දිනසේන රතුගමගේ –
මේ වනවිට මන්නාරමේ මුහුදට ප්ලාස්ටික් විශාල ප්‍රමාණයක් ගොඩ ගසන්නට පටන් ගෙන තිබේ.
මීට දින කීපයකට ඉහතදී 1500 කට අධික ඩොල්ෆින් මසුන් රංචුවක් පැමිණීමෙන් අලංකාර වූ මන්නාරම මුහුදු තීරය මේ වන විට ප්ලාස්ටික් වලින් පිරෙන්නට පටන් ගෙන ඇත.

මන්නාරම මුහුදු තීරයට පැමිණි ඩොල්ෆින් මසුන් රංචුව මේ වන විට ඉන්දියාවේ චෙන්නායී මුහුදු තීරයේ පිණුම් ගසමින් සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කොට තිබුණි.
ඒ අතරවාරයේ කිසියම් රටක සිට කුඩා ප්ලාස්ටික් බෝල එක් ස්ථානයකට ලක්ෂයක් පමණ ගොඩ ගසා මුලු මන්නාරම් මුහුදු වෙරල තීරයම අපිරිසිදු වී ඇති බව මන්නාරමේ ධීවරයෝ කියා සිටිති.
මෙම ප්ලාස්ටික් ඉතා කුඩා බෝල වශයෙන් පවතින බැවින් ඒවා වෙරල තීරයෙන් ඉවත් කිරීම ඉතා අපහසු කාර්යයක් බවද ඔවුන් සදහන් කරයි.









