පකිස්තානයේ හිටපු අගමැති සහ පකිස්තාන ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් පක්ෂයේ ප්‍රධානී ඉම්රාන් ඛාන් විසින් ඔහුගේ පාලන සමයේදී එරට ආරක්ෂ හමුදා විසින් මාධ්‍යවේදීන් පැහැරගෙන ගිය බවට ආන්දොලනාත්මක ප්‍රකාශයක් නිකුත් කර ඇත.
හිටපු අග්‍රමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තෙ, එක්සත් ජනපද ප්රවෘත්ති නාලිකාවක් වන එම්.එස්.එන්.බී.සී නාලිකාවේ සම්මුඛ සාකච්ඡාවකට එක් වූ අවස්ථාවේදීය. එහිදී ඔහු ප්‍රකාශ කර සිටියේ, පාකිස්තානය ත්රස්තවාදයට එරෙහි සටන් අවසානයට පැමිණ ඇති බවයි.
මෙලෙස ත්රස්තවාදයට එරෙහි සටන් වලදී මාධ්‍යෙවේදීන්ගේ ඕනෑම විවේචනයකට හමුදාවන් ඉතා සුපරික්ෂාකාරී වන බවත්ය. ඒ අනුව මාධ්‍යෙවේදීන් කිහිප දෙනෙකු රැගෙන යාම සම්බන්ධයෙන් හමුදාවන් වගකිව යුතු බවද හෙතෙම ප්‍රකාශ කර ඇත.
වර්තමානයේ පාකිස්තානයේ පවතින මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් සහ තම පාලන සමය සන්සන්දය කළ හිටපු අග්‍රමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ, තම පාලන සමයේදී කිසිඳු ප්රවෘත්ති නාලිකාවක් වසා දැමීමක් නොකළ බවත් කිසිඳු මාධ්‍යවේදියකෙු රට හැර නොගිය බවයි.
මේ අතර තම කාලයෙදී රැගෙන ගිය එකම මාධ්‍යවේදියා මතියුල්ලා ජාන් බවත්, සිද්ධිය ගැන දැනගත් පසුව වහාම ඔහුව මුදා ගැනීමට තමන් ක්‍රියා කළ බවද හිටපු අග්‍රමාත්‍ය ඛාන් සඳහන් කර තිබිණි.
මාධ්‍ය තුල තම නම පවා සඳහන් කළ නොහැකි තත්ත්වයකට පත්ව ඇති බවත් ප්රවෘත්ති නාලිකා වල විකාශණ කටයුතු වලට රජයෙන් දැඩි බලපෑම් එල්ල වන බවදට ඛාන් චෝදනා කළේය.
කෙසේවෙතත් ඉම්රාන් ඛාන් පාලන බලයේ සිටියදී ඔහුගේ විරුද්ධවාදීන්ගේ නම් සඳහන් කිරීම සම්බන්ධයෙන් යම් යම් සිමා පනවා තිබූ බවටද චෝදනා එල්ල වූ අතර තම ප්‍රතිරූපය වර්ධනය කර ගැනීමට ඔහු වැඩි වෙහෙසක් දැක්වූ බවටද චෝදනා එල්ල බි තිබිණි.







