බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනාධිපතිවරයාගේ පොරොන්දු දේශපාලනයේ ඇත්ත මැතිවරණයෙන් මාස 02කට පසු ජනතාවට දැනේවි… ජනාධිපති අපේක්ෂක කීර්ති වික්‍රමරත්න කියයි!

by editor
සැප්තැම්බර් 11, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ජනපතිවරණය හා මහ මැතිවරණය ඉලක්ක කර ගනිමින් ජනපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව රටේ ආර්ථික ප්‍රශ්න ගණනාවක් මතු පිටට නොපෙන්වා යට ගසාගෙන සිටින බවත් එහි නියම ප්‍රතිපල ඉදිරි මාස කිහිපයේ දී ජනතාවට අත්විඳීමට සිදුවන බවත් ජනාධිපති අපේක්ෂක කීර්ති වික්‍රමරත්න මහතා පවසයි.

ආර්ථික අතින් කඩා වැටුණු රටක ජනතාවට ලබාදීම තබා සිතන්නටවත් නොහැකි ආකාරයේ වැටුප් වැඩිවීම් ඇතුළු සහන වත්මන් ජනපතිවරයා මෙන්ම විපක්ෂනායකවරයාද යෝජනා කරමින් සිටින බවත් කිසිසේත් සිදුකළ නොහැකි පොරොන්දු ලබා දෙමින් මොවුන් නැවත වතාවක් උත්සහ කරන්නේ මේ රටේ ජනතාව මුලා කිරීමට බවත් ඒ මහතා කීය.

මහනුවර දී ඊයේ  (10) මාධ්‍ය හමුවක් පවත්වමින් වැඩිදුරටත් අදහස් දැක් වූ කීර්ති වික්‍රමරත්න මහතා මෙසේද පැවසුවේය.

ගමේ විහාරස්ථානයක මල් වට්ටි වෙන්දේසියක් සිහිවන ආකාරයට තමයි අද මේ රටේ ජනපති හා විපක්ෂනායක කටයුතු කරන්නේ. අතේ සල්ලි නැතත් ගමේ තරුණයෝ මල් වට්ටියට බොරුවට ලංසු තියලා මිල නග්ගනවා. ජනපතිවරයා හා විපක්ෂ නායක වරයාත් ඒ ආකාරයට තමයි වැටුප් වැඩි කිරීම් ඇතුළු සහන ලබා දෙන්න යෝජනා කරන්නේ. මේවා කරන්න භාණ්ඩාගාරයේ මුදල් නොමැති බව මේ දෙන්නම දන්නවා.

බංකොලොත් රටක පවත්වන ජනපතිවරණයක දී මේ තරම් මුදල් කන්දරාවක් අපේක්ෂකයින් ට වියදම් කරන්න පුළුවන් ද ?. ඇත්තටම බංකොලොත් වෙලා ඉන්නේ මේ රටේ ජනතාව විතරයි. රට බංකොලොත් කළ අය බංකොලොත් වෙලා නැහැ. ඒ අයට වියදම් කරන්න ඕනෑ තරම් මුදල් තියෙනවා. ජනාධිපතිවරණයෙන් පසු බොහෝ විට මහ මැතිවර්ණයත් එයි. එතකල් මේ පාලකයෝ රටේ ප්‍රශ්න යටපත් කරගෙන ඉන්නවා. ඒ අය දන්නවා ඇත්ත තත්ත්වය දැන ගත්තොත් රටේ ජනතාව ඒ අයව ප්‍රතික්ෂේප කරන බව. ඡන්ද සියල්ල අවසන් වූ පසු මේ රටේ ජනතාවට තව තවත් දුක් පීඩා විඳින්නට සිදුවන බව ස්ථිරයි. මේ අය ජනපතිවරණය වෙනුවෙන් සිදු කරන නාස්තිකාර වියදම් වලටත් වන්දි ගෙවන්න සිදුවන්නේ ජනතාවට යි. රාජ්‍ය සේවකයින්ට දැන් ගෙවන වැටුපත් ගෙවා ගැනීම අසීරු තත්ත්වයක තිබිය දී කොහොමද දස දහස් ගණනින් වැටුප් වැඩි කරන්නේ. මේ රටේ ඡන්ද දායකයා මේවා ගැන කල්පනා කර බැලිය යුතුයි.

