බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඩයනාගේ   සීඅයිඩී යේ හුරතලය…

by editor
මැයි 21, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ජානක ලියනආරච්චි

අද (21)  අධිකරණයට ඉදිරිපත් වු හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ ඇප මත නිදහස්  වූවාය.

ඇයව ඇප මත මුදාහරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.   අධිකරණ තීන්දු ලැබෙන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට ඉදිරිපත්වන වාර්තා මතය.

ශ්‍රී ලංකා පුරවැසි භාවය නොමැතිව අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර ඩයනා ගමගේ විසින්  රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන්  ඇය සැක කාරියක ලෙස නම් කර ඇයට එරෙහිව මෙම විමර්ශනය ආරම්භ වන්නේ ඇය විජාතික කාන්තාවක් බවත් ඇය ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර  රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රයක් ලබාගෙන ඇති බවත් තහවුරු කර ලබා දුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් අනතුරුව ඇයගේ පාර්ලිමේන්තු සාමාජිකත්වය ද අහෝසි වීමෙන් පසුය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇය සැකකාරියක ලෙස නම් කරන්නේ  ඊයේ (20) දිනයේ ය. ඒ ඇයගේ විජාතික භාවය සම්බන්ධව තහවුරු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දුවක් නිකුත් කිරීමෙනුත් සති තුනකට පසුවය.

ඇය සැක කාරියක ලෙස නම් කරන්නට පෙර සීඅයිඩි ය ඇයව සැකකාරියක ලෙස නම් කරන්නදැයි අධිකරණයෙන් අසන්නේය.      ඉදිරිපත් වූ කරුණු විශ්ලේෂණය කිරීමේදී ඩයනාගමගේ   සැකකාරියක් වශයෙන් නම් කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් වී ඇති බව සීඅයිඩි ය අධිකරණයට කියන්නේ ඊයේ දිනයේය.  ඒ අනුව ඇය සැකකාරියක් වශයෙන් නම් කිරීමට අවසර දෙන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින්  අධිකරණයෙන් ඉල්ලන්නේය.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

අපරාධකරුවෙකුට අපරාධ චෝදනාා ඇතිනම් ඒ මිනිහා හෝ ගැහැනිය සැකකරුවෙක් ලෙස නම් කරන්නට  අධිකරණයේ නියමක් අවශ්‍ය වන්නේ නැත.  අධිකරණය සීඅයිඩිය ට  කියන්නේ කරුණු තිබේනම් ඩයනා ගමගේ  සැකකාරියක් වශයෙන් නම් කළ යුතු බවය.   ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර  සිටියේ නීතියට අනුව කටයුතු කරමින් අවශ්‍ය පියවර ගෙන අධිකරණයට කරුණු වාර්තා කරන  ලෙසය.   අධිකරණය  විසින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ඩයනා ගමගේ සම්බන්ධව නීතියට අනුව කටයුතු කරන ලෙසට ලබා දුන් දෙවැනි නියෝගය මෙයය.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සහ විත්තිකාර ඩයනගේ පාර්ශවය ඉදිරිපත් කර තිබූ කරුණු සලකා බලා   සැකකාරිය රුපියල් ලක්ෂ පහක මුදල් ඇප සහ රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට   මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

එමෙන්ම  අගතියට පත් පාර්ශවයේ නීතිඥවරුන්ට අගතියක්වන ආකාරයේ අනවශ්‍ය ප්‍රකාශ සිදුකිරීමෙන් වළකින ලෙසත් සැකකාරියට අධිකරණය නියෝග කර තිබිණි.

අද  ඩයනා ගේ මෝසම කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයේ පෙනී සිටියේ නැත.

