බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තරුණ සේවා සභාව යොදාගෙන කැත දේශපාලන ව්‍යාපෘති කරන්න එපා… සමාජවාදී තරුණ සංගමය ජනපතිට දන්වයි!

by editor
අප්‍රේල් 11, 2024 - Updated on අප්‍රේල් 12, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ජාතික තරුණ සේවා සභාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් සිය පටු දේශපාලන ව්‍යාපෘති වෙනුවෙන් පාවිච්චි කරන බවත් ඒ බව සනාථ කළ හැකි සියලුම සාධක තමන් සන්තකයේ පවතින බවත් සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර ප්‍රකාශ කරයි.

ජනාධිපතිවරයා විසින් තරුණ සේවා සභාව වෙත වෙන්කර ඇති මුදල් අවභාවිතා කරමින් සිදුකරන මෙම කැත දේශපාලනයට එරෙහිව නීතියෙන් ක්‍රියාත්මක විය හැකි ආකාරය ගැන සොයා බලමින් සිටින බවත් ඔහු පවසයි.

එරංග ගුණසේකර ඊයේ (10) ජනතා පෙරමුණු මූලස්ථානයේ දී මාධ්‍ය අමතමින් මෙසේ ද කීවේය.

බලහත්කාරී ලෙස ජන වරමකින් තොරව ජනාධිපති වී සිටින රනිල් වික්‍රමසිංහගේ දේශපාලන ප්‍රොජට් එකක් ජාතික තරුණ සේවා සභාවේ සම්පත් උපයෝගී කර ගනිමින් ක්‍රියාත්මක කරමින් තිබෙනවා.   අලුත්ම ප්‍රචාරක ව්‍යාපාරය තුළ ජාතික තරුණ සේවා සභාවේ තරුණ සම්මේලන ඔහුගේ බල දේශපාලන ක්‍රියාවලියේ කොටසක් ලෙස යොදාගෙන තිබෙනවා. මේ සම්බන්ධයෙන් සාක්ෂි ගණනාවක් අප සතුව පවතින අතර, එයින් කොටසක් මෙහිදී හෙළිකරනවා.

“යූත් සමිට් – 2024” යන ව්‍යාපෘතිය ජනාධිපති ලේකම් කාර්යාලය මැදිහත් වී පසුගිය 07වැනිදා මහනුවර ජනාධිපති මන්දිරයද යොදා ගනිමින් පැවැත් වූවා. මහනුවර දිස්ත්‍රික්කයේ තරුණ සේවා සභා සහකාර අධ්‍යක්ෂ, නිකුත් කර තිබෙන ලිපියක ප්‍රධාන කරුණු ගණනාවක් අඩංගු වෙනවා. ඔහු යෞවන සමාජ දිස්ත්‍රික් ලේකම් වෙත යවන ලද ලිපියේ ඒ වෙනුවෙන් රජයේ නිලධාරීන් වෙතද රාජකාරි පවරා ඇති ආකාරය දැක්වෙනවා. තරුණ තරුණියන් 500ක් සවස 2.00 වන විට මහනුවර ජානාධිපති මන්දිරයට සම්බන්ධ කිරීම, තරුණ සේවා නිලධාරීන් ඒ වෙනුවෙන් නිශ්චිත රාජකාරිමය පැවරීම මගින් යොදා ගැනීම, ප්‍රවාහන පහසුකම්වලට බස්රථ අටක් යොදවා තිබීම සහ මුදල් වෙන්කර තිබීම, ජනාධිපති වෙත අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමට සුදුසු තරමින් හඳුනාගෙන ඒ අයගේ නාමලේඛනය එදිනට පෙර දැනුම් දීම යන කටයුතු පවරා තිබෙනවා.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

තරුණ සේවා අධ්‍යක්ෂ ජනරාල්, පළාත් අධ්‍යක්ෂ, තරුණ සේවා නිලධාරීන්, නිස්කෝ සම්බන්ධී කාරක නිලධාරීන් ඇතුළු සියලු නිලධාරීන්ට මෙහි පිටපත් යොමු කර තිබෙනවා.

තරුණ සේවා සභාවෙන් යැවූ ලිපියට අමතරව රනිල් වික්‍රමසිංහලා මාධ්‍යයට මුදා හැරි ප්‍රචාරක පෝස්ට් එකක් තිබෙනවා. එහි සඳහන් කර තිබෙන්නේ “මගෙන් පටන් ගමු, තරුණ සමුළුව” කියලා. ඒ වගේම සංගීත ප්‍රසංගයකුත් පැවත්වා දේශපාලන ප්‍රොජට් එක දියත් කර තිබෙනවා.