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

නිදහසින් පසු අපි පුද්ගලයින් හා පක්ෂ මූලික කරගෙන තමයි ඡන්දය පාවිච්චි කළේ. පුද්ගලයින් හා පක්ෂ දිනවීමට ගොස් අවසානයේ රට බංකොලොත් වුණා. ඒ වෙනුවට අපි වැඩපිළිවෙළක් ජයග්‍රහණය කළ යුතුයි. එහෙම වුණොත් තමයි අපිට මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න පුළුවන් වෙන්නේ. විදේශ රට වලින් ණය අරන් ඒ ණයට හිලව් වෙන්න රටේ වටිනා සම්පත් විකුණනවා නම් ඒ අය හොඳ පාලකයින් ද ?. ගෙදර තිබෙන බඩු මුට්ටු විකුණාගෙන කන්න නම් ආර්ථික කළමනාකරණයක් මොකටද ?.

මේ පවතින ණය කන්දරාව ගෙවා දමන්න නම් අපි ඩොලර් උත්පාදනය කළ යුතුයි. දේශීය සම්පත් විදේශිකයින් ට කුණු කොල්ලයට නොවිකුණා දේශීය ආර්ථිකය ශක්තිමත් කරන්න අපි උත්සහ කළ යුතුයි. මේ මහ පොළොව යට විටිනා සම්පත් රැසක් තිබෙනවා. ඇත්තටම අපි නිධානයක් උඩ ඉදගෙන කදුළු සලන ජාතියක්. අපේ මිනිරන් සම්පතට ලෝකයේ ඉහළ ඉල්ලුමක් තිබෙනවා. මිනිරන් වලින් සකස් කර ගන්නා ග්‍රැෆීන් ග්රෑම් 01 ක මිල ඇමරිකානු ඩොලර් 1000 යි. සූර්ය බල ශක්තිය ගබඩා කර තබා ගැනීම ඇතුළු ක්ෂේත්‍ර ගණනාවකට මේවා අවශ්‍යය යි.

මේ නිසා ලෝකයේ ඉහළ ඉල්ලුමක් මේකට තිබෙනවා. මේ කර්මාන්තය දියුණු කළොත් වසර හතරකින් අපිට අපේ සියලු ණය ගෙවා දැමිය හැකියි. කොමිස් වලට වහ වැටුන දේශපාලනඥයින් හා නිලධාරීන් මේකට ඉඩ දෙන්නේ නැහැ. මම මේ ජනපතිවරණයට ආවේ වැඩපිළිවෙළක් ජයග්‍රහණය කරවීමටයි.

මෙම අවස්ථාවට අපේ ජනබල පක්ෂයේ ජාතික සංවිධායක ජයලාල් නිශ්ශංක, වෛද්‍ය මංගල පුෂ්පකුමාර, ජ්‍යෙෂ්ඨ පරිගනක ඉංජිනේරු රනිල් අල්ගම, විශේෂඥ වෛද්‍ය සමන් නානායක්කාර  ඇතුළු පිරිසක් සහභාගි වූහ

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඔස්ට්‍රේලියා රැකියාවකට යවනවා කියා කාන්තාවකගේ මුදල් වංචා කළ සිද්ධියකට අරුන්දික ප්‍රනාන්දු ගෙන් මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පැය 05ක් ප්‍රශ්න කරයි!

Next Post

දේශපාලන බලපෑම් මත වෛද්‍යවරුන්ට සිදුකරන විනය පරීක්ෂණ නැවැත්තුවේ නැතිනම් 18 දා වර්ජනයක් කරන බව GMOA අනතුරු අඟවයි!

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.