බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ටෙස්ට් තරග 08යි… ලෝක වාර්තා 02යි… සමස්ත වාර්තා ගණන 07යි… ජාතියක් ඔසවා ලෝකයක් මවිත කරන ඩොන් බ්‍රැඩ්මන් කුලයේ යෞවනයා…

by editor
සැප්තැම්බර් 27, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ක්‍රිකට් පුදුමය කමිඳුදැයි සිතේ. මේ සන්සුන්  යෞවනයා ක්‍රිකට් පිටියේ වාර්තා කණපිට හරවමිනි. ක්‍රීඩා කළේ ටෙස්ට් තරග අටකි. ඉනිම 13කි. ටෙස්ට් තරගවලට 08කි තැබූ වාර්තා ගණන 07කි. ඒ අතර අවුරුදු 147ක් පැරණි ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ  තැබූ ලෝක වාර්තා දෙකකි. 

අද කමිඳු නොදැවී ලකුණු 182කි. අසහ උසට ගිය ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 602ට කඩුළු 05කි. ඒ අතර ශතක තුනකි. අර්ධ ශතකයකි. කමිඳු සමග චන්දිමාල් ලකුණු 116ක්, කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 101ක් ලබාගෙනය. ඈන්ජලෝ මැතිව්ස් ලකුණු 86කට දැවී යන්නේ ශතකය දකමිනි. මෙවැනි අසිරිමත් ඉනිමක් සහිතව සිටින ශ්‍රී ලංකාව දෙස ලෝකය බලා ඉන්නේ අංක 5 පිතිකරු වූ ටෙස්ට් බිමේ කසකාර යෞවනයා දෙස විශාල බරක් තබමිනි.

අද ශතකයත් සමග  ලෝක ටෙස්ට් ඉතිහාසයේ මුල් ඉනිමේ සිට  අඩුම ටෙස්ට් ඉනිම සංඛ්‍යාවකින් ටෙස්ට් ලකුණු 1000 ඉක්මවා ගිය සිවු වැනියා කමිඳුය. ඔහුට කලින් එවර්ටන් වීක්ස් සහ හර්බට් සට්ක්ලිෆ් ටෙස්ට් ඉනිම 12කින් ටෙස්ට් ලකුණු 1000 ඉක්මවූයේය. සම මුල් තැනට අනතුරුව තෙවැනි තැන ගත්තේ ඩොන් බ්‍රැඩ්මන්ය. බ්‍රැඩ්මන් ටෙස්ට් ලකුණු 1000 ලැබීමට ඉනිම 13ක් වැය කළේය. කමිඳු අද සම කළේ බ්‍රැඩ්මන්ගේ වාර්තාවය.

අද කමිඳු නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව ලකුණු 182කි. ඉනිම 13ක දී ඔහු  ලකුණු 1004ක් ලබා තිබිණි.  මින් පෙර ශ්‍රී ලංකාවේ වේගවත්ම  ලකුණු 1000 ඉක්මවූ  ක්‍රීඩකයින් තිදෙනෙක් සම තැන සිටියහ. එක්කෙනෙක් රෝයි ඩයස්ය. දෙවැනියා මයිකල් වැන්ඩවොට් ය.  තුනවැනියා ධනංජය ද සිල්වාය. ඔවුන් තුන් දෙනාම ලකුණු දහසක් රැස් කරීමට ඉනිම 23ක් වැය කළහ.  ඒ වාර්තා පැත්තකවත් නැත. කමිඳු ටෙස්ට් ලකුණු 1000 ඉක්මවන්නේ ඔවුන්ට වඩා ඉනිම 10ක් කලිනි.

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

තවමත් 25 හැවිරිදි වියේ පසුවන මේ සන්සුන් යෞවනයා ඊයේ ලෝක වාර්තාවක් තැබුවේය. ඒ තමන් මුහුණ දුන් මුල්ම ටෙස්ට් තරගයේ සිට අඛණ්ඩව ටෙස්ට් තරග අටකම ලකුණු 50කට වඩා රැස් කළ ක්‍රීඩකයා ලෙසය.  ඔහුට පෙර මංගල ටෙස්ට් තරගයේ සිට අඛන්ඩව ටෙස්ට් තරග 7ක දී  තරගයක අවම වශයෙන් එක් ඉනිමක දී ලකුණු 50කට වඩා රැස් කර ලෝක වාර්තාවට හිමිකම් කීවේ පකිස්ථාන ක්‍රීඩක ෂවුඩ් ෂකීල්ය.   කමිඳු ඊයේ එම වාර්තාව බින්දේය. ඔහු තරග අටක දී  අඛණ්ඩව ලකුණු 50කට වඩා වැඩිපුර ලබාගත් ලෝක ටෙස්ට් ඉතිහාසයේ මුල්ම ක්‍රීඩකයා විය.