ඔවුන්ගේ දේශපාලන රැලි පැවැත්වූවාට අපේ කිසිම විරෝධයක් නැහැ. මෙතන තිබෙන ප්‍රශ්නය ජනාධිපති ධුරයේ බලය, ව්‍යවස්ථාව, මහජන මුදල් සහ රාජ්‍ය ආයතන යොදා ගනිමින් දේශපාලනය කිරීමයි. මෙවැනි ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන්න නම්, ව්‍යාපෘති වාර්තාවක් මුලින්ම ඉදිරිපත් කරන්න ඕනෑ. ඒ ව්‍යාපෘති වාර්තාව කොහෙද කියා අපි ප්‍රශ්න කරනවා. ඒ වගේම රනිල්ගේ තරුණ සමුළුව කරන්න තරුණ සේවා සභාවේ මුදල් වෙන්කරන්නේ, ජනාධිපති මන්දිරය යොදා ගන්නේ කොහොමද? ඒ වගේම රනිල්ගෙන් ප්‍රශ්න අහන්න තරුණ තරුණියන් තෝරා ගැනීමේ වගකීම පවරා තිබෙන්නේ රාජ්‍ය නිලධාරීන්ට. තරුණ සේවා සභාව ගොඩනඟා තිබෙන්නේ රනිල්ගේ දේශපාලන ප්‍රොජට් කරන්නද?

ඒ වගේම මේ වර්ෂය වෙනුවෙන් අයවැයෙන් තරුණයන්ට අලුතින් වෙන්කළේ රුපියල් මිලියන 1000යි. ඒ අනුව එක් තරුණයෙක් වෙනුවෙන් දිනකට වෙන්වෙන්නේ රුපියල් 212යි. අපි කියන්නේ ඉදිරි මාස 06 තුළ “රනිල්, ඔයා දේශපාලනය කරන්න. ඒ වෙනුවෙන් ජාතික තරුණ සේවා සභාවත් එයට වෙන්කර තිබෙන මුදල් ප්‍රමාණයත් වැය කරමින් මේ කරන දේශපාලනය කැතයි.” කියන එකයි. එය අපේ රාජ්‍ය දේපළ අවභාවිතා කිරීමක්. මේ සම්බන්ධයෙන් යම් නීතිමය පියවර ගත හැකිදැයි අපි සොයා බලනවා.

මේ කරන තුට්ටු දෙකේ දේශපාලනය අනුමත කරනවාද කියලා ස්මාර්ට් දේශපාලනයක් ගැන කථා කරන හැමදෙනාගෙන්ම අපි අහනවා.

රනිල් වික්‍රමසිංහ ජනාධිපති කුලියාපිටියේ පවත්වන ලද තරුණ රැලිය එක්සත් ජාතික පක්ෂයේ වැඩක්. ඒ වෙනුවෙනුත් තරුණ සේවා සභාව පාවිච්චි කර, නැටුම් කණ්ඩායම් හයක්, වෑන් හතරක් කැබ් රථයක් යොදාගෙන තිබෙනවා. ඒ ගිය වාහනවල අංක පවා අප සතුව තිබෙනවා.

‘ස්මාර්ට් තාරුණ්‍යය’ කියලා හැඳින්වූවත් මේ දක්වා පැමිණි කැත, මජර දේශපාලනය තවදුරටත් ඉදිරියට ගෙනයමින් සිටිනවා. තරුණ තරුණියන් ඇතුළු විශාල පිරිසක් 2022 නැගී සිටියේ මේ මජර දේශපාලනය අවසන් කරන්න; නාස්තිය නතර කරන්න.

අපේ රටේ තරුණයන් වෙනුවෙන් පවතින දේපළ යොදා ගනිමින් ගෙනයන ක්‍රියාමාර්ග වහාම නතර කරන ලෙස ජනාධිපති සහ අනෙකුත් සියලුම වගකිව යුතු දේශපාලනඥයන්ටත් නිලධාරීන්ටත් අපි අවධාරණය කරනවා.

පසුගිය කාලයේ මහින්දලා වෙනුවෙන් කඩේ ගිය නිලධාරීන්ට අවසානයේ උසාවිවල සහ බන්ධනාගාරවල ගත කරන්න සිදුවුණා. එවැනි අනීතික ක්‍රියාමාර්ග අනුගමනය නොකරන ලෙස මේ නිලධාරීන්ගෙන් අපි ඉතාමත් ඕනෑකමින් ඉල්ලා සිටිනවා.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

වෛද්‍ය උපාධියේ ප්‍රමිතිය බාල්දු කර MBBS විකුණන්න යන කොතලාවල අපරාධය කරන්න එපා… වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව රජයට අනතුරු අඟවයි…

Next Post

චන්ද්‍රිකාගේ මළ පෙරේතකම ගැන දයාසිරි කියපු කතාව…

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.