දිනසේන රතුගමගේ –
යාපනයේ චෙම්මනි සමූහ මිනී වළෙන් ඊයේ ( 22 ) හමු වූ මිනිස් අස්ථි කොටස් සමග ළදරුවකුගේ කිරි බෝතලයක් හා ජොග්ගුවක් හමු වී තිබේ.
චෙම්මනි සමූහ මිනී වලේ හතර වෙනි අදියරයේ කැණීම් කටයුතු 21 දා ආරම්භ වූ අතර එම අදියරයේ කැණීම් වලදී අලුතින් මිනිස් ඇට සැකිලි කොටස් 2 ක් හමු වී තිබේ.
ළදරු මිනිස් ඇට සැකිල්ල හා කිරි බෝතලය හමු වී ඇත්තේද එම හතර වන අදියරයේ කැණීම් වලිනි.
මේ ස්ථානයේ කැණීම් කටයුතු තව දුරටත් සිදු කෙරෙන අතර යාපනය මහෙස්ත්රාත් ඒ. ඒ. ආනන්ද රාජා මහතා 22 දා කැණීම් කටයුතු යළි නිරීක්ෂණය කරණු ලැබීය.








