බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ත්‍රී කුණාමලය සම්බුද්ධ ජයන්ති බෝධි රාජ විහාරයේ අලුතින් තැන්පත් කළ ප්‍රතිමාව පොලිසියෙන් ඉවත් කළේ පිළිමයේ ආරක්ෂාව සහතික කරන්න… පොලිස් ඇමති පාර්ලිමේන්තුවට කියයි…

by editor
නොවැම්බර් 17, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

සමන් මල්ලවආරච්චි –

ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධි රාජ විහාරයේ  ඔප්පු සහිත පන්සල් භූමිය තුළ දහම් පාසල් ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා මුල් ගල තබා එදින පන්සල් භූමියේ තැන්පත් කළ බුදු පිළිමයට ආරක්ෂාව සම්බන්ධ ප්‍රශ්නයක් මතු වූ  බවත් බුදු පිළිමය ඊයේ රාත්‍රියේ එම ස්ථානයෙන් ඉවත් කරන්නේ ආරක්ෂාව තහවුරු කිරීමට බවත් අද (17) රජය කරුණු පැහැදිලි කරමින් ප්‍රකාශ කළේය.

මහජන ආරක්ෂාව පිළිබඳ ඇමති ආනන්ද විජේපාල පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශක් කරමින් කීවේ මෙම බුදු පිළිමයට තර්ජනයක් ඇති බවට බුද්ධි වාර්තා ලැබීමත් සමග එය ඉවත් කර පිළිමය සුරක්ෂිතව පොලිසියට වැඩම කරවූ බවත් අද දිනයේ නැවත එය තිබූ ස්ථානයේම තැන්පත් කරන බවත්ය.

මේ වනවිට පොලිසිය එම ස්ථානයට පැමිණ ප්‍රතිමාව තැන්පත් කිරීමට කටයුතු කරමින් සිටී. එම අවස්ථාවට එක් වී සිටි ත්‍රී කුණාමලය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගෙන් මෙම පිළිමය එක්වරම ඊයේ රාත්‍රියේ රැගෙන ගියේ කුමක් නිසාදැයි කළ විමසීමකට පිළිතුරු දුන් ඔහු කීවේ බුද්ධි තොරතුරු මත මෙම ප්‍රතිමාවට තර්ජනයක් වී ඇති බව අනාවරණය වූ නිසා මෙම පියවර ගත් බවය.

ඒ සම්බන්ධව නිසි දැනුම්වත් කිරීමක් නොකිරීම, ගැටුමක් ඇති වීම සහ හිමිවරුන්ට පහරදීම සම්බන්ධව කළ විමසීමට පිළිතුරු නොදුන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා කීවේ අවශ්‍ය නිල ප්‍රකාශ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් ලබා දෙනු ඇති බවය. පහත දැක්වෙන්නේ ප්‍රතිමාව රැගෙන ගිය අවස්ථාවය.

RelatedPosts

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

කෙසේ වෙතත් අද පාර්ලිමේන්තුව ඇමතූ මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල මෙසේ පැවසුවේය.

“ඊයේ දිනයේ ත්‍රී කුණාමලය කොටුව සම්බුද්ධ ජයන්ති  දහම්පාසල විහාරස්ථානයට අදාලව ඊයේ දිනයේ සිදුවීමක් වාර්තා වෙලා තියනවා.  ඊයේ දිනයේ රාත්‍රියේ තැන්පත් කරන ලද බුදු පිළිමයක් සම්බන්ධ ගැටලුකාරී තත්ත්වයක් හේතුවෙන් පොලිසියට ඒ පිළිබඳව වාර්තාවක් ලැබුණා.”

“ඒ සම්බන්ධයෙන් පොලිසිය ක්‍රියාත්මක වුනා. ඒ වාර්තාවේ සඳහන් වුනේ තැන්පත් කරන ලද බුදු පිළිමය සම්බන්ධව  යම් කඩාකල්පල්කාරී සිදුවීමක්….  එම බුදු පිළිමයට හානි කිරීමක් පිළිබදව තොරතුරක් ලැබුණා. “

“ඒ අනුව බුදු පිළිමය එම ස්ථානයෙන් ඉවත් කරලා එහි ආරක්ෂාව සහතික කරලා තියනවා. ඒ වගේම ඊයේ හදිස්සියේ සිද්ධ වෙච්චි බුදු පිළිම තැන්පත් කිරීමක් අනුව තමයි ඒ කාරණය මතු වුනේ. අද දිනය වනවිට අපි පොලිසියට උපදෙස් දුන්නා එම බුදු පිලිමය නැවතත් එම විහාරස්ථානයේ තැන්පත් කරන්න කියලා.”

“මොකද අද දිනයේ සිට විධිමත් ආරක්ෂක වැඩපිළිවෙළක් ඒ සම්බන්ධව ක්‍රියාත්මක කරනවා. ඒ වගේම වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ පිළිබඳව පැමිණිල්ලක් ලැබිලා තියනවා… එතන කලින් ආපන ශාලාවක් පවත්වාගෙන යනවා… ඒක නීති විරෝධීයි කියලා. ඒ සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගන්න කටයුතු කරනවා. “

“අධිකරණ දෙන තීන්දුවක් අනුව තමයි කටයුතු කරලා තියෙන්නේ. ඊයේ රාත්‍රියේ බුදු පිළිමය ඉවත් කරලා තියෙන්නෙ ආරක්ෂාව මත. මේ ඉඩම සම්බන්ධයෙන් තියන ගැටලුව අධිකරණයෙන් තමයි නිරාකරණය කරගන්න ඕන. ඒ හින්දා අපි මේ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා. අද දිනයේ දී මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කළා. අධිකරණය දෙන තීන්දු අනුව කටයුතු කරනවා. “

“බුදු පිළිමයේ ආරක්ෂාව සහතික කරලා තියනවා. මොකද නැවත අවාසනාවන්ත සිදුවීම් වෙන්න දෙන්න පුලුවන් කමක් නෑ. බුදු පිළිමය නැවත එම තිබුණ ස්ථානයට වැඩම කරවනවා.”

“මේ සම්බන්ධයෙන් වෙරළ සංරක්ෂණය පැත්තෙන් එන පැමිණිලි අධිකරණයට කරුණු වශයෙන් වාර්තා කරනවා. අධිකරණය දෙන තීන්දුව අනුව ඉදිරි කටයුතු කරන්න පියවර ගන්නවා.  සාමය ආරක්ෂා කරන්න අවශ්‍ය පියවර ගන්න පොලිසියට කටයුතු දැනුම් දී තිබෙනවා.” ඇමතිවරයා කීවේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

වර්ජන මැද GMOA සහ ජනපති අතර සාකච්ඡා…

Next Post

උතුරේ මහ ඇමති ධූරය සඳහා හිටපු මහාධිකරණ විනිසුරු ඉලන්චේලියන්ගේ නම ඉදිරිපත් වීමත් සමග පළාත් සභා මැතිවරණයට පෙරම උතුර උණුසුම්…

Related Posts

පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න
  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!
  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.