ශ්‍රියානි විජේසිංහ –
දේශපාලන බලපෑම් මත ඇතැම් වෛද්‍යවරුන්ට එරෙහිව සෞඛ්‍ය අමාත්‍යංශයේ විමර්ශන අංශය මගින් ආරම්භ කර තිබෙන විනය පරික්ෂණ වහාම නතර නොකළහොත් ලබන සැප්තැම්බර් 18 වන දින උදේ 8.00 සිට දීප ව්‍යාප්ත සංකේත වැඩවර්ජනයක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සඳහන් කරයි.
දුෂ්කරතා ගණනාවක් මධ්‍ය යේ වුවද නිදහස් සෞඛ්‍ය සේවාව වෙනුවෙන් කැපවී කටයුතු කරන වෛද්‍යවරුන් අධෛර්යයට පත් කරමින් සෞඛ්‍ය සේවාව පිලිබඳව කිසිදු තාක්ෂණික දැනුමක් නොමැති සෞඛ්‍ය අමාත්‍යංශයේ විමර්ශන අංශයේ නිලධාරීන් අත්තනෝමතික පදනම් විරහිත ක්‍රියාකලාප වෛද්‍යවරුන්ව දැඩි ලෙස පීඩාවට පත් කර ඇතැයි සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස සඳහන් කරයි.
දේශපාලන බලපෑම් මත කිසිදු පැමිණිල්ලක් කර සෞඛ්‍ය සේවාවේ ගැටලු සහ අක්‍රමිකතා පිලිබඳ ජනතාවට සත්‍ය හෙලි කරන වෘත්තීය සමිති නායකයින් මර්දනය කිරීම දිගින් දිගටම ක්‍රියාත්ම වෙන බවද ලේකම්වරයා පෙන්වාදේ.







