නාගලෑන්ඩ් (Nagaland) ප්‍රාන්තයේ පෙක් දිස්ත්‍රික්කයේ (Phek) මැතිවරණ ක්‍රියාවලියේදී ඡන්දදායකයින්ට මත්පැන් ලබා දෙමින් ඔවුන් පෙළඹවීමට උත්සාහ කිරීම සම්බන්යෙන් විරෝධය පළ කරන කාන්තා සංවිධාන මත්පැන් බෙදාහැරීම් හා භාවිතය සම්බන්ධයෙන් සොයා බැලීමට මුරපොලවල් පිහිටුවා තිබේ.
පෙක් හි වාසය කරනු ලබන ‘චඛ්සෑන්ග් හා පෝෂරි’ (Chakhesang / Pochury) යන ගෝත්‍රික ජනතාව ය. එහි ආසන හතරක් සහිත ඡන්ද කොට්ඨාස පහක් පිහිටා තිබේ.
සභා මැතිවරණයේදී ඡන්ද දායකයින් පොළඹවා ගැනීම සඳහා මත්පැන් ලබා දීමත්, මත්පැන් පානයෙන් පසු ශාරීරික සටන් හා ගැටුම් ඇති කර ගැනීම සම්බන්දයෙන් කනස්සල්ලට පත් චඛ්සෑන්ග් මව්වරුන්ගේ සංගමය (සීඑම්ඒ) තම ප්‍රදේශයේ මුරපොලවල් 100ක් පමණ පිහිටුවා ඇත. චඛ්සෑන්ග් නාග ගෝත්‍රික කාන්තාව්න මෙම මුරපොලවල් කටයුතු කරමින් සිටින බව ‘ද අසෑම් ට්‍රිබියුන්’ වෙබ් අඩවිය වාර්තා කරයි.
සීඑම්ඒ සංගමයේ සභාපති සෝනෙලු ටූන්යි (Zhonelü Tunyi) පවසන්නේ ඡන්ද කාලසීමාවේදී මත්පැන් භාවිතා කොට ඡන්ද අපේක්ෂකයින් සමඟ ද ගැටුම් ඇති කර ගන්නා පුද්ගලයින් වළක්වාලීම සිය මුරපොරවල්වල අරමුණ බවයි.
“අපේ ප්‍රධාන අරමුණ තමයි නිදහස්, සාධාරණ හා පෙළඹවීම් රහිත මැතිවරණයක් පැවැත්වීමයි. ඒ සඳහා මිනිසුන් සන්සුන්ව සිටිමින් ගැටුම් වළකා ගැනීම ඉතාමත් වැදගත්… මැතිවරණ සමයේදී ජනතාව බීමත් වුණාම අපේක්ෂකයින්ගෙන් හා දේශපාලඥයින්ගෙන් නැවත නැවතත් මුදල් පවා ඉල්ලා සිටිනවා.. මත්පැන් ලැබීම නැවැත්වුවම මේ ගැටලු නිරාකරණ වේවි..”
මෙම මුරපොලවල් සම්බන්ධයෙන් අදහස් පළ කළ පොලීසිය පවසා තිබුණේ ‘මෙවැනි සදාචාරත්මක පොලිස් සේවයක් අගය කළ යුතු නමුත් ඔවුන් නීතිය අතට නොගෙන ප්‍රශ්න සෘජුවම පොලීසියට වාර්තා කළ යුතු ’ බවයි.
සිකුරාදා වන විට මත්පැන් ලීටර් 71,334.824 ක්, රුපියල් 4,06,44,495 ක මුදල් හා රුපියල් 31,30,44,530 ක් වටිනා මත්ද්‍රව්‍ය සොයාගෙන ඇති අතර 3,90,79, 640 ක් වටිනා නොමිලේ බෙදා හැරීමට ගෙනා භාණ්ඩ සහ වෙනත් ද්‍රව්‍ය අත්අඩංගුවට ගෙන ඇති බව ප්‍රාන්ත මැතිවරණ නිලධාරීහු පැවසූහ.
“අපි නිදි නැති රාත්‍රීන් ගත කරන්නේ අපේ සමාජය සහ අනාගත පරම්පරාව යහපත් වීමට අපට අවශ්‍ය නිසා” යැයි ටූනියි වැඩිදුරටත් පවසයි.







