බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම ගැන දැන් ආණ්ඩුවෙ උනන්දුවක නෑ… සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය කියයි!

by editor
නොවැම්බර් 19, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

අසේල කුරුළුවංශ –

බලයට ඒමට පෙර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ කතා කළත් ඒ සම්බන්ධයෙන් මේ වනවිට ආණ්ඩුව තුළ ඒ සඳහා පැහැදිලි උනන්දුවක් දක්නට නොලැබෙන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය රමේෂ් රාමසාමි   පවසයි.

අරගලය සමයේ දී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒම සහ විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීම සම්බන්ධව බරපතළ සමාජ කතිකාවක් නිර්මාණය වූ බවත් මේ වනවිට එම කතිකාව යටපත් වෙමින් තිබෙන ස්වභාවක් දක්නට ලැබෙන බවත් ඔහු කීය.

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ මෙහෙයවීමෙන් යහපත් ආණ්ඩුකරණයක් සඳහා සිවිල් සමාජයේ දායකත්වය මැයෙන් මහනුවර පුෂ්පදාන ශාලාවේදී පැවැති ජනහමුවේදී රමේෂ් රාමසාමි   මේ බව අනාවරණය කළේය.

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරූ ජයසූරියගේ ප්‍රධානත්වයෙන් පැවැති ජනහමුවේ දී ආචාර්ය රමේෂ් රාමසාමි   මෙසේද පැවසුවේය.

“රට අපේක්ෂා කළ දේශපාලන ප්‍රතිසංස්කරණ සිදු කිරීමට හොඳම අවස්ථාව තිබෙන්නේ වත්මන් ආණ්ඩුවටයි. විධායක ජනපති බලතලත් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයත් තිබියදී ආණ්ඩුව ඒ සඳහා කටයුතු නොකරන්නේ නම් සිවිල් සමාජය ලෙස අප ඒ සඳහා ආණ්ඩුවට බලපෑම් කළ යුතුයි. මේ රටේ මතුව තිබෙන ප්‍රශ්න බොහෝමයකට හේතුව තනි පුද්ගලයෙකු සතුව බලය පැවතීමයි. ඒ නිසා විධායක ජනපති ක්‍රමය අහෝසි කර නැවත පාර්ලිමේන්තු ක්‍රමයට අප යායුතුයි.”

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

“රටට අවශ්‍යය දේශපාලන හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සඳහා ආණ්ඩුවට බලපෑම් කරන්න ඕන. ලංකාවේ ස්වාධීන කොමිෂන් සභා ගණනාවක් තිබෙනවා. ඒවාහි ව්‍යුහය අධ්‍යයනය කිරීමේදී ඒවාට මතුපිටින් පෙනෙන තරම් බලතල ඒවාට නැහැ. මැතිවරණ කොමිෂන් සභාවට නිදහසේ තමන්ගේ මූල්‍ය බලය පාවිච්චි කරන්න හැකියාවක් නැහැ. පරිසර පනත අනුව අමාත්‍යාංශයට පුළුවන් පරිසර විනාශයක් කරන පුද්ගලයෙකුට කෙලින්ම නඩු පවරන්න. ඒ අයිතිය මැතිවරණ කොමිෂන් සභාවට නැහැ. මැතිවරණ නීති උල්ලංඝනයක් සිදුවන අවස්ථාවක ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම සඳහා පොලීසිය යොමු කිරීම පමණයි කරන්න පුළුවන්.එහිදී ඍජුව මැදිහත් වෙලා නීතිය ක්‍රියාත්මක කරන්න කොමිසමට බැහැ. ඒ නිසා මේ කොමිෂන් සභා තව දුරටත් ශක්තිමත් කරන්න සිවිල් සංවිධාන බලපෑම් කළ යුතුයි.”

