බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජුලී… වැඩේ කැතයි !

by editor
ඔක්තෝබර් 26, 2024
in පුවත්, ව්‍යාපාර, සමාජ
Julie-chung-us
Share on FacebookShare on Twitter

ජාලිය වීරක්කොඩි –

ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය නිකුත් කළ ආරක්ෂක උපදෙස් නිකුත් කළ අර්ථය කුමක් විය හැකි දැයි දැන් රට තුළ සාධාරණ සංවාදයක් ඇති වී තිබේ. යම් බුද්ධි තොරතුරක් මත හැකි අතිශය සාධාරණ ආකාරයෙන් මෙන්ම කාර්යක්ෂමව ක්‍රියාත්මකව එම ගැටලුව පිළිගත හැකි සාධනීය ආකාරයෙන් විසඳා තිබිය දී ඇමරිකා එක්සත් ජනපදය නිකුත් කළ ආරක්ෂක තිගස්වන සුළු ආරක්ෂක අවවාදය පදනම් කරගනිමින් එක්සත් රාජධානිය, ඔස්ට්‍රේලියාව, චීනය පමණක් නොව රුසියාවත් සිය වැසියන්ට ශ්‍රී ලංකාවේ සංචාරක කලාප අනාරක්ෂිත තැන් ලෙස අඟවනු ලැබුවේය.

එම අනතුරු ඇඟවීමේ ස්වරය එතරම් බිහිසුනු වන්නේ ඇයි. සියල්ල යහපත් බව දැන දැනම මේ නිවේදන නිකුත් නොකර තවමත් තත්ත්වය නිවැරදි නොකර සිටින්නේ ඇයි?. අපේ මිනිස්සු ප්‍රශ්න කරමින් සිටිති.

“අපි හොඳටම ගුටි කාලා ඉන්නේ. අපි දැන් කතා කරන්නේ හොඳටම රිදුන මිනිස්සු විදිහට. ඇයි මෙහෙම දෙයක් කළේ. ” සංචාරක කර්මාන්තයේ යෙදෙන කර්මාන්ත කරුවෝ අසති.

ජුලී චං… ඒ අසන්නේ ඔයාගෙනි.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

කල් තබා ආරක්ෂාව තහවුරු කර තිබියදීත් විදේශ තානාපති කාර්යාල නිකුත් කළ ආරක්ෂක උපදෙස් ශ්‍රි ලංකාවේ ආර්ථික ප්‍රගතියට අත්‍යවශ්‍ය අංගයක්වන සංචාරක ව්‍යාපාරය ඉලක්ක කරගෙන කළ කුරිරු විහිළුවක් බව ශ්‍රී ලංකා සංචාරක සන්ධානය අද (25) කෙළින්ම කීවේය.

අරුගම්බේ..

එම සන්ධානයේ සභාපති මලික් ජේ ප්‍රනාන්දුගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක පමනක් නොව, ඔහු මාධ්‍ය ඉදිරියට පැමණ සිදුකළ දීර්ඝ පැහැදිලි කිරීමේ ද සඳහන් වුනේ මෙම ආරක්ෂක උපදෙස් හේතුවෙන් මෙරට සංචාරක කර්මාන්තයට බරපතල පහරක් එල්ල වූ බවය.

තානාපති කාර්යාල ආරක්ෂක උපදෙස් නිකුත් කළ වෙලාව, ඒ සඳහා භාවිතා කළ භාෂාව සම්බන්ධයෙන් තමන්ගේ දැඩි අවධානය යොමුව ඇති බව ශ්‍රී ලංකා සංචාරක සන්ධානයේ සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවේය.

සන්ධානයේ සභාපති මලික් ජේ ප්‍රනාන්දු අත්සනින් නිකුත් කළනිවේදනයේ දැක්වුනේ විදෙස් තානාපති කාර්යාල නිකුත් කළ මෙම වගකීම් විරහිත නිවේදන මගින් ශ්‍රී ලංකාවේ සත්‍ය තත්ත්වය පෙන්නුම් නොකළ බවය.

මෙවැනි නිවේදන සංචාරක ක්ෂේත්‍රයේ නියැලෙන මිලියන ගණනක ශ්‍රී ලාංකිකයින්ගේ ආර්ථිකයටත් පසුබෑමට ලක් වූ රටේ ආර්ථිකයටත් පහරක් එල්ල වූ බව එම නිවේදනයේ සඳහන් විය.

මලික් ජේ ප්‍රනාන්දු මාධ්‍ය ඉදිරියට පැමිණ මෙසේ කීවේය.

ශ්‍රී ලංකාව සංචාරකයින්ට ආරක්ෂා නැතැයි කියන කරුණ සම්බන්ධයෙන් සත්‍ය තත්ත්වයක් මේ ආරක්ෂක උපදෙස් හරහා හෙළි වන්නේ නෑ.

