බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජාතිවාදී දේශපාලකයින්ගේ විරෝධතා මැද තිස්ස විහාරයේ වෙසක් සැමරෙයි!

by editor
මැයි 6, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ පෞරාණික බෞද්ධ උරුමයක් වූ  යාපනය, කන්කසන්තුර, තිස්ස රජමහා විහාරයේ නව දාගැබ්වහන්සේ ගේ කොත නිරාවරණයට විරුද්ධව අඛණ්ඩව දින 04 ක් තිස්සේ උතුරේ ප්‍රධාන දේශපාලන නායකයින්ගේ පෙළඹවීම මත ආරම්භ කර ඇති විරෝධතාවය නොසලකා   විහාරස්ථානයේදී වෙසක් සැමරුම  පැවැත්වීමට විහාරස්ථ දායක සභාව කටයුතු කර තිබේ.

ඉතාම සාහසික ලෙස ආගමික සහ වාර්ගික ගිනි අවුලුවමින් දේශපාලනය කරන උතුරේ දේශපාලකයින් මේ මතු කරමින් ඇත්තේ ඉතාම අනවශ්‍ය ආගම්වාදී ගැටලුවක් බව වාර්තා වේ.

දිවා රාත්‍රී විරෝධතාවය…

අවසන් වරට 1986 තෙක්   ආරාම භූමියක් සේ නඩත්තු වුන මේ භූමියට , දෙවැනි පෑතිස් රජ දවස තෙක් දිවෙන ඉතිහාසයක් සහිත බව පැහැදිලි ලේඛනගත සාධක  සහිතව ඉදිරිපත් වී තිබෙද්දී යුද්ධයෙන් අනතුරු කාලයේ යළි මෙම භූමිය ප්‍රතිසංස්කරණයට එරෙහිව දෙමළ දේශපාලකයින්  උක්ත විරෝධතාවය කුළුගන්වා ඇතැයි දැනගන්නට ඇත.

කන්කසන්තුරය තිස්ස රජමහා විහාරයේ නව දාගැබේ කොත නිරාවරණය කිරීම නවතා දමන ලෙසට හා යාපනයේ නව බෞද්ධ විහාර ඉදිකිරීම නවතාලන ලෙසට ඉල්ලීම් කරමින් සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය නියෝජිනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වසා ගජේන්ද්‍රන් ඇතුළු පිරිසක් අඛණ්ඩ විරෝධතාවයක නිරතව වන්නේ පසුගිය 02 වැනිදා සිටයඅ.

පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වසා ගජේන්ද්‍රන්ගේ විරෝධතාවයට සහයෝගය පළ කිරීමට ඔහගේ ආධාරකරුවන්  පිරිසක්ද ඊයේ එම ස්ථානයට පැමිණ ඇත.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ඓතිහාසික තිස්ස විහාරය දෙවන පෑතිස් රජ දවස දක්වා දිවෙන ඓතිහාසික පුදබිමකි.  මහාවංශය ප්‍රකාරව සංඝමිත්තා තෙරණිය ශ්‍රී මහා බෝධිය වැඩමවාගෙන දඹකොල පටුනින් ගොඩබැස යළි අනුරාධපුරය කරා යන ගමනේ දී දෙවන පෑතිස් රජ ප්‍රමුඛ සේනාවන්හි රැකවරණය සහිතව තෙදිනක් ගිමන් හළ භූමියේ තිස්ස විහාරය පිහිටුවීය. ඒ දෙවන පෑතිස් රජ දවසමය.

මේ භූමියේ වර්ෂ 1956 දක්වා පන්සලක් පැවතිනි. මේ අවට අනුරාධපුර යුගයට අයත් යැයි සැලකෙන පුරාණ නටබුන් ප්‍රමාණයක් විසිරී ඇති අයුරු අදත් දැක ගත හැකිය.

1956” ශ්‍රී කෝලාහලයේ දී “ හිමිවරු පන්සල අත්හැර තාවකාලිකව දකුණට වැඩියහ.  වර්ෂ 1971 දී මනින ලද සිතියම් ප්‍රකාරව අක්කර 10කට ආසන්න භූමියක් මෙම පන්සල වෙනුවෙන් වෙන් වී තිබිණි. පන්සල ලකුණු වී තිබිණි.  යළි මේ පන්සල අත්හැරෙන්නේ වර්ෂ 1987 දී ය. ඒ වනතුරු මේ භූමියේ පෞරාණික පන්සලක් ඇති ආකාරය සිතියම්වල සලකුණු වී තිබිණි.

මේ දත්ත හා සාක්ෂි මත පදනම් කරගෙන මේ භූමියේ යළි පන්සල පිහිටුවන්නේ වර්ෂ 2019 දී ය.

විහාරස්ථානයේ නව දාගැබේ කොත පැළඳවීමේ උත්සවය පසුගියදා  පැවැත්විනි. කොත නිරාවරණය  කිරීම වෙසක් පුණු පොහොය දා යෙදී තිබුණත්   විරෝධතා හේතුවෙන් එය සිදුකිරීමට නොහැකි වූයේය.

මේ කිසිම අවස්ථාවක උද්ඝෝෂණ සදහා ගම්වැසියන් අතලොස්සක් හැර අති බහුතරයක් සහභාගී නොවුන බව වාර්තා වී තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

Fcode Labs ආසියාවේ හොඳම සේවා  ස්ථාන අතර 35 වැනි ස්ථානයට

Next Post

බෙලිහුල් ඔයේ දිය නාමින් සිටි 13 හැවිරිදි දැරියක් මරුට… 12 හැවිරිදි දරුවෙක් අතුරුදහන්…

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.