සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජවිපෙ වෘත්තීය සමිතියේ අශෝකර රන්වල විශ්‍රාමිකයෙක්… ඔහුව මෙහෙයවන්නෙ ත්‍රස්තවාදී කණ්ඩායමක්! බලශක්ති ඇමති කියයි…

by editor
ඔක්තෝබර් 18, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

අද  පාර්ලිමේන්තුවේ විවාදයට ගනු ලබන ඛණිජතෙල් නීතිගත විශේෂ විධි විධාන සංශෝධන පනතට එරෙහිව    මේ වනවිට  විරෝධතා ව්‍යාපාරයක නිතරවන ඛණිජතෙල් පොදු සේවක සංගමයේ ආශෝක රන්වල සහ සමගි ජන බලවේගයේ වෘත්තිය සමිති නායක ආනන්ද පාලිත  ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ හෝ තෙල් ගබඩා පර්යන්තයේ සේවය නොකරන විශ්‍රාමික නිලධාරීන් බවත් ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන අශෝක රන්වල මේ වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීමේ ත්‍රස්තවාදී කණ්ඩායමක් විසින් මෙහෙයවන බවත් බලශක්ති ඇමති  කාංචන විජේසේකර අද පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.

ඇමතිවරයා මේ බව ප්‍රකාශ කළේ  ඛණිජතෙල් නීතිගත විශේෂ විධි විධාන සංශෝධන පනත දෙවන වර කියැවීමේ විවාදයේ  දී  ය.

මෙම පනත සංශෝධනය ආරම්භ වන්නේ  2002    සිටපු රජය බව කී ඇමතිවරයා අද දවසේ ඒ යෝජනාවෙ කොටසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ  නායකත්වය තුළ ඉදිරිපත් කර ඇති බව කීවේය.

2002 පනත සංශෝධනයෙන් ඛණිජතෙල් ආනයනය හා බෙදා හැරීම  අවස්ථාව ලබා දී තිබුණේ සැපයුම් කරුවන් 03ක් සඳහා බව කී ඇමතිවරයා   අවසානයේ  එක් සැපයුම් කරුවෙක් වූ ලංකා අයිඕසී සමාගමට ඒ අවසරය ලබා  ගත් බව කීවේය.

එහෙත් මේ වනවිට මේ සම්බන්ධව අභිලාෂ කැඳවා ඇති බවත් සැපයුම් කරුවන් 24 දෙනෙක් අභිලාෂ ඉදිරිපත් කර ඇති බවත් ඇමතිවරයා කීවේය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ඉන් සැයුම් කරුවන් කිහිප දෙනෙක් සම්බන්ධ කරගෙන මෙම වෙළෙඳපල විවෘත කර ඛණිජතෙල් නීතිගත සංස්ථාවත් එම වෙළෙඳපලේ තරගකරුවෙක් බවට පත් කිරීම සැලසුම බවත් ඇමතිවරයා කීවේය.

“දැනට බලශක්ති සැපයුම්කරුවො දෙදෙනයි ඉන්නෙ. ඛණිජතෙල් නිතිගත සංස්ථාව සහ ලංකා අයි.ඕ.සී සමාගම. ඉන් සියයට 15ක් අයි.ඕ.සී. සමාගමට . 85ක් සංස්ථාවට.

ජාත්‍යාන්තරව කටයුතු කරන තවත් සැපයුම් කරුවන් කීප දෙනෙකුට අවස්ථාව ලබා දීමයි මේ පනත සංශෝධණයේ අභිලාෂය.

වෘත්තීය සමිති සියල්ල එක්ක    මේ පනත පාර්ලිමේන්තුවට  ගෙනාපු වෙලාවෙ කතා කළා.  මා පුද්ගලිකවත් වෘත්තීය සමිති එක්ක කතා කළා.

ඔවුන්ට කතා කරලා කිව්වෙ යථාර්ථය. නව සැපයුම්කරුවන්ට නව වෙළෙඳපල විවෘත කළේ  නැතිනම් අපට ඛණිජතෙල් සංස්ථාවට අවශ්‍ය මුදල් ලබා ගන්න බෑ කියලා කිව්වා.

ඒ සාකච්ඡාවලදී ඔවුන් එය පිළිගත්තා. එහෙත් දීර්ඝ කාලීනව සටන් පාඨය ලෙස පාවිච්චි කළ ජන සතු කළ ව්‍යාපාරය ආරක්ෂා කිරීම කියන   ඒ තේමා පාඨය නිසා ඔවුනුත් යම් අභියෝගයට මුහුණ දීලා කියලා මා විශ්වාස කරනවා.

සමහර වෘත්තීය සමිති නායකයො කියන පිරිස් අද දවසේ ඛණිජතෙල් නීතිගත සංස්ථාව හෝ තෙල් ගබඩා පර්යන්තය නියෝජනය කරන පිරිසක් නොවෙයි.

ඊයේ දවසෙත් ජනතා විමුක්ති පරමුණේ වෘත්තීය සමිති නායකයා  අශෝක රන්වල   ඇවිත් කියනවා තෙල් බෙදා දීම අත්හිටුවනවා කියලා.  ඔහු ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ හෝ තෙල් ගබඩා පර්යන්තයේ වැඩ කරන්නෙ නෑ. ඊයෙ රාත්‍රියෙ කියනව සියලු සේවකයො ලෙඩ නිවාඩු දාලා වෘත්තීය සමිති ව්‍යාපාරයකට එනවා කියලා. අපි තෙල් බෙදාහැරීම ඇණහිටවනවා කියලා.

මේ තර්ජනයක් කරන්නේ. එක පැත්තකින් ඔහුට විනයානුකුළ පියවරක් හෝ නෛතික පියවරක් ගන්නෙ නෑ ඔහු සේවයේ ඉන්න කෙනෙක් නොවන නිසා. සේවය කරන පිරිස්වලට කියනවා ලෙඩ නිවාඩු දාන්න කියලා. මේ කටයුතු ත්‍රස්තවාදී කණ්ඩායම් විසින් මෙහෙයවන්නෙ.

“මේ විරුද්ධ වීමෙන් ප්‍රයෝජනය මොකක් ද?.“

“බහුතර දෙනා මේ වෘත්තිය සමිත නායකයින්  සේවයෙන් විශ්‍රාම ගිය අය. අද සේවය කරන පිරිස් නොවෙයි. ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන අශෝක රන්වල සහ සමගි ජනබලවේගය නියෝජනය කරන ආනන්ද පාලිත විශ්‍රාම ගිය නිලධාරීන්. “

“සමහර වෘත්තීය සමිති ව්‍යාපාරවලින් අදහසක් තියනවා වැරදි චිත්‍රයක් මවලා තියනවා. පිරිපහදුව අලෙවි කරනවා ද  ඈවර කරනවා ද කියලා. එහෙම කිසිම අදහසක් නෑ.  ඒත් අප තුළ තියෙන්නෙ සැපයුම් කරුවෙක් ලෙස සංස්ථාව කාර්යක්ෂම හා පාඩු නොලබන තැනක් බවට පත් කිරීම.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සාමකාමී උද්ඝෝෂකයන් මඩින්න පොලිසිය රාජ්‍ය සම්පත් අයුතු ලෙස භාවිතා කළා ද?… අල්ලස් කොමිසමෙන් පරීක්ෂණයක්…

Next Post

අනුන්ගේ වාහන හොරට විකුණා කෝටි ගණන් වංචාකර සැඟවුන රෝහිතගේ ඥාතිපුතා සොයා පොලිස් පරීක්ෂණ අරඹෙයි..

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.