වත්මන් වෛද්‍ය ආඥා පනතේ පවතින අඩුපාඩු සපුරාලීමටත් එමගින් යහපත් සෞඛ්‍ය සේවාවක් සහ පුරවැසියන්ගේ යහපැවැත්ම ආරක්ෂා කිරීමේ අරමුණත් සහිතව මාස හයක් ඇතුළත නව වෛද්‍ය පනතක් සම්පාදනය කරන ලෙස ජනාධිපතිතුමා උපදෙස් දී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
මේ සමගම සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කර ඇත්තේ ජාතික ඖෂධ නියාමන අධිකාරී පනත (NMRA) සහ ශ්‍රී ලංකා වෛද්‍ය සභා පනත (SLMC) සම්පූර්ණයෙන්ම අහෝසි කරන බවය.
අද දෙරණ වාර්තා කරන ආකාරයට මෙම තීරණය රජය විසින් ගනු ලබන්නේ සෞඛ්‍ය ක්ෂේත්රයට වඩාත් විවෘත හා සාධාරණ වෙළෙඳපොළකට ඉඩ සැලසීම සඳහා බව සෞඛ්‍ය ඇමතිවරයා ප්‍රකාශ කර තිබේ.
විද්‍යා විෂය ධාරාව පමණක් නොව සියලුම විෂය ධාරාවන් හැදෑරූ සිසුන්ට හෙද වෘත්තීය විවෘත කිරීමට ද තමා අදහස් කරන බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කර ඇත.







