සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ණය ගන්න පෙර මහබැංකුව නිර්දේශපාලනීකරණය කර මුදල් මුද්‍රණය නවත්වන්න… IMF කියයි!

by editor
සැප්තැම්බර් 2, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

බීබීසී – 

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බූදයට විසඳුමක් ලෙස ලබාදීමට එකඟ වී ඇති බිලියන 2.9ක ණය මුදල ලබාදීමට පෙර මහබැංකුව නිර්දේශපාලනිකරණය කර ස්වාධීනත්වය ස්ථාපිත කරන ලෙසත් රටේ උද්ධමනයට හේතු වූ මුදල් මුද්‍රණය නතර කිරීමට හැකි නව මහ බැංකු පනත ක්‍රියාත්මක කරන ලෙසත් ඉල්ලයි.

“ශ්‍රී ලංකාවේ මිල ස්ථායිතාව යථා තත්ත්වයට පත් කිරීම සඳහා නව මහ බැංකු පනත හැකිතාක් ඉක්මනින් ක්‍රියාත්මක කිරීම ඉතා වැදගත්,” ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායමේ ප්‍රධානී පීටර් බෲවර් බීබීසීය සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී පැවසීය.

“මේ මොහොතේ ශ්‍රී ලංකාවේ ඉතා ඉහළ උද්ධමනයක් පවතිනවා. එක් අතකින් සිදුවෙලා තියෙන්නේ විශාල වශයෙන් රුපියල අවප්‍රමාණය වීමේ ප්‍රතිඵලයක් විදිහට. නමුත් රජයට ආදායම් නොමැති විට කවුරුවත් රජයට ණය නොදෙන තත්ත්වයක් මත රජයට මුදල් සැපයීම සඳහා මහ බැංකුවේ මුදල් මුද්‍රණය කිරීම උද්ධමනය වැඩිවීමට තවත් ප්‍රධාන හේතුවක්.”

“මහ බැංකුවේ ස්වාධීනත්වය යථා තත්ත්වයට පත් කිරීම සහ අනවශ්‍ය මුදල් මුද්‍රණය නොවීමට වගබලා ගැනීම සඳහා මෙම නව පනත ඉතා වැදගත් වෙයි.”

“මොකද මූලික වශයෙන් උද්ධමනය කියන්නේ දුප්පත් සහ අවදානමට ලක්විය හැකි සෑම කෙනෙකුටම පනවනු ලබන බද්දක්. එයට මුහුණ දීමට ඔවුන්ට අවශ්‍ය හැකියාවන් නැහැ . ඒ නිසා මහ බැංකුවේ නිසි ස්වාධීනත්වය සහතික කරන මේ මහ බැංකු පනත ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික ස්ථාවරත්වය ප්‍රතිෂ්ඨාපනය කිරීමේ වැදගත් අංගයක් වෙයි කියලා අපි අපේක්ෂා කරනවා.”

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ශ්‍රී ලංකාවට මෙම ණය මුදලේ පළමු වාරිකය ලැබීමට කොපමණ කාලයක් ගතවේද යන්න ගැන නැඟූ පැනයට ඔහු පැවසුවේ මාණ්ඩලික මට්ටමේ එකඟතාව සහ වැඩසටහන ක්‍රියාවට නැඟීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයට යෝජනා කිරීම යන කාරණය අතර තවත් කාරණා ගණනාවක් සිදු විය යුතු බවයි.

“දැනටමත් ආරම්භ කර ඇති ආර්ථික ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යාම සඳහා බලධාරීන් සමඟ එකඟ වූ පූර්ව ක්‍රියාමාර්ග ගණනාවක් තියෙනවා. උදාහරණයක් ලෙස, 2023 අයවැය අප සමඟ එකඟ වී ඇති සාර්ව ආර්ථික රාමුවට සහ වැඩසටහනට අනුකූල වන ආකාරයට ඉදිරිපත් කිරීම. බලධාරීන් විසින් ගනු ලැබිය යුතු මෙවැනි ක්‍රියාමාර්ග ගණනාවක් තිබෙනවා.”

“ඒ අතරම අනෙක් කාරණය, ශ්‍රී ලංකාව ණය තිරසාරභාවය ප්‍රතිෂ්ඨාපනය කිරීමේ මාවතක ගමන් කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඒත්තු ගැන්වීම සඳහා අවශ්‍ය වන ශ්‍රී ලංකාවේ ණය හිමියන්ගේ සහතිකය, මූල්‍ය සහතිකය ලෙස අපි හඳුන්වන එම සහතිකය ලබාදීම,” ඔහු පැවසීය.

“මෙම මූල්‍ය සහතික කිරීම් ශ්‍රී ලංකාව සහ එහි ණය හිමියන් අතර ඇති කර ගන්නා එකඟතාවයක ප්‍රතිඵලයක් වනු ඇත. මෙම ක්‍රියාවලියට කොයිතරම් කාලයක් ගතවේදැයි අපි දන්නේ නෑ. මෙම ක්‍රියාවලියේ කාලය අවම කිරීම සඳහා සහයෝගයෙන් සහ විනිවිදභාවයෙන් වැඩ කිරීමට අපි සියලු දෙනා දිරිමත් කරනවා.”

“එවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන හැකි ඉක්මනින් ආරම්භ කිරීමටත්, ආර්ථික ප්‍රතිසංස්කරණ පැකේජය ඉදිරියට ගෙන යාමටත් හැකි වන අතර, ඇත්ත වශයෙන්ම එය ශ්‍රී ලංකාවට ණය ආපසු ගෙවීමේ හැකියාව නැවත ලබා ගැනීමට උපකාරී වනු ඇත. එය ණයහිමියන්ගේත් අවශ්‍යතාවයයි.”

මේ අතර ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පැවසුවේ චීනය හෝ යම් ණය හිමියෙකු ණය ප්‍රතිව්‍යුහගත කිරීමට එකඟ නොවුනහොත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය සහන වැඩපිළිවෙල තවදුරටත් ක්‍රියාත්මක කළ නොහැකි බවයි.

ඕනෑම ණය ප්‍රතිව්‍යුහගත කිරිමක් මඟින් බලාපොරොත්තු වන්නේ දේශීය ආර්ථිකය ස්ථාවර මට්ටමකට පවත්වා ගැනීම මිස දේශීය ආර්ථිකයට හානියක් ඇති කිරීම නොවන බව පීටර් බෲවර් පැවසුවේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල දේශීය රුපියල් ණය ද ප්‍රතිව්‍යුහගත කිරීමට රජයට නිර්දේශ කරන්නේ දැයි බීබීසීය ඇසු පැනයට පිළිතුරු වශයෙනි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රට බංකොළොත් කළේ නන්දලාල් – සබ්‍රි දෙන්නලු…. මොනව ද මේ කතා? – ආචාර්ය හර්ෂ අසයි!

Next Post

 සඳුදා මධ්‍යම රාත‍්‍රියේ සිට යළිත් ගෑස් මිල අඩුවෙයි! –  මිල සූත්‍රය ක්‍රියාත්මකයි….

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.