සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජිනීවා මානව හිමිකම් කාර්යාලයෙන් බරපතල දැනුම් දීමක්!… බලහත්කාර අතුරුදහන් කිරීම්වලට රාජ්‍ය සන්නද්ධ කණ්ඩායම්වල මැදිහත් වීම පිළිගෙන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතුයි!

by editor
මැයි 17, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

දශක ගණනාවක් පුරා රට තුළ සිදුකළ  බලහත්කාරයෙන් අතුරුදහන්  කිරීම්  පිළිබඳ අපරාධවලට    රාජ්‍ය ආරක්ෂක අංශ හා අනුබද්ධ සන්නද්ධ කණ්ඩායම්වල මැදිහත්වීම පිළිගෙන, ප්‍රසිද්ධ සමාවක්  අයද සිටින ලෙස  එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය අද (17) වාර්තාවක් නිකුත් කරමින් ශ්‍රි ලංකා රජයට දන්වා තිබේ.

එම වාර්තාව වැඩිදුරටත් කියන්නේ එසේ අතුරුදහන් වූවන්ගේ ෙඉරණම සහ ඔවුන් සිටින ස්ථානය හෙළි කිරීමටත්,     එම අපරාධවලට වගකිව යුත්තන් සම්බන්ධයෙන් අර්ථවත් ක්‍රියාමාර්ගයක් ගැනීමටත්  ශ්‍රී  ලංකා  රජය ක්‍රියා කළ යුතු  බවය.

බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමට ලක් වූ සියලු ශ්‍රී ලාංකිකයන් කිසිදා අමතක නොකළ යුතු යැයි මෙම වාර්තාව නැවතත් තහවුරු කරන  බව පවසන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් . “ඔවුන්ගේ ඥාතීන් හිතමිතුරන් බොහෝ   කාලයක් බලා සිටින අතර ඔවුන්ට සත්‍යය දැනගැනීමට අයිතියක් ඇතැයි ද පෙන්වා දෙයි.

Volker-Türk

“බලහත්කාරයෙන් අතුරුදහන් වූ සියලු දෙනා  කෙරෙහි යුක්තිය ඉටු කිරීමට ලාංකීය රජය බැඳී සිටියි. මෙම අපරාධ පිළිබඳව පූර්ණ විමර්ශනයක් සිදු කිරීම ඉතාමත් වැදගත්ය. මෙවැනි අපරාධ බලහත්කාරයෙන් අතුරුදහන් කලවූවන්ගේ ආදරණීයයන් පමණක් නොව සියලු ප්‍රජාවන් සහ මුළු මහත් ශ්‍රී ලාංකීය සමාජයම දිගින් දිගටම කම්පනයට ලක් කරනු ඇත.” වෝලටර් ටර්ක් කියයි.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජාත්‍යන්තර නීතිය අනුව අතුරුදහන් වූ පුද්ගලයෙකුගේ ඉරණම හෝ රඳවා සිටින ස්ථානය නිශ්චිත කරන තෙක්, බලහත්කාරයෙන් පැහැර ගැනීමේ අපරාධය අඛණ්ඩ උල්ලංඝනයක් ලෙස සලකන බව සහ එවැනි අතුරුදහන්වීම් විසඳීමට රාජ්‍ය බැඳි සිටින බව ද මහ කොමසාරිස්වරයා  අවධාරනය කර තිබේ.

නොයෙකුත් රජයන් විසින් සිදුකළ බලහත්කාර අතුරුදහන් කිරිම්වලින් සියලු පුද්ගලයින් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතිය සම්මත කිරීම, අතුරුදහන් වූවන් පිළිබඳ කාර්‍යාලය සහ හානිපූරණය සඳහා  වන කාර්‍යාලය පිහිටුවීම වැනි විධිමත් පියවර කිහිපයක් ගෙන ඇති නමුත්, තනි පුද්ගල අතුරුදහන් වීම් පුළුල් ලෙස විමර්ශනය කොට විසඳීම කෙරෙහි ගෙන ඇති ප්‍රායෝගික  පියවර සීමිත බව මෙම වාර්තාව   හරහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය පෙන්වා දෙයි..

අතුරුදහන් වූවන්ගෙන් බහුතරය පුරුෂයන් වන නිසා, බොහෝ විට පවුලක එකම ආදායම් උපයන්නිය බවට කාන්තාවන් පත් වී ඇති බවත්,. මෙම කාන්තාවන් හට තම ජීවනෝපාය සලසා ගැනීමට සිදුවී ඇත්තේ, කාන්තා සහභාගිත්වයට බාධා ඇති සහ ලිංගික අතවර ආදී නොයෙකුත් හිරිහැර සහිත වාතාවරණයක් තුළ බවත් පවසන මානව හිමිකම් කාර්යාලය අතුරුදහන් වූවන් සෙවීමේ ව්‍යාපාරවල පෙරමුණ ගත් බොහෝ කාන්තාවන්, හමුදාව සහ පොලිසිය විසින් තර්ජන හා හිරිහැර කිරීම්, බිය ගැන්වීම්, සෝදිසි කිරීම්, අත්තනෝමතික ලෙස රඳවා තබා ගැනීම්, පහර දීම් සහ වධහිංසා පැමිණවීම්වලට ලක්වන බවත් පෙන්වා දි තිබේ.

රජයන් විසින් නොයෙකුත් විමර්ශන කොමිෂන් සභා පත් කළ ද, මේ බොහොමයකගේ වාර්තාවන් ජනගත කර නොමැති අතර, ඒවා ප්‍රසිද්ධ කළ අවස්ථා වලදී පවා ඒවායෙන් තොරතුරු දැන ගැනීම   සීමා කර ඇති බව එම නිවේදනයේ දැක්වේ.

මෙම වාර්තාවල තිබු බොහෝමයක් නිර්දේශ, විශේෂයෙන්ම අපරාධ වලට වගවීම පිළිබඳව ඇති නිර්දේශ, ක්‍රියාත්මක කර නැති බවත්, වත්මන් සහ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ රාජ්‍යතාන්ත්‍රික  නිලධාරීන් ඇතුළු චෝදනා එල්ල වූවන් යුක්තිය මගහරිමින් සිටින බවත් මානව හිමිකම් කාර්යාලය චෝදනා කරයි. .

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

කුසල් මෙන්ඩිස්ගේ වීසා ප්‍රතික්ෂේප වී නෑ… ක්‍රිකට් ආයතනය කියයි!

Next Post

වතුර ඉල්ලූ රතුපස්වල ගැමියන්ට වෙඩි තබා සිදුකළ ඝාතන සිද්ධියට චෝදනා ලද  හිටපු මේජර් ජනරාල්  දේශප්‍රිය ගුණවර්ධන ඇතුළු සිව් දෙනා නිදොස් කොට නිදහස්!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.