අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරාගැනීමේදී අපේක්ෂා කළ පරිදිම මන්ත්‍රී වෙන්දේසිය ආරම්භ වී ඇතැයි විශ්වාසකටයුතු ආරංචි මාර්ග හෙළි කරයි.
ස්වාධීන පක්ෂ එකමුතුවේ සහාය ඩලස් අලහප්පෙරුමට ලබාදෙන බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ අද (19) පැවසුවේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඡන්දය පාවිච්චි නොකිරීම සඳහා වූ සිය ස්ථාවරය වෙනස් කළ බව තවම ප්‍රකාශ කර නැත. එහෙත් මන්ත්‍රීවරු පිරිසක් රහසේම රනිල් වික්‍රමසිංහ පාර්ශවය සහ ඩලස් අලහප්පෙරුම පාර්ශවය සමග සාකච්ඡා පවත්වා ඇතැයි වාර්තා වේ.
එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග කියන්නේ සජිත් ප්‍රේමදාස ඉවත්වීමනිසා සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු ප්‍රමාණයක් රනිල් වික්‍රමසිංහට සහාය පල කිරීමට එකඟතාවය පල වී ඇති බවය
දෙමළ ජාතික සන්ධානය තමන් ඡන්දය පාවිච්චි කරන අපේක්ෂකයා සම්බන්ධව නිල ප්‍රකාශයක් නිකුත් කර නැතත් රනිල් වික්‍රමසිංහ සඳහා ඡන්දය පාවිච්චියට ඉන් කීප දෙනෙක් එකඟ කරගෙන ඇතැයි ද පැවසේ.
ඒ අතර ඩලස් අලහප්පෙරුම හා එක් වීමට පොදු ජන පෙරමුණේ තවත් කණ්ඩායමක් අභිලාෂය පල කර ඇතැයි වාර්තා වේ.
කෙසේ වෙතත් විශේෂ වරදාන හා වරප්‍රසාද පැකේජ සහිතව මන්ත්‍රීවරුන් සඳහා කේවල් කිරීම් සිද්ධවෙමින් ඇති බවත් දෙපාර්ශවයම ඉලක්ක කරගෙන විවිධ අරමුදල් යොමු වී ඇති ආකාරයෙන් හෙට දක්වාම අවසන් ඉලක්කම් සම්බන්ධව ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වී ඇති ප්‍රධාන බල කඳවුරු දෙකට නිශ්ඡය කරගත නොහැකි වනු ඇති බවත් වාර්තා වේ.