අපේ සීඅයිඩි ය මේ තරම් සුරතල් බව අප දැනගෙන හිටියේ නැත. ඒ දැනුම ඉදිරියට අපට ලැබිය හැකි ආතල් එකේ තරම පිළිබඳව ඉඟි කර තිබේ. මක්නිසාද යත් සිඅයිඩි යත් හුරතල් වෙමින් ඇත්තේ පාස්පෝට් එකක් සම්බන්ධ ගනුදෙනුවකට නොව රටක් අන්දවා රටේ ව්‍යවස්ථාව බල්ලට දමා ආණ්ඩුව සහ ඩයනා ගමගේ නම් විජාතික කාන්තාව  කළ බිහිසුණු වංචාවක් සම්බන්ධ අපරාධයක් ගැනය.

මේ බිහිසුනුකමේ සංක්ෂිප්තය මෙසේය.

අපේ සංචාරක ඇමතිකම කරන්නේ පුරවැසි භාවය තබා රටේ ජීවත්වීමට වලංගු වීසා බලපත්‍රයක්වත් නැතිව රට තුළ නීති විරෝධීව රැඳී සිටිනා සංචාරක කාන්තාවක් බව පාර්ලිමේන්තු මහලේකම්වරයා දැනගෙන සිටියේය. කතානායකවරයා දැනගෙන සිටියේය. ඇයට රාජ්‍ය ඇමතිකමක් දී සංචාරක රාජ්‍ය අමාත්‍යාංශය භාර දුන් ජනාධිපතිවරයා දැනගෙන සිටියේය. ව්‍යවස්ථාවේ පිහිටෙන් ජනාධිපති වී ව්‍යවස්ථාව ආරක්ෂා කරගැනීම සඳහා මරාගෙන මැරෙන්නට ටෝක් දෙන ජනාධිපති තුට්ටු දෙකේ ගෑණියක් වෙනුවෙන් ව්‍යවස්ථාවේ අගය වැසිකිලි කඩදාසියක ගානට දැම්මේය.

මේ නඩුව යනතාක් කල් නීතිපති දෙපාර්තමේන්තුව පෙනී සිටියේ ඩයනා ගමගේ වෙනුවෙනි.  අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සිටියේ ද ඩයනාගේ පැත්තේය.  සියලුම අපරාධ තොරතුරු හෙළිදරව් කරමින් පොලිසිය ගැසූ බී රිපෝට් එකේත්  ඇය සැක කාරියක ලෙස නම් කළේ නැත. එම බී රිපෝට් එක ඉදිරිපත් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් නිලධාරියා ද වහාම ක්‍රියාත්මකවන පරිදි ස්ථාන මාරුකළ බව පාර්ලිමේන්තුවේ දී කියැවිනි.

ඩයනා ගමගේ ගැන සියලුම තොරතුරු දැනගෙන ආගමන විගමන පාලකවරයා ඇයට රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රයක් නිකුත් කරන්නේ ඇය විජාතික කාන්තාවක් නිසා ඇයට ගමන් ගමන් බලපත්‍රයක් නිකුත් කළ නොහැකි බවට ආරක්ෂක ලේකම්වරයාට සහ පාර්ලිමේන්තු මහලේකම්වරයාට හිටපු ආගමන විගමන පාලකවරයා ලිඛිතව දන්වා ඇති පසුබිමකය.

රටක් බල්ලාට වැටෙනවා කියන්නේ මේ වැනි අවස්ථාවන් කරන විග්‍රහයන්ගෙන් පසුය.  මේ රටේ දේශපාලන කුපාඩිකම්වල ප්‍රමාණයේ හරස්කඩක් දැන් අප ඉදිරියේ දිස්වෙමින් ඇත. ඩයනා ගමගේ සම්බන්ධ කතාව හුදකලා එක් සිද්ධියක් නොවන බව තේරුම් ගෙන එම සිද්ධිය ගලා යන හැටි සබුද්ධිකව බලා සිටින ලෙස ඉල්ලා සිටිමු.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

CID ය සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන්ගේ සහ ඖෂධවේදීන්ගේ වත්කම් විමර්ශනයක් අරඹයි…

Next Post

වැස්ස සමග යළි ඩෙංගු අවදානමක්!

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.