බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනාධිපති තුමනි… මිනිස්සුන්ගේ ජීවිත බේරා ගන්න… ඒ ගෞරවය ඔබ ගන්න…  

ඒකාබද්ධ වෘත්තීය සමිති සම්මේලනයේ සම කැඳවුම්කරු වසන්ත සමරසිංහ

by editor
අගෝස්තු 19, 2021
in පුවත්
WASANTHA-S
Share on FacebookShare on Twitter
  • නැතිවෙන ජීවිත ආපහු ගන්න බෑ ජනාධිපති තුමනි. මිනිස්සුන්ගෙ ජීවිතවලට වටිනාකම් තියන්න බෑ රුපියල් සත වලට. මිනිස්සුන්ගේ ජීවිත නොපෙනෙන  දෙවියන්ට භාර නොදී කරුණාකර දැන්වත් සෞඛ්‍ය අංශවලට ඇහුම්කන් දෙන්න.

සෞඛ්‍ය අංශයේ ප්‍රමාණිකයන්, රටේ සියලු බහුජන සංවිධාන, දේශපාලන නායකත්වය පමණක් නොව, ආණ්ඩුවේම පක්ෂ දහයක් නියොජනය කරන මැති ඇමතිවරුන්ගේ ඉල්ලීමට කන් දී මේ රෝගය පැතිරීම වළක්වා ගැනීම සඳහා දින දහයක් රට වසා තබන ලෙසත් ඒ ගෞරවය ඔබතුමා හිමි කරගන්නා ලෙසත්   වෘත්තීය සමිති  මධ්‍යස්ථානයේ සම කැඳවුම්කරු වසන්ත සමරසිංහ අද ( 19)  පැවසීය.

“ආණ්ඩුවේම මැති ඇමතිවරුන් ඇතුලු මේ සමස්ථය ඉල්ලා සිටින්නේ කිසිම වෘත්තීය සමිති අයිතිවාසිකමක් නොව මිනිස්සුන්ගේ ජීවත්වීම සඳහා වන අයිති පමණයි.  ජනාධිපති තුමනි. විද්‍යාත්මකව රට වසා අවශ්‍ය සියලු කටයුතු සියල්ලන්ගේම සහාය ඇතිව සංවිධානය කරගෙන රට ගොඩ දමමු. පසුව අපි අපේ දෙශපාලන ගනුදෙණු බේරා ගනිමු “ යැයි ප්‍රකාශ කළේය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (19) දහවල්  ලංකා බැංකු සේවක සංගමය මෙම වැඩපිළිවෙළට ඒකාබද්ධ වීමෙන් අනතුරුව මාධ්‍යය අමතමිනි.

ඔහු එහිදී මෙසේ ද ප්‍රකාශ කළේය.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

“ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති තුමනි. මේක  “ඝට් ෆීලිං“ වලින් විසඳන්න පුලුවන් ප්‍රශ්නයක් නෙමෙයි. මේක කාගෙහරි මෝඩ ඔවදන් වලින් වහගෙන ඉන්න පුලුවන් නෙමෙයි. මේක සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෛද්‍ය ක්ෂේත්‍රයේ  විශේෂඥයන්ගෙන් වෛරස් රෝග විශේෂඥයන්ගේ දැනුම මතම විසඳිය යුතු ප්‍රශ්නයක්.“

“මොන අදහසේ හිටියත් රටක් හැටියට ජීවිත ආරක්ෂා කිරීමේ වගකීම අපි හැමෝටම තියනවා. මේ ඉල්ලන්නේ අයිතිවාසිකම් නෙමෙයි. මේ ඉල්ලන්නෙ ජීවිතය. අපේ දරුවන්ට දෙමව්පියන් ඕන. දෙමව්පියන්ට දරුවො ඕනෙ. අඹු සැමියන්ට   ඔවුනොවුන් ඕන. “

“මේක වැහුවා කියලා ඔබතුමාට නැතිවෙන දෙයක් නෑ. මේ වෙලාවෙ රට වහලා ජන ජීවිත ආරක්ෂා කරගත්තොත් රටට යහපතක් මිස අයහපතක් වෙන්නෙ නෑ. ඔබතුමාට ගෞරවයක් මිස හානියක්  වෙන්නෙ නෑ. “

“දවස ගානෙ නිල සංඛ්‍යා ලේඛන 150ක්  කීවට මැරෙන ගාන 250යි 300 යි කියලා රටම දන්නවා. රෝගීන් තුන්දාස් පන්සීයයි කිව්වට හත් අට දාහක්  රෝගීන් දිනකට වාර්තා වන බව දන්නවා. ඊයේ  ආණ්ඩුව නියෝජනය කරන දේශපාලන පක්ෂ ජනාධිපතිතුමාට ලිපියක් දෙනවා.  ඔවුන් මේ ලිපිය පැහැදිලිව කියනවා  සති තුනක් වත් රට වැහුවෙ නැතිනම්  සෞඛ්‍ය අංශවලට දරා ගන්න බැරිව ගිහින් සේවාවන්වල ඉන්න මිනිස්සු අකර්මන්‍යවෙලා රට සම්පූර්ණයෙන් අඩපණ වෙනවා කියලා.  මේ කියන්නෙ ආණ්ඩුවෙ ඇමතිවරු“

