අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තවත් ආධාර නැව් එවනවා – තමිල්නාඩු මහ ඇමති ස්ටාලින් මිලින්ද මොරගොඩට කියයි

by Lanka Sara Editor
ජූනි 4, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය එම්.කේ. ස්ටාලින් මහතා අද (04) පෙරවරුවේ චෙන්නායි හි මහ ඇමති කාර්යාලයේදී. තමිල්නාඩු රජයේ ප්‍රධාන ලේකම් ඉරායි අන්බු සහ තවත් ප්‍රධාන රාජ්‍ය නිලධාරීන් කිහිප දෙනෙකු මෙම රැස්වීමට එක්ව සිටියහ.

2011 වසරෙන් පසු නවදිල්ලියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයෙකු තමිල්නාඩු ප්‍රාන්තයේ මහ ඇමතිවරයා හමුවූ පළමු අවස්ථාව මෙය විය.
හමුවීම සිදු වූයේ ඔහුගේ “ඉන්දීය, ශ්‍රී ලංකා දූත මණ්ඩල සඳහා වූ ඒකාබද්ධ රාෂ්ට්‍ර ක්‍රමෝපාය ” ප්‍රතිපත්ති මාර්ග සිතියමේ දක්වා ඇති පරිදි ශ්‍රී ලංකාව සහ ඉන්දීය ප්‍රාන්ත අතර අන්තර්ක්‍රියා ප්‍රවර්ධනය කිරීම සඳහා සබ`දතා පුළුල් කිරීමේ සැලැස්මේ කොටසක් ලෙස ය.
ප්‍රධාන අමාත්‍යවරයා ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා උණුසුම් ලෙස පිළිගත් අතර ඉන් අනතුරුව පැවති සුහද සාකච්ඡාවේදී මහ කොමසාරිස්වරයා තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරයාට සහ තමිල්නාඩු ජනතාවට වත්මන් ආර්ථික තත්ත්වය කළමනාකරණය කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවට පසුගියදා ලබාදුන් රුපියල් බිලියන දෙකක මානුෂීය ආධාර පිළිබඳව ස්තුතිය පුද කළේය. ඊට ප්‍රතිචාර වශයෙන් ප්‍රධාන අමාත්‍ය ස්ටාලින්, ශ්‍රී ලංකාවේ තත්ත්වය පිළිබඳව තමන් කනස්සල්ලට පත්ව සිටින බවත්, අත්‍යාවශ්‍ය භාණ්ඩ ප්‍රථම නැව්ගත කිරීම වහාම යැවීමට කටයුතු යොදා ඇති බවත් ස`දහන් කළේය. දෙවන නැව්ගත කිරීමක් ද යැවීමට නියමිත බවත් තවත් නැව්ගත කිරීම් කිහිපයක් අපේක්ෂා කරන බවත් ප්‍රධාන අමාත්‍යවරයා පැවසීය.

ශ්‍රී ලංකාව සහ තමිල්නාඩු ප්‍රාන්තය අතර පවතින ධීවර ගැටලුව ඇතුළු ක්ෂේත්‍ර රැසක් පිළිබඳව මහ කොමසාරිස්වරයා සහ ප්‍රධාන අමාත්‍යවරයා සාකච්ඡා කළහ. තමිල්නාඩුව සහ ශ්‍රී ලංකාව අතර පවතින පෞරාණික සහ ප්‍රබල ජනවාර්ගික, සංස්කෘතික සහ ආගමික බැඳීම් සමාලෝචනය කළ සම්භාවනීය අමුත්තන් දෙදෙනා ඒවා තවදුරටත් ශක්තිමත් කිරීමේ ක්‍රම පිළිබඳව සාකච්ඡා කළහ. මේ සම්බන්ධයෙන් ප්‍රධාන අමාත්‍ය ස්ටාලින් ඉල්ලා සිටියේ ශ්‍රී ලංකාවේ කීර්තිමත් දෙමළ කවියෙකු සහ දාර්ශනිකයෙකු වන තිරුවල්ලුවර්ගේ ප්‍රතිමාවක් විශ්වවිද්‍යාලයක් වැනි සුදුසු පරිශ්‍රයක ස්ථාපනය කිරීමට ශ්‍රී ලංකාව කැමති විය හැකි බවයි. මහ කොමසාරිස්වරයා ප්‍රධාන අමාත්‍යවරයා විසින් කරන ලද යෝජනාව පිළිගත් අතර පහසුකම් සැලසීමට කටයුතු කරන බව පැවසීය.
ශ්‍රී ලංකාව සහ තමිල්නාඩු ප්‍රාන්තය අතර සම්බන්ධතාවයේ සියලු අංශ සම්බන්ධයෙන් වඩා හොඳ සම්බන්ධීකරණයක් ඇති කර ගැනීමේ අරමුණින් මහ කොමසාරිස් මොරගොඩ ප්‍රාන්ත මට්ටමින් කේන්ද්‍රස්ථ ප්රධාන පුද්ගලයෙක් නම් කරන ලෙස මහ ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටියේය. මහ කොමසාරිස් මොරගොඩ මහ ඇමැති ස්ටාලින්ට ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ද ආරාධනා කළේය.
මහ කොමසාරිස් මොරගොඩ මහතා සිය පාර්ලිමේන්තු කතා ඇතුළත් ග්‍රන්ථයේ දෙමළ පරිවර්තනයේ පිටපතක් ද මහ ඇමැතිවරයා වෙත පිළිගැන්වීය. මහ කොමසාරිස්වරයා 2006 දී ස්ටාලින්ගේ පියා -තමිල්නාඩුවේ හිටපු මහ ඇමැති දිවංගත එම් කරුණානිධි මහතා ට ද එම කෘතියේ පිටපතක් පිළිගැන්වූ අයුරු සිහිපත් කළේය.
මහ කොමසාරිස් මොරගොඩ මහතා සමග දකුණු ඉන්දියාවේ ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් ආචාර්ය ඩී වෙන්කේෂ්වරන්, නවදිල්ලි හි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් නිලූක කදුරුගමුව සහ චෙන්නාය කාර්යාලයේ දෙවන ලේකම් සුපුන් දේශප්‍රේම ද මේ සඳහා එක්ව සිටියහ.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

රුසියානු ගුවන් යානයේ ප්‍රශ්නය වහාම විසඳා නොගත්තොත් රට තවත් අනතුරේ – ඇමති දිනේෂ්…

Next Post

හිඟන්නාගේ පාත්තරේට හෙනහුරා පාත් කරන රුසියානු යානයේ හුටපටය මොකක් ද?

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.