ඔව්… විදේශ තානාපති කාර්යාල ආරක්ෂක උපදේශයක් නිකුත් කරලා තිබුණා. ඇතැම් රටවල් මෙවැනි ආරක්ෂක  උපදේශයන් සියයක් පමණ දිනපතා නිකුත් කරනවා. අපේ රටේ ඇති වුන  මෙම ආරක්ෂක තත්ත්වය පිළිබඳව බලධාරින් අවශ්‍ය පියවර ගත්තා. මෙරට බලධාරීන් මේ සම්බන්ධව පියවර ගත්තේ නැතිනම් විදෙස් තානාපති කාර්යාල එය උලුප්පා දැක්විම සාධාරණයි.

නමුත් මෙහිදී බලධාරීන් අවශ්‍ය පියවර ගත්තා. ඒ ගනු ලැබූ පියවර ඉතා පුළුල්. ඇතැම් පුද්ගලයින් අත් අඩංගුවට අරන් තියනවා. ඒ නිසා මෙය උලුප්පා දක්වමින් මුළු ලෝකයටම තර්ජනයක් ඇති බව පෙන්විම අනවශ්‍ය දෙයක්. මේ තමයි ආරක්ෂක උපදේශ  ඇති කළ තත්ත්වය.

ශ්‍රි ලංකාව වගේ රටක් ගත්තොත් අපි ආර්ථික අර්බුද කීපයකින් ගොඩ එන්න උත්සාහ කරනවා වගේම රටක් විදිහට 2019 සිට බොහෝ ප්‍රශ්නවලට මුහුණ දී තිබෙනවා. ඉතින් මෙවැනි අවස්ථාවක එවැනි උපදේශන නිකුත් කිරීමෙන් සිද්ධ වන්නේ ශ්‍රි ලංකාව අනාරක්ෂිත බව ජාත්‍යාන්තර මාධ්‍ය විසින් පෙන්වීමයි.  මුලින්ම මෙම උපදේශය අරුගම්බේ ප්‍රදේශයට සීමා වුනා. පසුව එය අර්ථකථනය වුනේ මුලු ලංකාවේම සංචාරක කලාපවලට ත්‍රස්තවාදී තර්ජනයක් තියනවා කියලා.

මෙහි විහිලුවට කරුණ වන්නේ මේ උපදේශයේ සඳහන් කරන අය අපි දකිනවා දකුණු වෙරළේ උසුළු විසුළු කරිමින් අයිස් ක්‍රීම් කමින් තේ සහ කෝපි බිබී හොඳට කාලය ගත කරනවා. එය නැගෙනහිර වෙරළත් කොළඹත් දකින්නට පුලුවන්. ඒ නිසා මේ උපදේශන නිකුත් කිරීම නුසුදුසු ක්‍රියාවක්. ඒවා නිකුත් කිරිමේ අවශ්‍යතාවයක් තිබුණෙ නෑ. එයින් සිද්ධ වුනේ සාමාන්‍ය ආරක්ෂක තත්ත්වය ඉතා විශාල සිද්ධියක් ලෙස හුවා දැක්වීමයි.

ඒ හරහා මේ වනවිට සංචාර අවලංගු කිරීම් බොහෝමයක් සිදුවෙමින් තිබෙනවා. එය ඉදිරි සති කීපය සදහාත් සිදුවෙමින් තිබෙනවා. අපට දැනගන්න ලැබෙනවා මෙම උපදේශයන් ඉතා ඉක්මනින් ඉවත් කරයි කියලා.  කොහොම උනත් ඉන් සිදුවූ හානිය දැන් සිදුවෙලා ඉවරයි. ඒ නිසා තමයි මේ කර්මාන්තයේ බොහෝ දෙනෙකුට තරහා ගිහින් තියෙන්නේ. ශ්‍රී ලංකාව වගේ රටක සංචාරක ව්‍යාපාරය හා සන්නිවේදනය අවම මට්ටමක පවතින්නේ. ඒ නිසා ජාත්‍යාන්තර මාධ්‍ය මගින් පල කරන මෙම අවවාද දෙස සංචාරකයින් අවධානයෙන් බලන් ඉන්නවා.

මේ අවස්ථාවේ මම ප්‍රකාශ කළ ආකාරයට සුළු දෙයක් විශාල දෙයක් ලෙස හුවා දැක්වුවා. ඒ වගේම එම ආරක්ෂක උපදෙස් නිකුත් කළ  අදාල රජයන් දැන් කියන්න ඕන දැන් තර්ජනය නෑ කියලා. ඔවුන් කියන්න ඕන අපේ රට ගෙන ඇති පියවර සම්බන්ධයෙන් ඔවුන් සෑහීමකට පත් වෙනවා කියලා.  ඔවුන් එය පෞද්ගලිකව කිව්වත් මහ ජනතාව ඉදිරියේ ප්‍රකාශයට පත් විය යතුයි. එවිට සංචාරක පැමිණීම වැඩි වෙයි.

