ජනාධිපති රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකා රාජගුරු මණ්ඩලයේ සභාපති හා කුරුණෑගල කතෝලික රදගුරු පදවියේ රදගුරු ආචාර්ය හැරල්ඩ් ඇන්තනී පෙරේරා රාජගුරු ප්‍රසාදීන් වහන්සේ අතර හමුවක් අද ( 02 ) සවස සිදු වී ඇත.
කුරුණෑගල කතෝලික රදගුරු නිවස වෙත පැමිණි ජනාධිපතිවරයා රදගුරු හිමිපාණන් බැහැදැක සුවදුක් විමසා තිබේ.
කුරුණෑගල කතෝලික රදගුරු පදවියේ අනුනායක අතිගරු පියල් ජානක ප්‍රනාන්දු පූජා ප්‍රසාදීන්වහන්සේ සහ කුරුණෑගල රදගුරු පදවියේ භාණ්ඩාගාරික සාගර ප්‍රිශාන්ත පූජා ප්‍රසාදීන්වහන්සේ මේ අවස්ථාවට එක් වී ඇත.
කෙසේ වෙතත් කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණන් බැහැ දැකීම සඳහා ජනාධිපතිවරයා මේ වනතුරු කිසිම ඉල්ලීමක් සිදුකර නැතැයි අප කළ විමසුමක දී කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය අංශය පැවසුවේය.







