සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඡන්දෙට රළ හදන්න පොලොන්නරු ගිය ගමන් දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට ගොඩ වැදුණු නාමල් එහි විදුලි බිලට සහනයක් සලසන්න පොරොන්දු වෙයි!

by editor
පෙබරවාරි 7, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

 දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ විදුලි බිල රුපියල් හතළිස් ලක්ෂයකට ආසන්නන මුදලක් ශ්‍රි ලංකා විදුලි බල මණ්ඩලයට ගෙවීමට තිබෙන බවත්, මාසිකව රුපියල් ලක්ෂ පහකට ආසන්න විදුලි බිලක් දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට ලැබෙන නිසා, සම්පූර්ණ විදුලි බිල ගෙවීමට මැදිහත්වන ලෙසත්  දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට  ඊයේ (06) සවස යෝජනා කළහ.

උන්වහන්සේ එසේ යෝජනා කළේ නාමල් රාජපක්ෂ ඇතුළු ආණ්ඩුවේ මැති ඇමතිවරු පිරිසක් ඊයේ සවස දිඹුලාගල නා හිමියන් බැහැදැකීමට පැමිණි අවස්ථාවේ දී ය. ඡන්දය ඉලක්ක කරගෙන ගොඩ නැගූ  “සද් ජන රළ ” රැස්වීම් මාලාවේ සමාරම්භක රැස්වීම ඊයේ (06) උදෑසන පොලොන්නරුව ගිරිතලේ ප්‍රදේශයේදී පැවැත්වීමෙන් අනතුරුව නාමල් ඇතුළු කණ්ඩායම දිඹුලාගලට ගොස් තිබිණි.

ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනය සංවර්ධනය කිරීමේ වගකීමක් රජයට ඇති බවත්  තමන් වහන්සේ මෙම පුදබිම භාරගත්තායින් පසු විශාල වැඩපිළිවෙළක් සැලසුම් කර එය සාර්ථක කරගැනීමට   ජනාධිපතිවරයා වෙත ලිඛිත ඉල්ලීමක් යොමු කළද ඊට මෙතෙක් පිළිතුරක් නොලැබීම පිළිබඳ කණගාටුවන බවත් උන්වහන්සේ  නාමල් රාජපක්ෂට කීහ.

උන්වහන්සේ  පැවසුවේ ශ්‍රී ලංකාව පුරා විහිදුණු දායකකාරකාදීන් තුන්සිය හැටපස්දෙනකුට තම ආරණ්‍ය සේනාසනයේ වැඩ වාසය කරන භික්ෂූන් වහන්සේලා උදෙසා දානමාන නැමීම  හැරෙන්නට වෙනත් පූජාවක් මෙන්ම පරිත්‍යාගයක්  ආරණ්‍ය සේනාසනයට නොමැති බව නා හිමියෝ පැමිණි මැති ඇමති පිරිසට පහදා දුන්හ.

මෙහිදී නාමල් රාජපක්ෂ සඳහන් කළේ දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට ලැබෙන විදුලි බිල සඳහා යම් සහනයක් සැකසීමට තමා මැදිහත් වන බවය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ විදුලි බිල අවම කිරීම සඳහා සූර්ය විදුලි බල පද්ධතියක් සැකසීමට වැඩපිළිවෙළක් සකසන ලෙස මෙම අවස්ථාවට  පැමිණ සිටි විදුලි බල රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධට පාර්ලිමේන්තු මන්ත්‍රී  නාමල් රාජපක්‍ෂ  උපදෙස් දුන්නේය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරු දිස්ත්‍රික් සංවිධායක, මහා මාර්ග රාජ්‍ය අමාත්‍ය  සිරිපාල ගම්ලත්, විදුලි බල රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ, තිස්ස කුට්ටිආරච්චි, චින්තක මායාදුන්නේ, තේනුක විදානගමගේ, ජගත් සමරවීක්‍රම යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද එක්ව සිටියහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

යාපනයේ මහා සංගීත සංදර්ශනයකට දකුණු  සුපිරි සංගීතඥ හරිහරන් ඇතුළු ගායක ගායිකාවන් සහ නළු නිලියන් රැසක් පැමිණෙති!

Next Post

දෙනෝදාහක් ඉදිරියේ රද්දල්ගොඩ කළුවසන්ත ගැසූ ගේම වීරඟුල – බෙම්මුල්ල – පල්ලේවෙල පොලිසි ඒකාබද්ධ මෙහෙයුමකින් සුන්… පැහැරගත් වාහනය සැකකරුවන් 08ක් සමග අත් අඩංගුවට….

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.