දිනසේන රතුගමගේ –
යාපනයේ පුතූර් නිලාවරෙයි ප්‍රදේශයේ පිහිටි බෝධිය අසල කිසියම් පිරිසක් විසින් රහසේ ස්ථාපිත කරණ ලද බුදු පිළිමයක් ප්‍රාදේශීය සභාවේ හා පළාත් වාසීන්ගේ දැඩි විරෝධය මැද ඊයේ ( 25 ) ගලවා ඉවත් කොට තිබේ.
එම බුදු පිළිමය එම ස්ථානයේ තැන්පත් කොට ඇත්තේ ඊට පෙර දින (24) වැනිදා රාත්‍රියේදීය.

නිලාවරෙයි ප්‍රදේශය පතුල නොපෙණෙන ළිඳ පිහිටා ඇති නිසා බෙහෙවින් ජනප්‍රිය වී ඇති අතර විශාල බෝධියක්ද එහි වෙයි.
බුදු පිළිමය තැන්පත් කළ පිරිස බෝධිය අසල තනන ලද පිළිම ගෙයක බුදු පිළිමය තැන්පත් කොට තිබූ අතර උදෑසන වෙත්ම ඒ සඳහා නැගුණු විරෝධයක් නිසා පළාතේ ආරක්ෂාව බාරව සිටින යුද හමුදා නිලධාරීන් හා පොලිසිය පැමිණ බුදු පිළිමය එම ස්ථානයෙන් ඉවත් කරගෙන ඇත.
යාපනයේ පුතූර් ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුලු පිරිස ප්‍රකාශ කොට ඇත්තේ ප්‍රාදේශීය සභාවේ අවසරයකින් තොරව බුදු පිළිමයක් තැබීම හෝ නව ඉදිකිරීමක් සිදු කළ නොහැකි නිසා එම බුදු පිළිමය වහාම එම ස්ථානයෙන් ඉවත් කර ගන්නා ලෙසය.