කමිඳු මෙන්ඩිස් මේ වසරේදී තවත් වාර්තා රැසක් පිහිටුවීය

කමිඳු මේ වසරේ පිහිට වූ වාර්තා අතර  වසර 147ක් පැරණි ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රේෂ්ඨ පිතිකරුවන් කිසිවෙකු මෙතෙක් පිහිටුවා නොතිබූ වාර්තාවක් විය. මේ වසරේ මාර්තු මාසයේදී පිහිටුවන ලද එම වාර්තාව වූයේ, 7 වන හෝ ඊට පහළින් පිටියට පිවිස ටෙස්ට් තරගයක ඉනිම දෙකේදී ම ශතක රැස් කළ පළමු පිතිකරුවා ලෙසය.

1937 වසරේදී 7 වන හෝ ඊට පහළ පිතිකරුවෙකු ලෙස ටෙස්ට් තරගයකදී රැස් කර තිබූ වැඩි ම ලකුණු සංඛ්‍යාව පසු කර යාමට කමිඳු මෙන්ඩිස්ට අවශ්‍යව තිබුණේ තවත් ලකුණු 5ක් පමණි. ඔහුට  ලකුණු 5කින් අහිමි වන්නේ ඩොන් බ්‍රැඩ්මන්ගේ වාර්තාවය. 1937 වසරේදී එංගලන්තයට එරෙහිව 7 වන පිතිකරුවා ලෙස පිටියට පිවිසි ඩොනල්ඩ් බ්‍රැඩ්මන් ඉනිම දෙකේදී ලකුණු 270ක් රැස් කර තිබිණි. කමිඳු මෙන්ඩිස් ඉනිම දෙකේදී ලකුණු 266ක් රැස් කිරීමට සමත් විය.

සෙසු වාර්තා

කමිඳු මෙන්ඩිස්, ධනන්ජය ද සිල්වා සමග එක්ව තවත් වාර්තා කිහිපයකට දායක විය.

  1. ඉනිම දෙකේදී ම ශතක රැස් කළ ලොව තුන් වන පිතිකරු යුගලය (මීට පෙර 1974 වසරේදී ඔස්ට්‍රේලියාවේ ඉයන් චැපල් සහ ග්‍රෙග් චැපල් සොහොයුරන් නවසීලන්තයට එරෙහිව සහ 2014 වසරේදී පකිස්ථානයේ අසාර් අලි සහ මිස්බා උල් හක් ඔස්ට්‍රේලියාවට එරෙහිව ද මෙම දක්ෂතාව දක්වා තිබිණි.)
  2. ටෙස්ට් තරගයක ඉනිම දෙකේදී ම ලකුණු 150ක සබඳතාවක් ගොඩ නැගූ තුන් වන පිතිකරු යුගලය ඔවුන්ය. ධනංජය සහ කමිඳු – පළමු ඉනිම 202, දෙවන ඉනිම 177( පෝල් ගිබ් සහ එඩී පෙයින්ටර් – පළමු ඉනිම 184, දෙවන ඉනිම 168…. ජෝ බර්න්ස් සහ ඩේවිඩ් වෝර්නර් – පළමු ඉනිම 161, දෙවන ඉනිම 237)
  3. ටෙස්ට් තරගයක දෙවන ඉනිමේදී කඩුලු 6ක් බිඳ වැටීමෙන් පසු ශ්‍රී ලංකාව වෙනුවෙන් ගොඩ නැගුණු වැඩි ම ලකුණු සබඳතාව. (කමිඳු මෙන්ඩිස් සහ ධනන්ජය ද සිල්වා ලකුණු 292ක් රැස් කළ අතර ඊට පෙර එම වාර්තාව පැවතියේ ලකුණු 223ක් ලෙස ය.)

කවුද මේ කමිඳු දිලංක මෙන්ඩිස්…

කමිඳු දිලංක මෙන්ඩිස් හෙවත් කමිඳු මෙන්ඩිස් ගාල්ලේදී උපත ලැබුවේ, 1998 වසරේ සැප්තැම්බර් 30 වන දා ය. ඔහුගේ වයස තවමත් අවුරුදු 25කි.

ගාල්ල, රිච්මන්ඩ් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන අතර, ඔහු ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කළේ, එම විද්‍යාලයෙනි.

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ජාතික කණ්ඩායම නියෝජනය කළ ඔහු, වමත් පිතිකරුවෙකු වන අතර, දෑතින් ම දඟ පන්දු යැවිය හැකි සුවිශේෂී ක්‍රීඩකයෙකි.

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට අමතරව, ඔහු B-Love Kandy, ටැමිල් යූනියන්, බංග්ලාදේශයේ සිල්හෙට් ස්ට්‍රයිකර්ස් ඇතුළු කණ්ඩායම් කිහිපයක සාමාජිකයෙකි.

මේ වසරේ මාර්තු මාසයේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස සම්මානයට පාත්‍ර වූයේ, කමිඳු මෙන්ඩිස් ය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

සල්ලි තිබ්බ පලියට, ආසන සංවිධියක ධූර ගත්ත පලියට නාම යෝජනා නෑ… නිමල් සිරිපාල ශ්‍රි.ල.නි.ප සංවිධාකයකවරුන්ට කියයි!

Next Post

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දි තිබූ  ප්‍රභූ ආරක්ෂාව ඉවත් කරයි…

Related Posts

Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Anura-Harini

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!
  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.