හෙට (19) ජනරජ පෙරහර සමග රජයේ වියදමින් නුවර අති උත්කර්ෂවත් මංගල සිරියක් ගැනීමට නියමිතය. රන්දෝලි පෙරහට සමානව උත්කර්ෂයෙන් පැවැත්වෙන පෙරහර මංගල්‍යය වෙනුවෙන් අවශ්‍ය සියලුම යටිතල පහසුකම් මේ වනවිට නුවර නගර සභාව විසින් සම්පාදනය කරමින් සිටී.
එහෙන්ම නුවර ආරක්ෂාව ඉතාම දැඩි කර ඇත.
හෙට (19) සවස පැවැත්වෙන ජනරජ පෙරහර මංගල්‍යයට පෙර හෙට උදෑසන සිට මහනුවර ජනාධිපති මන්දිරයේ වැඩසටහන් මාලාවක් සංවිධානය කර තිබේ. එහි ප්‍රධාන අරමුණ රාජ්‍ය සේවාව ජනගත කිරීම බව වාර්තා වේ.
හෙට දිනය පුරා නුවර සුරාසල්, මත්ස්‍ය මාංශ අලෙවිසල් වසා දැමීමට නියෝග කර ඇත. පෙරහර බැලීමට රටේම ප්‍රධාන ප්‍රභූවරුන්ට ඇරයුම් කර තිබේ.
රජයේ වියදමින් අද නුවරට එන සියලුම කැබිනට් ඇමතිවරු, අමාත්‍යාංශ ලේකම්වරු, සහ ආරාධිත ඇමතිවරු හෙට රාත්‍රියේ ජනාධිපතිවරයා සමග එක්ව ජනරජ පෙරහර නැරඹීමට නියමිය.
අනතුරුව ඉතිහාසයේ තවත් විශේෂ ලකුණක් සටහන් කරමින් කැබිනට් හමුව 20 වැනිදා උදෑසන නුවර ජනාධිපති මන්දිරයේ දි පැවැත්වනු ඇත.









