ශ්‍රියානි විජේසිංහ –
ජාතික අක්ෂි රෝහලේ සැත්කම් කර ගැනීම සඳහා පැමිණෙන රෝගීන් සැලකිය යුතු මට්ටමින් අඩුවී ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
පසුගිය දිනවල අක්ෂි සැත්කමට ලක්කිරීමට සිටි රෝගියෙකුට ලබා දුන් නිර්වින්දන ඖෂධයක් අසාත්මිකවීම හේතුවෙන් ඇය ජීවිතක්ෂයට පත්වීම සහ අක්ෂි ශල්‍යකර්මයකට ලක්කල රෝගින්ට ලබාදුන් ප්‍රෙඩ්නිසොලෝන් දියරය අසාත්මික වී රෝගීන්ගේ ඇස් අන්ධවීම වැනි සිදුවීම් හේතුවෙන් මෙසේ රෝගීන් අක්ෂි සැත්කම සිදුකර ගැනීමට හා ප්‍රතිකාර ලබා ගැනීමට රෝහලට වෙත පැමිණීම සැලකිය යුතු ලෙස අඩුවී ඇතැයි වාර්තාවේ.
මේ අතර කොළඹට තදාසන්නයේ පෞද්ගලික රෝහල්වල අක්ෂි සැත්කම්වල වැඩිවිමක් පෙන්නුම් කරන බව එම රෝහල්වල සේවය කරන වෛද්‍යවරුන් කීපදෙනෙකුම ලංකාසර කළ විමසුමකදී පැවසූහ.
කෙසේ නමුත් මෙම ඖෂධ වර්ග දෙකම මේ වන විට භාවිතයෙන් ඉවත් කර ඇත.
නමුත් රෝගීන්ගේ හිතේ හටගත් අධික බිය හේතුවෙන් මෙසේ සැත්කම් සහ ප්‍රතිකාරයන් සඳහා යොමු විම බොහෝ දුරට අඩාල වී ඇතැයි පැවසේ.







