ඩෑන් ප්‍රියසාද් වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධය ස සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි විමර්ශන අංශ පවසයි.
පොලිසිය සැක කරන්නේ මේ අපරාධය සංවිධානාත්මක පාතාල අපරාධකරුවෙක් වූ කංජිපානි ඉම්රාන්ගේ කණ්ඩායමට සම්බන්ධ මත් කුඩු ජාලය විසින් සිදුකර ඇති බවය. පහුගිය වකාවානුවේ ඩෑන් ප්‍රියසාද් ප්‍රබල මත්කුඩු ජාවාරම් කරුවන් කණ්ඩායමකට එරෙහිව උද්ඝෝෂණයක් දියත් කර ඇත්තේ මත්කුඩු ජාලයේ වෙනත් කණ්ඩායමක අවශ්‍යතාවය මතද යන්න සම්බන්ධව ගැටලුවක් පැන නැගී ඇති බවත් මෙම උද්ඝෝෂණයෙන් පසු ඩුබායි බලා පිටත්ව ගිය ඔහු යළි පැමිණ වෙනදා මෙන් සමාජයට මුහුවන ආකාරය නිරීක්ෂණය නොවෙන බවත් විමර්ශන අංශවලට පෙනී ගොස් ඇත.
ඝාතනය සිදුවන්නේ ඔහුගේ නිවස තුළ මිතුරු සාදයක් පැවැත්වීමට සැලසුම් කර තිබිය දී බව අනාවරණය වී ඇත. මේ සාදයට සූදානම් වෙමින් සිටියදී යතුරුපැදියකින් පැමිණි ඝාතකයින් දෙදෙනෙක් වැල්ම්පිටිය ලක්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණයේ හය වැනි මහලේ පිහිටි ඩෑන් ප්‍රියසාද්ගේ නිවසට ඇතුළු වී පිස්තෝලයකින් වෙඩි තබා පලා ගොස් තිබිණි. සාදයක් අතරතුර මෙම වෙඩි තැබීම සිදුව ඇති බවට පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
වෙඩි ප්‍රහාර දෙකක් ඔහුගේ උරහිසට සහ තවත් ප්‍රහාර දෙකක් ඔහුගේ පපු ප්‍රදේශයටත් එල්ල වී අතිශය අසාධ්‍ය තත්ත්වයෙන් ජාතික රෝහලට ඇතුළත් කළ ඩෑන් ප්‍රියසාද් අද අළුයම මිය ගියේය.
මේ වනවිට අපරාධය විමර්ශනය කිරීම සඳහා පොලිස් කණ්ඩායම් 06ක් යොදවා ඇති බව වාර්තා වේ.