“තොරතුරු දැන ගැනීමේ පනත 2016 සිට අපේ රටේ ක්‍රියාත්මකයි. ලෝකයේ දියුණු රටවල් දෙස බලන විට ශක්තිමත් තොරතුරු දැන ගැනීමේ පනතක් තිබෙන රට වල වංචාව හා දූෂණය සීඝ්‍රයෙන් අඩුවී තිබෙනවා. නමුත් ලංකාවේ එහෙම තත්ත්වයක් පෙනෙන්න නැහැ. මේ පනත ක්‍රියාත්මකවීම ආරම්භ වූ 2016 සිට ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ආයතනය ඉදිරිපත් කරන වාර්තා බලද්දි 2024 වනවිටත් අපේ රටේ දූෂණයේ කිසිම වෙනසක් වූ බවක් පේන්න නැහැ.

වංචාව දූෂණය ඉහළින්ම ඇති රටවල් වර්ගීකරණය කිරීමේ දී ශ්‍රී ලංකාව තාමත් තිබෙන්නේ 121 වැනි ස්ථානයේ. පනත සමඟ නීති රීති ආවත් දූෂණය නැති කරන්න පුළුවන්ද කියලා අපි කල්පනා කර බැලිය යුතුයි. තාමත් මහ පාරිමාණ වංචා දූෂණ අඩුවී නොමැති බව පැහැදිලියි. දූෂණය නැති රටක් බවට ලංකාව පත් කරන්න නම් ආකල්පමය වෙනසක් සිදුවිය යුතුයි. දූෂණය රටේ සංස්කෘතියක් බවට පත්ව තිබෙනවා. 1978 න් පසු එහි වර්ධනයක් ඇති වුණා.

පළාත් පාලන ආයතන වල 25 % ක කාන්තා නියෝජනයක් තිබුණත් අපේ පාර්ලිමේන්තුව හා පළාත් සභා තුළ එවැනි කාන්තා නියෝජනයක් සඳහා අවස්ථාව නැහැ. ඒ නිසා 25 % ක කාන්තා නියෝජනය පාර්ලිමේන්තුව හා පළාත් සභා තුළත් තහවුරු කරන්න අවශ්‍යය බලපෑම කළ යුතුයි.

බලය බෙදීම සම්බන්ධයෙන් පැහැදිලි වැඩසටහනක් නැහැ. අලුත් ව්‍යවස්ථාවක් හදනවා නම් බලය බෙදීම සිදුවිය යුත්තේ මොන විදිහටද කියන කාරණය විවෘතව සාකච්ඡා කළ යුුතුයි. පළාත් පාලන ආයතන සඳහා භාණ්ඩාගාරයෙන් ලබාදෙන මුදල් ප්‍රතිපාදන ක්‍රමානුකූලව කප්පාදු කරමින් තිබෙනවා. මේ ආකාරයෙන් ගොස් 2028 දී පළාත් පාලන ආයතන සම්පූර්ණයෙන්ම තමන්ගේ වියදමින් නඩත්තු වෙන තත්ත්වයට පත්විය යුතුව තිබෙනවා. මූල්‍ය බලතල නැතුව පළාත් පාලන ආයතන කොහොමද ක්‍රියාත්මක කරන්නේ. ඒ නිසා පැහැදිලි ලෙස බලය බෙදීම අවශ්‍යයයි.

මෙහි දී තල්පොත ධම්මජෝති,පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මුතුකෙලියාවේ ඉන්ද්‍රරතන යන හිමිවරුද මහාචාර්ය රොහාන් සමරජීව, සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් සුනිල් ජයසේකර, මහනුවර අන්තර් ආගමික කමිටුවේ කැඳවුම්කරු ගාමිණි ජයවීර   ඇතුළු පිරිසක්ද කතා කළහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඩොල්ෆින් ඇවිත් ලස්සන වුන මන්නාරම මුහුදු වෙරළට ප්ලාස්ටීක් ගොඩ ගසයි…

Next Post

පාර්ලිමේන්තුව තුළ දයාසිරිගේ හැසිරීම ගැන විමර්ශනයක් කරන්න කථානායකවරයා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරයි!

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.