සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනාධිපති කාර්යාලයේ භික්ෂු සම්බන්ධීකරණ ඒකකය විවෘත කෙරේ!

by editor
ජූලි 17, 2024
in පුවත්
ජනාධිපති මාධ්‍ය අංශයේ අධ්‍යක්ෂ ජනරාල් ධනුෂ්ක රාමනායක  සධාතුක කරඬුව පෙරටු කරගෙන මහා සංඝයා වහන්සේ වැඩමවූ අවස්ථාව...

ජනාධිපති මාධ්‍ය අංශයේ අධ්‍යක්ෂ ජනරාල් ධනුෂ්ක රාමනායක සධාතුක කරඬුව පෙරටු කරගෙන මහා සංඝයා වහන්සේ වැඩමවූ අවස්ථාව...

Share on FacebookShare on Twitter

සම්බුදු සසුන සුරක්ෂිත කරමින් ඉදිරියට ගෙන යාමට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව රජය වෙත පැවරී ඇති වගකීම නිසි ලෙස ඉටු කිරීමේ දී මහා සංඝරත්නය සම්බන්ධීකරණය කිරීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදි ජනාධිපති කාර්යාලයේ ස්ථාපිත කෙරුණු භික්ෂු සම්බන්ධීකරණ ඒකකය තෛන්‍රිකායික මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් සමන් ඒකනායක ගේ සහභාගිත්වයෙන් අද (17) පෙරවරුවේ විවෘත කෙරිනි.

මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේ නව ඒකකය විවෘත කෙරිණි.

මහා සංඝරත්නය..

මෙහිදී විශේෂ අනුශාසනාවක් සිදු කළ මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනුනායක සාහිත්‍ය චක්‍රවර්ති ආචාර්ය අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි අනුනායක හිමිපාණන් වහන්සේ සඳහන් කළේ රට මුහුණ දී තිබෙන ආර්ථික, සමාජයීය මෙන්ම සංස්කෘතික අභියෝග ජයග්‍රහණය කරමින් ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් සවිබල ගැන්වීමට ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙළට මහා සංඝරත්නයේ ආශිර්වාදය නිරතුරුවම හිමි වන බවයි. මහා සංඝරත්නය සහ පාලන තන්ත්‍රය අතර සබඳතා ශකිත්මත් කිරීමට මෙම නව භික්ෂු මධ්‍යස්ථානය ඉවහල් වනු ඇති බව ද උන්වහන්සේ පෙන්වා දුන්හ.

අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී අතිපූජ්‍ය නාරංපනාවේ ආනන්ද නායක හිමිපාණන් වහන්සේ ද මෙහිදී විශේෂ අනුශාසනාවක් සිදු කරමින් සඳහන් කර සිටියේ ශාසනික වශයෙන් අර්බුද රැසක් නිර්මාණය වී තිබෙන යුගයක ඒ වෙනුවෙන් රාජ්‍ය මැදිහත්වීම අත්‍යාවශ කරුණක් බවයි. ඒ අනුව මෙම නව භික්ෂු මධ්‍යස්ථානය විවෘත කිරීම ඉතා කාලෝචිත පියවරක් බව පෙන්වා දුන් උන්වහන්සේ සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිදු කරනු ලබන කැපවීම ප්‍රශංසාවට ලක් කළහ.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මල්වතු පාර්ශ්වයේ අනුනායක, ආචාර්ය අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි අනුනායක හිමිපාණන් වහන්සේ මේසේ අනුශාසනා කළහ.

 

ජනාධිපති කාර්යාලය තුළ භික්ෂු සම්බන්ධීකරණ ඒකකය පිහිටුවීම ඉතා වටිනා අරමුණු ඇතිව සිදුකළ කාර්යයක් බව කිවයුතුයි. අප රටේ සම්බුද්ධ ශාසනය සම්බන්ධ ගැටලුවලට විසඳුම් සෙවීමේ දී වඩාත් කාර්යක්ෂමව සහ අර්ථවත්ව එම කටයුතු සිදු කිරීමට මෙම ඒකකය තුළින් හැකියාව ලැබෙනු ඇතැයි විශ්වාස කරනවා.

විහාරස්ථාන පවත්වාගෙන යෑම, පාරම්පරික ධර්ම විග්‍රහයන් ආරක්ෂා කර ගැනීම, වර්තමානයේ ඇතිව තිබෙන විවිධ අභියෝගවලට මුහුණ දීමේ හැකියාව ඇතුළු ගැටලු විසදා ගැනීමට මෙම ආයතනය ප්‍රයෝජනවත් වනවා ඇති. මෙමඟින් වටිනා ප්‍රතිඵල ලබා ගන්නවා මෙන්ම, ශාසනයේ උන්නතියට ඉවහල් වනු ඇතැයි විශ්වාස කරනවා.

රටක් වශයෙන් අප අද මුහුණ දී තිබෙන ආර්ථික, සමාජයීය මෙන්ම සංස්කෘතික අභියෝගය ජයග්‍රහණය කරමින් ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් සවිබල ගැන්වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන වැඩපිළිවෙළට මහා සංඝරත්නයේ ආශිර්වාදය නිරතුරුවම ලැබෙන බව ද මා මෙම අවස්ථාවේ සඳහන් කිරීමට කැමතියි.

අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී අතිපූජ්‍ය නාරංපනාවේ ආනන්ද හිමිපාණන් වහන්සේ, නාරාහේන්පිට අභයාරාමාධිපති කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති අතිපූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නායක හිමිපාණන් වහන්සේ,  කොළඹ කොටුව ශ්‍රී සම්බුද්ධාලෝක මහා විහාරාධිපති බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ හිටපු උප කුලපති මහාචාර්ය අතිපූජ්‍ය ඉත්තදෙමළියේ ඉන්දසර නාහිමිපාණන් වහන්සේ, කැලණිය විශ්වවිද්‍යාලයේ දර්ශන අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ශාසනකීර්ති ශ්‍රී ධර්ම දර්ශන විශාරද අතිපූජ්‍ය කන්දේගොඩ විමලධම්ම අනුනාහිමිපාණන් වහන්සේ, ශ්‍යාමෝපාලිවංශික මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ අනුනායක ඉලංගංගොඩ පුරාණ විහාරාධිපති ආචාර්ය පූජ්‍ය ඕමාරේ කස්සප අනුනායකහිමිපාණන් වහන්සේ,  බස්නාහිර පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක, කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්ය ලුනාව බෝධිරාජාරාමාධිපති දර්ශනපති අතිපූජ්‍ය අගලකඩ සිරිසුමන හිමිපාණන් වහන්සේ ද මෙහිදී අදහස් දැක්වූහ.


මෙම නව භික්ෂු සම්බන්ධීකරණ ඒකකය විවෘත කිරීමෙන් පසු ඒ සඳහා සහභාගී වූ මහා සංඝරත්නය වෙනුවෙන් සංඝගත දක්ෂිණාවක් ජනාධිපති මාධ්‍ය අංශ පරිශ්‍රයේදී පැවැත්විණි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගුවන් ගමන් බලපත්‍ර අයදුම් කිරීමට ඔන් ලයින් ක්‍රමවේදයක්….

Next Post

කාත්තන්කුඩියේ පුපුරා ඇත්තේ අත් බෝම්බයක්….

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.