගේ පුවරු ප්‍රදර්ශනය කිරීමට අමතරව වෙනත් අයගේ ඡායාරූප ඔවුන්ගේ මැතිවරණ කාර්යාලවල ප්‍රදර්ශනය කරනවා. නීති ගරුක රටක් හදන බව ප්‍රකාශ කිරීම භාවිතයෙන්ම ඔප්පු කරන්න තමන්ගේ මැතිවරණ ව්‍යාපාරය තුළත් ඒ ආකාරයෙන් කටයුතු කරන ලෙස අවධාරණය කරනවා. මැතිවරණ කාලයේවත් නීතිය අනුව කටයුතු කරන්න බැරි නම්, එයින්ම ඔවුන්ගේ විනය සම්බන්ධයෙන් තක්සේරු කරන්න පුළුවන්.

RelatedPosts

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ඒ වගේම ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වෙන බව කියන රනිල් වික්‍රමසිංහ මහතා ඔහුගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු තුළ මැතිවරණ නීති උල්ලංඝනය කරමින් ජාතික කොඩිය භාවිතා කරනවා. අධිකරණ දඬුවමක් ලෙස මන්ත්‍රී ධුරය අහිමි වූ මනුෂ නානායක්කාර විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ වාහන මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට භාවිතා කරනවා. පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරයෙන් නෙරපා හැරි පසු ඔහු විදේශ රැකියා අමාත්‍යාංශයේ ජනාධිපති උපදේශක ලෙස පත් කළේ මෙවැනි වැඩ කර ගන්නයි. රනිල් වික්‍රමසිංහ මහතාට මෙන්ම මනුෂ ඇතුළු පිරිසට අපි අවධාරණය කරන්නේ මහජන මුදල් අවභාවිතා නොකරන ලෙසයි. රනිල් වික්‍රමසිංහගේ වේදිකා හැදීමට හමුදාව, පොලීසිය සහ සිවිල් ආරක්ෂක අංශයේ සාමාජිකයන් හම්බන්තොට, මොනරාගල, ජාඇල යන ස්ථානවලදී යොදගෙන තිබෙනවා. නිල ඇඳුමෙන් බැහැරව එම පිරිස් යොදා ගැනීම පිළිබඳව විස්තර අපි සතුව තිබෙනවා.

මීගමුවේ මැතිවරණ කාර්යාලයක් ඉදිකිරීමට එම නගර සභා සේවකයන් යොදාගෙන තිබෙනවා. ඊට අමතරව ගුවන්තොටුපළ නිලධාරීන් සියයක් හදිසියේ බඳවාගෙන ඔවුන්ට රාජකාරි නිවාඩු ලබාදී සැප්තැම්බර් 02වැනිදා සිට මැතිවරණ කටයුතු වෙනුවෙන් යොදා ගනිමින් සිටිනවා. ත්‍රීවිල් රථ සංගම්වල නිලධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලයට ගෙන්වාගෙන ඔවුන්ට මුදල් ලබාදී ත්‍රීවීල්වල “පුළුවන් ශ්‍රී ලංකා” ස්ටිකර් එක අලවන්න බලපෑම් කර තිබෙනවා. අපි ඒ සම්බන්ධ පැමිණිලි කිරීමෙන් පසු පොලීසිය මැදිහත්වී එය නැවැත්වූවා. නමුත් පසුව එය යළි ක්‍රියාත්මක කර තිබෙනවා. මේ සම්බන්ධ වීඩියෝ සාක්ෂි සහ වෙනත් ලිඛිත සාක්ෂි අපට තිබෙනවා.

ස්වාධීන කොමිෂන් සභාවල නිලධාරීන්ට බලපෑම් කිරීම ඇතුළු නීති උල්ලංඝනය කරන්න පමණක් රනිල් වික්‍රමසිංහට පුළුවන්. ලංකාව ගොඩනඟන්න බැරි වුණාට ඔහුට රටේ නීතිය කඩන්න පුළුවන්. තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම ආරම්භ කළ 04 වැනිදා ඡන්ද ප්‍රතිඵලය ලෙස අරෝෂ් ප්‍රනාන්දු කියන පුද්ගලයා ඔහුගේ සමාජ මාධ්‍යවලින් ව්‍යාජ ප්‍රචාරයක් පටන් ගත්තා. ඔහු ගැන්ස්ට රත්නේ කියන ව්‍යාජ ගිණුමෙන් ගෙන යන ප්‍රචාරයන් සොයා බැලීමේදී හෙළි වූයේ ජනාධිපති මාධ්‍ය අංශයේ කරුණු පරීක්ෂා කිරීමේ නියෝජ්‍ය අධ්‍යක්ෂ අරෝෂ් ප්‍රනාන්දු එම ව්‍යාජ තොාරතුරු ප්‍රචාරය කරන බව හෙළිවෙනවා. ‘ෆැක්ට් චෙක්’ ‘සිටිසන් ෆැක්ට් චෙක්’ කියන ආයතනවල ප්‍රධානියා ලෙස සිටිමින් ඔහු මෙම ව්‍යාජ තොරතුරු බෙදා හරිමින් සිටිනවා. තැපැල් ඡන්ද ආරම්භ කිරීමත් සමග එම ඡන්ද සීල් තබා ආරක්ෂිතව තැන්පත් කර තිබෙනවා. එසේ තිබියදී අරෝෂ් ප්‍රනාන්දු ගෙන යන මේ ව්‍යාජ ප්‍රචාරයන්ට විරුද්ධව ඉහළම ක්‍රියාමාර්ග ගන්නා බවත් අපි අවධාරණය කරනවා.

සජබ අපේක්ෂක සහ ස්වාධීන බව කියන අපේක්ෂක යන දෙදෙනාටම රටේ පොදු නීතියට ගරු කරන ලෙස අවධාරණය කරනවා. පසුගිය වසරේ පළාත් පාලන මැතිවරණය කුමන්ත්‍රණකාරී ලෙස නොපැවැත්වීමෙන් රනිල් වික්‍රමසිංහ ස්වාධීන මැතිවරණ කොමිසමට බලපෑම් කර තිබුණා. නමුත් දැන් ජනාධිපතිවරණය පැවැත්වෙනවා. එයින් ඔහුට සිදුවන බලපෑම මඟහරවා ගන්න ගෙනයන විවිධ උපක්‍රම නවත්වන ලෙස අවධාරණය කරනවා. ඔබ සිදුකරමින් සිටින ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මේ මොහොතේ අදාළ ආයතන කෙසේ ක්‍රියාකළත් නිසි ආකාරයේ අධිකරණ ක්‍රියාමාර්ග අප අනුගමනය කරන බව අවධාරණය කරනවා

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජොබ් එක නොකර මැච් බලන්න ගිය රවීන් වික්‍රමරතන් නිසා දිස්ත්‍රික් සහ පළාත් ක්‍රිකට් සංගම් අවුලක!

Next Post

ඇමති කම නැතිකළාට මම දුක්වෙන්නේ මොකට ද?.. ඔය හැමෝගෙම ඇමතිකම් සති 2න් ඉවරයි… රාජ්‍ය ඇමතිකමින් පහ කළ සිරිපාල ගම්ලත් කියයි!

Related Posts

පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.