එහි වැදගත්ම කාරණය වන්නේ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ගොඩ නගන්නේ දුෂ්කර ජන ජීවිතයයි.  අපේ රටේ ජනගහණයෙන් සියයට 25ක්, නැතිනම් මිලියන 05ක ජනතාව මෙම කර්මාන්තය මත රැඳී පවතිනවා. ඒ තමයි මේ රටේ ප්‍රමුඛතම සමාජ ආර්ථික ක්ෂේත්‍රය. ඒ නිසා මේකට අනවශ්‍ය මැදිහත්වීම් කරමින් වගකීම් රහිත ප්‍රකාශයන් කිරීම අපටත් අපේ රටටත් කරනලොකු හානියක්. එය කිසිදු තැකීමකින් තොරව සිදුකළ දෙයක්. ” මලික් ජේ ප්‍රනාන්දු එසේ කියන්නේය.

සංචාරක හා කර්මාන්ත මණ්ඩලය මේ සම්බන්ධව අදහස් දක්වමින් කියන්නේ නව රජයක් පැමිණ ඇති විටක රටේ කිසිම ප්‍රශ්නයක් නොමැති අවස්ථාවේ මෙවැනි තත්ත්වයක් ඇතිකිරීම අයුක්ති සහගත බවය.

එම මන්ඩලයේ සභාපති ජේ.එම් ජවුෆර් පවසන්නේ නව රජයේ ආරක්ෂක වැඩපිළිවෙළට රටේම ජනතාව සහයෝගය ලබා දෙන බවය. ඔහු පවසන්නේ ඊශ්‍රයාල ජාතිකයින්ට කවදාවත් කිසිම ප්‍රශ්නයක් අරුගම්බේ දී ඇතිවී නැති බවය. මේ උත්සාහ කරන්නේ වෙනත් රටක ඇතිවී තිබෙන ප්‍රශ්නයකට ලංකාව ද සම්බන්ධ කරගන්නට බව ජවුෆර් කියන්නේය.

සුළු සහ මධ්‍ය පරිමාණ සංචාරකයින්ගේ එකමුතුවත් ගාල්ලේ දී මාධ්‍ය හමුවක් කැඳවා කීවේ මෙය කිසිවෙකු සැලසුම් කළ කුමන්ත්‍රණයක් යැයි තමන් සැක කරන බවය. එම එකමුතුව වෙනුවෙන් මාධ්‍ය හමුවකදී අදහස් දක්වන සමීර සේනක ද සිල්වා පෙන්වා දෙන්නේ සංචාරක කර්මාන්තය මේ රටේ ජවසම්පන්නව හිස ඔසවාගෙන පැමිණි සෑම අවස්ථාවකම මෙවැනි ගිනි ගෙඩි පාත්වී තිබීම ඉතිහාසයේ අත් දැකීම වු අයුරුය.

ඇත්තටම ඒ වගේ ප්‍රහාරයක් එල්ල වෙන්න ඉඩ තිබුණ ද?. ඒ පිළිබඳවත් රට තුළ දැන් පවතින්නේ බරපතල සැකයකි. මේ තොරතුර කොතෙක් දුරට නිවැරදි දැයි පැවසීමට තවත් කාලයක් යන බව ඊයේ ජාතික ආරක්ෂක ඇමතිවරයා කීවේය.

පසුගිය සති කීපය තුළම ජනාධිපතිවරයා කී කතාවක් තිබිණි. ” ලෝකයේ යම් විශේෂිත සිද්ධියක් නොවුනොත් ලබන වසරේ ලංකාව මෙතෙක් ඉතිහාසයේ වැඩිම සංචාරකයින් ප්‍රමාණයක් එන වසර වෙනවා.” යම් විශේෂිත සිද්ධියක් නොවුනොත් යන්න ඔහු බර කර කීවේය.

දැන් හෙළි වී ඇති දෙය නම් මේ විශේෂිත සිද්ධිය පිළිබඳ රජයට ඉඟි ලැබී තිබුණ බවය. විශේෂිත සිද්ධිය සිදුවුනේය.

අපි කුඩා කාලයේ දී සිනාසෙමින් එන රූමත් යකින්නන් ගැන සුරංගනා කථා අසා සිටියෙමු. එක් වරම ඒ යකින්නියෝ පියවි වෙස් ගෙන මිනිස්සු කා දමති. යළිත් සැනකින් සිනාසෙමින් සිටින රූමතියන්ගේ වෙස් ගනිති.

ජූලී චං… ඔයා එහෙම වෙන්න එපා…

 

 

 

 

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

BMW ජොනී බලන්න මහින්ද වැලිකඩ යයි… විනාඩි 40ක් පමණ කතාබහ කරයි…

Next Post

හොරට ඉන්න ඊශ්‍රායල , රුසියානු සහ යුක්රේන සංචාරකයන් සොයා මෙහෙයුමක්

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.