-
ප්රවෘත්ති අධ්යක්ෂ ධූරයට නියෝජ්‍ය අධ්යක්ෂකකමක් ඇති ඇමතිට කත් අදින පොහොට්ටුවේ ගොට්ටෙක්… අභ්‍යන්තර දේශපාලන ගැටුමේ ප්‍රතිඵලයක් ලෙස පොහොට්ටුව රූපවාහිනියේ බලය අල්ලන්න කරන උත්සාහයේ එක් පියවරක් බව වෘත්තීය සමිති කියයි….
ප්රවෘත්ති විකාශනයේ දී තමන්ගේ ප්රවෘත්තිවල ප්‍රමාණය අඩු බවට චෝදනා කර ජනමාධ්‍ය ඇමති බන්දුල ගුණවර්ධන විසින් රූපවාහිනියේ ප්රවෘත්ති අධ්යක්ෂ තිලක් මහගමගේ වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කරන ලෙස රූපවාහිනී සභාපතිවරයාට දන්වා ඇතැයි වාර්තා වේ.

රූපවාහිනියේ වෘත්තිය සමිති ප්‍රකාශකයෙක් ලංකාසරට පැවසුවේ මේ වනවිට ආණ්ඩුව තුළ නිර්මාණය වී ඇති දෙදරීම හේතුවෙන් රූපවාහිනියේ බලය පොහොට්ටු දේශපාලනය විසින් තහවුරු කරගැනීම සඳහා මේ වනවිට දියත් වී ඇති මෙහෙයුමේ එක් ප්‍රධාන අවස්ථාවක් ලෙස මෙය සැලකිය හැකි බවය.
පෙරේදා රූපවාහිනි සභාපති ඩබ්ලිව් බී ගනේගල විසින් රූපවාහිනි ප්රවෘත්ති අධ්යක්ෂ තිලක් මහගමගේ ගෙන්වා ඇමතිවරයා ඔහුව ප්රවෘත්ති අධ්යක්ෂ ධූරයෙන් ඉවත් කරන ලෙස දන්වා ඇතැයි වාර්තා වේ.
ඊට හේතුව ලෙස දක්වා ඇත්තේ ඇමතිවරයා බොහෝ තැන්වල කරන සංචාර රූපවාහිනිය මගින් නිසි පරිදි ආවරණය කර ප්රවෘත්ති විකාශනයන්හි විකාශය නොවීමය.
එහෙත් ඇමතිවරයාගේ ප්රවෘත්ති ප්‍රමාණාත්මකව රූපාවහිනිය ඔස්සේ විකාශනය කරන බවත්, කිසිම ඇමතිවරයෙක් ලබා නොගත් ගුවන් කාලයක් තවමත් මේ ඇමතිවරයා විසින් බලපෑම් කර ලබා ගන්නා බවත් පවසන වෘත්තිය සමිති පවසන්නේ තිලක් මහගමගේ ඉවත් කිරීමෙන් පසු ඇමතිවරයා ප්රවෘත්ති අධ්යක්ෂ ධූරයට පත්කරන ලෙස දන්වා ඇත්තේ පොහොට්ටුවේ දේශපාලන ගැත්තෙක් විම නිසා ප්රවෘත්ති අංශයේ බරපතල අප්‍රසාදයට පත් වී එතැනින් ඉවත් කරන ලද නියෝජ්‍ය අධ්යක්ෂවරයෙකි.
දශක තුනකට ආසන්න කාලයක් රූපාවාහීනීයේ පළපුරුද්දක් සහිත කෘතහස්ථ මාධ්‍යවේදියෙක් වූ තිලක් මහගමගේ රූපවාහිනී ප්රවෘත්ති අධ්යක්ෂ ධූරයට පත් වන්නේ පෙබරවාරියේ පවත්වන ලද සම්මුඛ පරීක්ෂණ්යකට මුහුණ දීමෙන් අනතුරුව බවත් එම සම්මුඛ පරීක්ෂණයට පෙනී සිටි රූපවාහිනියේ ඇමතිගේ ගෝලයා ඉන් අසමත් වුන බවත් අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.
කිසිම චෝදනාවක් රහිතව සේවය කළ ප්රවෘත්ති අධ්යක්ෂවරයාගේ දැඩි උත්සාහය මත රූපවාහිනි ප්රවෘත්ති යම් ගුණාත්මක තත්ත්වයකට පැමිණි බවත්, මේ නිති විරෝධී දේශපාලන මාරුව සම්බන්ධව වෘත්තීය සමිති ලෙස තමන් ඉදිරියේ දි ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධව සාකච්ඡා කරන බවත් රූපවාහිනී වෘත්තීය සමිති ප්‍රකාශකයෙක් ලංකාසරට පැවසීය.







