සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනපති විදෙස් සංචාරවල යෙදෙන්නෙ රට හුදකලා වීම වළක්වන්න… ජනපති රට යන හේතුව විදේශ කටයුතු රාජ්‍ය ඇමති  රටට තේරුම් කර දෙයි !

by editor
පෙබරවාරි 1, 2024
in පුවත්
Ranil-W
Share on FacebookShare on Twitter

ජනාධිපතිවරයාගේ විදේශ සංචාර රටට අතිශයින්ම වැදගත් බවත් ශ්‍රී ලංකාවට හුදෙකලා දූපතක් ලෙස පැවතිය නොහැකි බැවින්  රට සංවර්ධනය කරා ගෙන යෑමේ අභිලාෂය සහිතව    තිබෙන විදෙස් සබඳතා ශක්තිමත් කර ගනිමින් නව විදෙස් සබඳතා ඇති කරගැනීම  මෙම නිල විදේශ  සංචාරවල අරමුණ බවත් විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය සඳහන් කළේය.

විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (01) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා මෙසේ ද පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ විදේශ කටයුතු අමාත්‍යවරයා පසුගියදා ස්විස්ටර්ලන්තයේ ඩාවෝස් නුවර පැවති ලෝක ආර්ථික සංසදයේ සමුළුවට සහභාගි වුණා. එහිදී ව්‍යාපාරික ප්‍රජාව ද හමු වුණා. ලංකාව නැවත ගොඩනඟන ආකාරය සම්බන්ධයෙන් එහිදී ගැඹුරින් සාකච්ඡා කළා. ලංකාවට ආයෝජකයින් කැඳවන්නේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් ද සාකච්ඡා කළා.

ඒ වගේම උගන්ඩාවේ කම්පාලා නුවර පැවති නොබැඳි ජාතීන්ගේ සමුළුවේදී ලෝකයේ පවතින බල කඳවුරු සමඟ කටයුතු කරන ආකාරය පිළිබඳව ජනාධිපතිතුමා සාකච්ඡා කළා. 2050 වසරේ දී ලෝක ආර්ථිකය සමඟ ශ්‍රී ලංකාවේ ආර්ථික පරිවර්තනය සිදුකරන ආකාරය සම්බන්ධයෙන් ද සාකච්ඡා කෙරුණා.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

අනතුරුව G77 සහ චීනය සමුළුවට ද ජනාධිපතිතුමා සහභාගී වුණා. එහිදී කාලගුණ විපර්යාස සහ වසංගත තත්ත්වයන්ට මුහුණ දෙන්නේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් අවධානය යොමු කෙරුණා. එම තත්ත්වයන් අප වැනි රටවල්වලට බලපාන ආකාරයත්, ඒ හමුවේ ආර්ථිකමය හසුරුවා ගත යුතු ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීම ද විශේෂත්වයක් වුණා. හරිත ආර්ථිකයක් කරා යොමු වන්නේ කෙසේ ද යන්න පිළිබඳව ද අදහස් හුවමාරු වුණා.

ජනාධිපතිවරයාගේ විදෙස් සංචාර සම්බන්ධයෙන් ඇතැමුන් විවේචන සිදුකළත් ඒ සියල්ල පදනම් විරහිත බව මගේ අදහසයි.

වැනි ජත්‍යන්තර සමුළුවලට සහභාගී වීමේ වාසිය නම්, අප සහ ලෝකය අතර සහ සම්බන්ධතා ගොඩනඟා ගැනීමට හැකිවීමයි. ශ්‍රී ලංකාවට හුදෙකලා දූපතක් ලෙස පැවතිය නොහැකියි. රට සංවර්ධනය කරා ගෙනයාමට නම් තිබෙන විදෙස් සබඳතා ශක්තිමත් කර ගනිමින් නව විදෙස් සබඳතා ඇති කරගැනීම ද අවශ්‍යයි. ඒ සඳහා විදේශ නිළ සංචාර අතිශය වැදගත් වනවා.

දේශපාලන නායකයන්ට පෞද්ගලික අංශයේ සිටින ව්‍යාපාරිකයන්, ආයෝජකයන් සමඟ කටයුතු කිරීම සහ සංවර්ධනය පිළිබඳව විශේෂ තීන්දු තීරණයන්ට එළඹීමට ද මෙමඟින් හැකියාව ලැබෙනවා.

එමෙන්ම නොබැඳි  ප්‍රතිපත්තිය තවදුරටත් තහවුරු කිරීමට ද පසුගිය සංචාරයන් අපට ඉවහල් වුණා. යුක්රේන සහ මැද පෙරදිග යුද්ධ ආසියානු කලාපයට පැතිරීම වැළැක්වීමට ගත යුතු පියවරයන් සම්බන්ධයෙන් ද එහිදී විශේෂ සාච්ඡාවට බඳුන් වුණා. රාජ්‍ය නායකයින් සමග සාකච්ඡා කිරීමෙන් පසු මෙම තත්ත්වයක් ව්‍යාප්තවීම වළක්වා ගැනීමට අපට හැකියාව ලැබෙනවා. සාමකාමී ලෝකයක් පවත්වා ගැනීමට මෙම සාකච්ඡාවන් ඉවහල් වූ බව ද සඳහන් කළ යුතුයි.

ඒ වගේම ආර්ථික සහ සාමාජීය වශයෙන් ගත යුතු පියවර පිළිබදව තවදුරටත් සාකච්ඡා කිරීම සඳහා ලංකාවට පැමිණෙන ලෙස විසින් විදෙස් රාජ්‍ය නායකයින් වෙත ආරාධනා කළා.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉමියුනොග්ලොබියුලින් අපරාධයේ එක් සැකකරුවෙකුට ඇප… සැක කරුවන් 06 දෙනෙක් යළි රිමාන්ඩ්!

Next Post

නීතිය අවලමේ යවා පොලිස් පොඩ්ඩෙක් විනාශ කරන්නට ගොස් නිරුවත් වුන පොලිස් ජඩයන්ගේ කතාව!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.