සමස්ථ ලංකා ඩෙංගු මර්ධන සහායකයින්ගේ සංගමය අද (20) සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට සිදුකිරීමට නියමිත උද්ඝෝෂණයට එරෙහිව මරදාන පොලිසිය විසින් කළ ඉල්ලීමක් අනුව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.
ඒ අනුව සමස්ථ ලංකා ඩෙංගු මර්ධන සහායකයින්ගේ සංගමයේ 13 දෙනෙකුට හා ඔවුන් සමග උද්ඝෝෂණයට සහභාගීවන සියලුම දෙනාට සෞඛ්‍ය අමාත්‍යාංශය පිහිටි ප්‍රදේශය තහනම් කලාපයක් බවට ප්‍රකාශ කරමින් එම අධිකරණ නියෝගය නිකුත් කර ඇත.
එම නියෝගය අනුව 2023.07.21 දින උදේ 8.30 සිට 2023.07.21 දින උදේ 8.30 දක්වා කොළඹ ජාතික රෝහල, කොළඹ ඇස් රෝහල, හෘද රෝහල, මරදාන ප්‍රධාන රෝහල් පරිශ්‍රය, සෞඛ්‍ය අමාත්‍යාංශය අවට මාර්ග පද්ධතිය හා පදික වේදිකා අවහිර වන සේ උද්ඝෝෂණ පෙළපාලි අධිකරණයෙන් තහනම් කර තිබේ.
ඒ ආඥාව කඩ කරන්නන් දණ්ඩ නීති සංග්‍රහය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් කරන බව එම ආඥාවෙන් දැනුම් දී ඇත.