“අපි හැමෝම ඉල්ලන්නෙ එකම දෙයයි.  නැතිවෙන ජීවිත ආපහු ගන්න බෑ ජනාධිපති තුමනි. මිනිස්සුන්ගෙ ජීවිතවලට වටිනාකම් තියන්න බෑ රුපියල් සත වලට.  ඒ නිසා මේ ඉල්ලන්නෙ දවස ගානෙ අහිමි වෙන ජීවිත බේරා ගන්න ඒ සඳහා විද්‍යාත්මක වැඩපිළිවෙලකට යන්න කියලා.  විද්‍යාත්මකව රට වැසීමක් කරන්න. ඒ අතරෙ අපට කරන්න ගොඩක් දේවල් තියනවා. සෞඛ්‍ය අංශ ශක්තිමත් කරමු. ත්‍රිවිධ හමුදාව කැඳවමු.  ස්වේච්ඡා සංවිධානවල සහාය ඕන නම් ගනිමු. උපදේශක  උපදේශකයන්ගෙ සහය ගනිමු. “

“නොපෙනෙන  දෙවියන්ට රට බාර දිල ඉන්න එපා.    මේ මැරෙන මිනිස්සුන්ගේ ජීවිත  රැක ගන්න මැදිහත්වීම තමයි මේ මොහොතේ  රජයක වගකීම. තමන්ගෙ ප්‍රජාව මහ පාරවල්වල හුස්ම ගන්න බැරිව  මැරිලා වැටෙද්දි නායකයන්ට පුලුවන්ද  අහක බලාගෙන, නොසලකා පුරාජේරු කියමින් ඉන්න.“

“ අපි මේ කියන්නෙ   මේ කියන්නෙ  වැඩපලේ වැඩ කරන මිනිස්සු, අපේ විශ්‍රාමික වැඩිහිටියො අපට කියන කතාව.  ඔවුන් තමයි යෝජනා කරන්නේ අපි අපිවත් ගෙවල්වලට වෙලා ඉඳලා හෝ මේ රෝගය පැතිරීම වළක්වාලමු කියලා.“

“ජනාධිපති තුමනි.  අපි හෙට කරුණු 10කින් යුතු පිලියක් ඔබතුමාට ඉදිරිපත් කරනවා.  දැන් සෞඛ්‍ය අංශවල උපදෙස් අනුව රට වහමු. එදිනෙදා ජීවත්වෙන්න අපහසු මිනිස්සුන්ට  සහනාධාරයක් ලබා දෙමු. ඒ ගැන නැවත දෙපාරක් හිතන්න එපා. ඔබේ අණ්ඩුව වර්ෂ 2021  අවුරුද්දෙ  ඇති තරම් මුදල් අච්චු ගැහුවා. තව කෝටි දහයක් හරි අච්චු ගහලා මේ මිනිස්සුන්ට දෙමු. රටක් තියනවා නම් ඒ රටේ  මිනිස්සු ඉන්නවා නම් අපි මේ ප්‍රශ්නය මුලින් බේරගෙන පස්සේ අනෙක් ප්‍රශ්න විසඳගනිමු.“

“ඉතාම වගකීමෙන් කියනවා වෘත්තීය සමිති මධ්‍යස්ථානයෙ සම කැඳවුම්කරු හැටියට. අපි  මේ රටේ  සියලු වෘත්තීය සමිති එක්ක සාකච්ඡා කරමින් ඉන්නේ. අපි   රට ලොක්ඩවුන් කරන්න ඉල්ලන්නෙ නිකම් ගෙවල්වලට වෙලා ඉන්න නෙමයි. මේ ඉල්ලන්නෙ දෙවියන්ට භාර දුන්නු ජීවිතවල ආරක්ෂාව. මුදල් අමාත්‍යාංශය වහලා. ජනාධිපති ලේකම් කාර්යාලය වහලා. ඒ අය වැඩ කරන්නෙ ගෙවල්වල ඉඳන්.

ජනාධිපති තුමනි. හැමෝම ජිවිතවලට ආසා මිනිස්සු.  ඔබ විතරක් ආරක්ෂා වෙලා මදි.  හැමෝම  තමන්ගෙ ජිවිත වෙනුවෙන් කරන ඉල්ලීමට ඇහුම්කන් දෙන්න. දවස් දහයකට රට වහන්න. සෞඛ්‍ය අංශ කියන දේට ඇහුම්කන් දෙන්න. අඩු  ආදායම් ලාභීන්ට දීමනාවක් දෙන්න. අපි මේ රටේ මිනිස්සුන්ගෙ ජීවිත ආරක්ෂා කරමු.  චන්දය දීපු නොදීපු සියලු දෙනාගෙ ජීවිත ආරක්ෂා කිරීම ඒ රටේ පාලකයන්ගෙ නායකයන්ගෙ වගකීම.  ඒ වගකීම ඔබ ඉටු කරන්න.  රජය ජන ජීවිතය ආරක්ෂා කිරීම සඳහා කටයුතු කරන්නෙ නැතිනම්  ජනතාවට අයිතියක් තියනවා ස්වයං ලොක්ඩවුන් එකකට යන්න. වහන්නෙ නැතිනම් ඉතිරි දවස් දහය ගෙදර ඉඳන් සම්බෝලයි බතුයි හරි කමු.  පස්සෙ මේ ගනුදෙණුව ආණ්ඩුවත් එක්ක  බේරගනිමු.

Tags: නවතම
Share69Tweet43
Previous Post

2014 වර්ෂයේදී මූලික සැලසුම් හැදූ නව කැලණි පාලමේ ඉදිකිරීම් ප්‍රගතිය 98.5% යි

Next Post

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වතිකානුවෙන් නිවේදනයක්

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.