සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනපති ලේකම් කාර්යාලයෙන් ඉල්ලා අස්වන්න කීවත් ආණ්ඩුකාරවරු 04 ඉවත් නොවන්නේ පොහොට්ටු ප්‍රධානියෙකුගේ සැලසුමකට ?…

by editor
මැයි 14, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

පොහොට්ටුව සමග ජනාධිපතිවරයා ඇති කරගත් එකඟතාවයක් මත ආණ්ඩුකාර ධූර බෙදා ගැනීමේ සැලසුමකට අනුව ආණ්ඩුකාරවරුන් 04කුට ඉල්ලා අස්වන්නැයි  ජනාධිපති ලේකම් කාර්යාලය විසින් දැනුම් දීමක් කළ ද  ඔවුන්  ඉල්ලා අස් නොවීමට තීරණය කර ඇත්තේ පොහොට්ටුවේම දේශපාලන ප්‍රබලයෙකුගේ උපදෙස් මත බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කරයි.

ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග පවසන්නේ ජනාධිපතිවරයාගේ උපදෙස් මත  උතුර, නැගෙනහිර, වයඹ සහ සබරගමුව ආණ්ඩුකාරවරුන්ට ඉල්ලා අස්වන ලෙස   තමන් දැනුම් දි ඇති බවය.

නැගෙනහිර ආන්ඩුකාර අනුරාධා යහම්පත් මෙම දැනුම්දීමට අනුව ඉල්ලා අස්වීමට සූදානම් වුවද පසුව පැමිණි බලපෑම නිසා ඇය ආණ්ඩුකාර ධූරයේ    තවදුරටත් රැඳී සිටීමට කටයුතු කර ඇති බව එම ආරංචි මාර්ග පවසයි.

වයඹ ආණ්ඩුකාර අද්මිරාල් ඕෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ පොහොට්ටු ප්‍රධානියාගේ මෙහෙයවීම මත  තවදුරටත් වයඹ ආණ්ඩුකාර ධූරයේ රැඳී සිටීම සඳහා හිටපු අගවිනිසුරු  සරත් නන්ද සිල්වාගෙන් නීති උපදෙස් ලබාගෙන ඇති බව ද අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කරයි.

මෙම ආණ්ඩුකාරවරුන් තිදෙනෙක් මාධ්‍යයට පවසා ඇත්තේ තමන්ට ඉල්ලා අස්වන්නැයි ජනාධිපතිවරයා හෝ ජනාධිපති කාර්යාලයෙන් මෙතෙක් ලිඛිත නිල දැනුම් දීමක් කර නැති බවය. උතුරු පළාත් ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජා මේ වනතුරු කිසිම ප්‍රකාශයක් සිදුකර නැත.  ලිඛිත දැනුම් දීමක් සිදුකර නැති බැවින්  මෙතෙක්  සිය ධුරවලින් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නොමැති ආණ්ඩුකාරවරු තිදෙනෙක් ප්‍රකාශ කර තිබේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

කෙසේ වෙතත් ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග පවසන්නේ උතුරු, නැගෙනහිර, වයඹ සහ සබරගමුව ආණ්ඩුකාරවරුන්ට ඉල්ලා අස්වන්නැයි ජනාධිපතිවරයාගේ උපදෙස් මත ජනාධිපති ලේකම් කාර්යලය හරහා දැනුම් දුන් බවය.

රටේ ගෞරවනීය සම්ප්‍රදාය වන්නේ  ජනාධිපතිවරයෙකු ඉවත්වූ විට ආණ්ඩුකාරවරුන් ඉල්ලා අස්වීම බවත්     ගෝඨාභය රාජපක්ෂ බලයෙන් ඉවත් වී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා වීමෙන් මාස කීපයක් ගත වී ඇතත් දැන් ලිඛිත ඉල්ලීම් බලාපොරොත්තුවෙන් ධූරවල රැඳී සිටින්නට උත්සාහ කරන මෙම ආණ්ඩුකාරවරුන් ඉල්ලා අස්නොවූ බවත් ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග පවසයි.

එබැවින් ඔවුන්ට ඒ සම්බන්ධව සිහිකැඳවීමක් කර ධූරවලින් ඉවත්වන ලෙස වාචිකව දැන්වූ බව ද ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රකාශකයෙක් ලංකාසරට පැවසීය.

පොහොට්ටුව සහ එක්සත් ජාතික පක්ෂය අතර අවබෝධතා දේශපාලන ගමනක මූලික අවස්ථාවක් ලෙස ආණ්ඩුකාර ධූර පහක් පොහොට්ටුවටත්, ධූර 04ක් එක්සත් ජාතික පක්ෂයටත් බෙදී යන ලෙස නව පත්කිරීම් සිදුකිරීමට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන් මුල් අවස්ථාවේ දීම එකඟතාවයකට පැමිණ තිබිණි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

නර්ථන කණ්ඩායමක තරුණ දරුවන්  10ක් අනතුරට ලක් වෙයි… රියදුරු සමග 11ක් රෝහලේ…

Next Post

දැරියන් 02 පැහැර ගැනීමට තැත් කළා යැයි මන්නාරම බිය කළ තරුණයින් දෙදෙනා රිමාන්ඩ්…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.