ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය එම්.කේ. ස්ටාලින් මහතා අද (04) පෙරවරුවේ චෙන්නායි හි මහ ඇමති කාර්යාලයේදී. තමිල්නාඩු රජයේ ප්‍රධාන ලේකම් ඉරායි අන්බු සහ තවත් ප්‍රධාන රාජ්‍ය නිලධාරීන් කිහිප දෙනෙකු මෙම රැස්වීමට එක්ව සිටියහ.
2011 වසරෙන් පසු නවදිල්ලියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයෙකු තමිල්නාඩු ප්‍රාන්තයේ මහ ඇමතිවරයා හමුවූ පළමු අවස්ථාව මෙය විය.
හමුවීම සිදු වූයේ ඔහුගේ “ඉන්දීය, ශ්‍රී ලංකා දූත මණ්ඩල සඳහා වූ ඒකාබද්ධ රාෂ්ට්‍ර ක්‍රමෝපාය ” ප්‍රතිපත්ති මාර්ග සිතියමේ දක්වා ඇති පරිදි ශ්‍රී ලංකාව සහ ඉන්දීය ප්‍රාන්ත අතර අන්තර්ක්‍රියා ප්‍රවර්ධනය කිරීම සඳහා සබ`දතා පුළුල් කිරීමේ සැලැස්මේ කොටසක් ලෙස ය.
ප්‍රධාන අමාත්‍යවරයා ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා උණුසුම් ලෙස පිළිගත් අතර ඉන් අනතුරුව පැවති සුහද සාකච්ඡාවේදී මහ කොමසාරිස්වරයා තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරයාට සහ තමිල්නාඩු ජනතාවට වත්මන් ආර්ථික තත්ත්වය කළමනාකරණය කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවට පසුගියදා ලබාදුන් රුපියල් බිලියන දෙකක මානුෂීය ආධාර පිළිබඳව ස්තුතිය පුද කළේය. ඊට ප්‍රතිචාර වශයෙන් ප්‍රධාන අමාත්‍ය ස්ටාලින්, ශ්‍රී ලංකාවේ තත්ත්වය පිළිබඳව තමන් කනස්සල්ලට පත්ව සිටින බවත්, අත්‍යාවශ්‍ය භාණ්ඩ ප්‍රථම නැව්ගත කිරීම වහාම යැවීමට කටයුතු යොදා ඇති බවත් ස`දහන් කළේය. දෙවන නැව්ගත කිරීමක් ද යැවීමට නියමිත බවත් තවත් නැව්ගත කිරීම් කිහිපයක් අපේක්ෂා කරන බවත් ප්‍රධාන අමාත්‍යවරයා පැවසීය.
ශ්‍රී ලංකාව සහ තමිල්නාඩු ප්‍රාන්තය අතර පවතින ධීවර ගැටලුව ඇතුළු ක්ෂේත්‍ර රැසක් පිළිබඳව මහ කොමසාරිස්වරයා සහ ප්‍රධාන අමාත්‍යවරයා සාකච්ඡා කළහ. තමිල්නාඩුව සහ ශ්‍රී ලංකාව අතර පවතින පෞරාණික සහ ප්‍රබල ජනවාර්ගික, සංස්කෘතික සහ ආගමික බැඳීම් සමාලෝචනය කළ සම්භාවනීය අමුත්තන් දෙදෙනා ඒවා තවදුරටත් ශක්තිමත් කිරීමේ ක්‍රම පිළිබඳව සාකච්ඡා කළහ. මේ සම්බන්ධයෙන් ප්‍රධාන අමාත්‍ය ස්ටාලින් ඉල්ලා සිටියේ ශ්‍රී ලංකාවේ කීර්තිමත් දෙමළ කවියෙකු සහ දාර්ශනිකයෙකු වන තිරුවල්ලුවර්ගේ ප්‍රතිමාවක් විශ්වවිද්‍යාලයක් වැනි සුදුසු පරිශ්රයක ස්ථාපනය කිරීමට ශ්‍රී ලංකාව කැමති විය හැකි බවයි. මහ කොමසාරිස්වරයා ප්‍රධාන අමාත්‍යවරයා විසින් කරන ලද යෝජනාව පිළිගත් අතර පහසුකම් සැලසීමට කටයුතු කරන බව පැවසීය.
ශ්‍රී ලංකාව සහ තමිල්නාඩු ප්‍රාන්තය අතර සම්බන්ධතාවයේ සියලු අංශ සම්බන්ධයෙන් වඩා හොඳ සම්බන්ධීකරණයක් ඇති කර ගැනීමේ අරමුණින් මහ කොමසාරිස් මොරගොඩ ප්‍රාන්ත මට්ටමින් කේන්ද්‍රස්ථ ප්‍රධාන පුද්ගලයෙක් නම් කරන ලෙස මහ ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටියේය. මහ කොමසාරිස් මොරගොඩ මහ ඇමැති ස්ටාලින්ට ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ද ආරාධනා කළේය.
මහ කොමසාරිස් මොරගොඩ මහතා සිය පාර්ලිමේන්තු කතා ඇතුළත් ග්‍රන්ථයේ දෙමළ පරිවර්තනයේ පිටපතක් ද මහ ඇමැතිවරයා වෙත පිළිගැන්වීය. මහ කොමසාරිස්වරයා 2006 දී ස්ටාලින්ගේ පියා -තමිල්නාඩුවේ හිටපු මහ ඇමැති දිවංගත එම් කරුණානිධි මහතා ට ද එම කෘතියේ පිටපතක් පිළිගැන්වූ අයුරු සිහිපත් කළේය.
මහ කොමසාරිස් මොරගොඩ මහතා සමග දකුණු ඉන්දියාවේ ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් ආචාර්ය ඩී වෙන්කේෂ්වරන්, නවදිල්ලි හි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් නිලූක කදුරුගමුව සහ චෙන්නාය කාර්යාලයේ දෙවන ලේකම් සුපුන් දේශප්‍රේම ද මේ සඳහා එක්ව සිටියහ.







