ඇමති අලි සබ්‍රි සහ මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ එක් වී රට බංකොලොත් කළ බව කියන බවත් මේ වටකර ගැසීමේ අරමුණ තමන්ට නොවැටහෙන බවත් සජබ මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා අද (2) පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.
ආචාර්ය හර්ෂ ද සිල්වා මේ ප්‍රකාශය කළ පසු ඇමති අලි සබ්‍රි විසින් අද දීර්ඝ ප්‍රකාශක් කරමින් රටේ ණය වාරික මගහැරීම සම්බන්ධව මුදල් ඇමතිවරයා ලෙස තමන් ගත් තීරණය පිළිබඳ පූර්ණ වගකීම තමන් දරන බවත් මහැබැංකු අධිපතිවරයා දඩයම් කරන්නේ නම් ඊට පෙර තමන් ඉලක්ක කරගන්නා ලෙසත් කීවේය.
ආචාර්ය හර්ෂ ද සිල්වා මෙසේත් පැවසීය.
“මේ ව්‍යාපාරයක් කරගෙන යනවා ඔක්කොමලා එකතුවෙලා රට බංකොලොත් කරන්න සබ්රියි නන්දලාල් වීරසිංහයි එකතුවෙලා වැඩක් කළා කියලා. මොකක්ද මේ කතාව“
අනිත් එක ගරු කථානායක තුමනි අපේ විපක්ෂනායක තුමා අප්‍රේල් මාසයේ පොයින්ට්ස් 9ක් ඉදිරිපත් කළා. එතුමා කිව්වේ මොකක්ද එතුමා කිව්වේ අර ණය හිමියන් සමඟ සාකච්ඡා කරන්න පටන් අරන් අපිට මේ ණය අත්හිටුවන්න කැමැත්ත ගන්න කියලා. ඒ කැමැත්ත ඉල්ලගන්න සබ්රි ඇමතිතුමාට වෙලාවක් තිබුණේ නෑ. මොකද ඒ කැමැත්ත ඉල්ලන්න එදා හිටපු නිවාඩ් කබ්රාල්ලා එතුමාට හෝ වෙන කාටවත් අවස්ථාවක් දුන්නේ නෑ “
“ගරු කථානායකතුමනි. දැන් මේක පුදුම කතාවක්. ඒ මනුස්සයා මොනවා කරන්න ද ? නන්දලාල් වීරසිංහ මොනවා කරන්න ද ? නන්දලාල් හිටියෙත් නෑ, ඒ නිසා අපි තාමත් මේ ප්‍රශ්නය තේරුම් ගන්නේ නැතුව එකිනෙකාට බෝම්බ ගහන්න උත්සාහ කරනවා නම් මේ ප්‍රශ්නයෙන් එළියට එන්න බෑ.”
මහ බැංකුවේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් ඊයේ (01) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ වූ අදහස් සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි අද පාර්ලිමේන්තුවේ දී අනතුරුව දීර්ග අදහස් දැක්වීමක් සිදු කරමින් කියා සිටියේ සිටියේ, තමා මුදල් අමාත්‍යවරයා ලෙස සිටි සමයේ ගත් සියලු තීන්දු තීරණවල වගකීම භාර ගැනීමට තමන් සූදානම් බවය.
මහ බැංකුවේ උපදෙස් මත රට ණය ගෙවීම් නවතා දමන බවට සිදු කළ ප්‍රකාශය පිළිබඳව පාර්ලිමේන්තුව දැනුවත් නො කිරීම හෝ එම ක්‍රියාමාර්ග හරහා යම් අගතියක් සිදු වී යැයි මෙම සභාවේ සිටින කිසියම් හෝ කෙනෙකුට සිතේ නම්, එම සියලු තීන්දු තීරණ පිළිබඳ සමස්ත වගකීම තමා ගන්නා බවත් ඇමතිවරයා පැවසුවේය.
අලි සබ්‍රි ඇමතිවරයා මෙසේ පැවසුවේය.
“සල්ලි නෑ ගෙවන්න, ඩොලර් මිලියන 203ක් ගෙවන්න තියනවා. භාණ්ඩාගාරයේ තිබ්බෙ අමෙරිකානු ඩොලර් තිස් හත් දාහයි. එතකොට ඒවා ගෙවනව ද ණය ගෙවනව ද? මට හිතා ගන්න බෑ! මම ඒ වගකීම බාර ගත්තා. මම ඒ තීරණය අවශ්‍ය අයත් එක්ක සාකච්ඡා කළා. මට ඒ තීරණය ගන්න මහ බැංකු අධිපතිතුමා අවශ්‍ය උපදෙස් දුන්නා.“
“නමුත් කාට හරි ඔහුව ඉවත් කරන්න ඕන නම්, මම පැත්තකට යන්නම්, එතුමාව තියා ගන්න. ඔහු ගත්ත තීරණවලින් අද ජනතාවට ප්‍රතිලාභ ලැබෙනවා. බොරුවට මිනිස්සු පස්සෙ යන්න එපා. මේ වගේ නිර්භීත තීරණ ගන්න මිනිස්සු තියාගන්න ඕන.” පැවසුවේය.
මේ ප්‍රකාශයට පදනම් වන්නේ රට බංකොලෝත බව ප්‍රකාශ කිරීමට පෙර පාර්ලිමේන්තුවට දැනුම් නොදීම පිළිබඳව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල ඇසූ ප්‍රශ්නයට එජාප පත්කළ මන්ත්‍රී වජිර අබේවර්ධන කළ ප්‍රකාශයක් පදනම් කරගනිමිනි.
ඔහු කියා සිටියේ, මෙම ක්‍රියාවලියට ශ්‍රී ලංකා මහ බැංකුවේ සහ මුදල් අමාත්‍යංශයේ නිලධාරින් පිරිසක් සෘජුව වගකිව යුතු බවයි.







