ශ්‍රියානි විජේසිංහ –
BMW වාහන සම්බන්ධයෙන් වැලිකඩ බන්ධනාගාර ගතව සිටින හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ සුවදුක් බැලීම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද දහවල් 11.00ට පමණ වැලිකඩ බන්ධනාගාරය වෙත ගොස් ඇත.
එහිදී ජොන්ස්ටන් ප්‍රනාන්දු සමඟ විනාඩි 40ක පමණ කාලයක් කථාබස් කරමින් සිටි ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.
BMW වාහන සිද්ධිය සම්බන්ධයෙන් ප්රකාශකයක් ලබා දීමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේදී කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට පැමිණවීමෙන් පසුව ලබන 30 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි නියෝග කර ඇත.
රැදවියන් 200- 300 පමණ රඳවා ඇති G වාට්ටුවේ හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු රඳවා ඇති බවද වාර්තාවේ.
ඇතැම් බන්ධනාගාර වාට්ටුවල රැදවියන් 600ට පමණ ප්‍රමාණවත් පහසුකම් ඇතත් මේ වන විට එහි රැදවියන් 2700ක් පමණ දෙනා රඳවා ඇතැයි වාර්තාවේ.







