ශ්‍රියානි විජේසිංහ –
අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටීම සඳහා සුදුසුකම් ලබන පැමිණීමේ ප්‍රතිශතය මේ වසර තුළ පමණක් සියයට 40 දක්වා අඩුකිරීමට අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත තීරණය කර ඇත.
සියයට 80ක් ලෙස ප්‍රකාශයට පත් කළ මෙම ප්‍රතිශතය මේ වසර තුළ පමණක් මෙසේ හරි අඩකින් අඩුකිරිමට පියවර ගත් බව ඇමතිවරයා සඳහන් කරයි.
බහුතරයක් සිසුන් මේ වන විට පැමිණිමේ ප්‍රතිශතය සියයට 80 සීමාවට සම්පූර්ණ කර නොමැති බව ට පාසල් බොහෝමයකින් වාර්තා වී ඇති බැවින් සිසුන්ට අසාධාරණයක් නොවීමට ඇමතිවරයා මෙම තීරණය ගත් බව අධ්‍යාපන අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු පැවසුවේය.







