අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චීනයට ගිය පුටින් !

by lankasara-editor
මැයි 16, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

අමායා උඩුවැරැල්ල –

රුසියාවේ ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් දෙදින රාජ්‍ය සංචාරයක් සඳහා අද (16) චීනයේ බීජිං වෙත ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

රුසියානු හමුදා යුක්රේනයට ප්‍රහාර එල්ල කරමින් ඉදිරියට යනවිට චීන නායක ෂී ජින්පින් සමඟ වන සමීප බැඳීමෙහි අවශ්‍යතාව අවධාරණය කරමින් පුටින් මෙලෙස දෙදින රාජ්‍ය සංචාරයක් සඳහා චීනය වෙත ගොස් තිබෙන බව වාර්තා වනවා.

මෙම සංචාරය පසුගිය සතියේ රුසියාවේ ජනාධිපති ලෙස නව ධූර කාලයකට ඇතුල් වීමෙන් පසු පුටින්ගේ සංකේතාත්මක පළමු විදේශීය සංචාරයයි. යුක්රේනයේ ඊසානදිග කාකිව් ප්‍රදේශය තුළ රුසියාවේ ඉදිරි ගමනට එරෙහිව  හමුදා ආරක්ෂාව තරකර ඇති බැවින් ඉදිරියේ දී සියලුම ජාත්‍යන්තර සංචාර නවත්වන බවට යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි ඊයේ සිය කාර්යාලය හරහා ප්‍රකාශයක් නිකුත් කිරීමෙන් පැය කිහිපයකට පසු පුටින් මෙලෙස චීනයේ බීජිං අගනුවරට ගොඩ බැස තිබීම විශේෂත්වයක්.

චීන ජනාධිපති ෂී ජින්පින් සහ පුටින් අතර සිදු වීමට නියමිත රැස්වීම්වලදී ඔවුන්ගේ වෙළඳාම, ආරක්ෂාව සහ බලශක්ති සබඳතා පුළුල් කිරීම පිළිබඳව සාකච්ඡා කිරීම් සිදුවනු ඇතැයි අපේක්ෂා කෙරෙන බව විදෙස් මාධ්‍ය දක්වා තිබෙනවා. සංචාරයට පෙර පුටින් චීන රාජ්‍ය මාධ්‍ය සමඟ සිදුකල සම්මුඛ සාකච්ඡාවකදී රටවල් දෙක අතර තිබෙන පෙර නොවූ උපායමාර්ගික හවුල්කාරිත්වය අගය කර තිබෙනවා. විදේශ ප්‍රතිපත්ති සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම සහ කර්මාන්තය සහ අධි තාක්‍ෂණය, අභ්‍යවකාශය සහ න්‍යෂ්ටික බලශක්ති සාමකාමී භාවිතය, කෘතිම බුද්ධිය, පුනර්ජනනීය බලශක්තිය සහ අනෙකුත්  අංශවල සහයෝගීතාව ගැඹුරු කිරීම දෙරටෙහි නායකයින්ගේ අරමුණ බවත් ඔහු පවසා තිබෙන අතර එහි දී යුක්රේනය සමග වන අර්බුදය විසඳීම සඳහා චීනයේ ක්‍රියා පිළිවෙත ප්‍රශංසාවට ලක් කර තිබෙනවා. චීනය කිසිවිටෙකත් රුසියාවේ ආක්‍රමණය හෙළා දැක නැත.

යුක්රේන ආක්‍රමණයෙන් පසු පුටින් බීජිං වෙත ගිය දෙවන සංචාරය මෙය වන අතර ෂී ජින්පින් 2023 වසරේ දී චීනයේ ජනාධිපති ලෙස නව ධූර කාලයට පිවිසීමෙන් පසු මොස්කව් වෙත ගිය බව සඳහන් වනවා. නායකයින් දෙදෙනා ද්වීපාර්ශ්වික ගිවිසුම් කිහිපයකට ද අත්සන් කිරීමට අපේක්ෂා කරන බව ක්‍රෙම්ලිනය විසින් පසුගිය අඟහරුවාදා දින ප්‍රකාශ කර ඇති අතර චීන රාජ්‍ය මාධ්‍ය විස්තර කර තිබෙන පරිදි මෙම සංචාරය අතරතුර රුසියාවේ සහ චීනයේ රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල 75 වන වසර සැමරීමට ද අපේක්ෂා කෙරෙයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

බීජිං නගරයේ දී චීන ජනපති හමුවීමට අමතරව පුටින් රුසියාවේ ඈත පෙරදිගට මායිම්ව පිහිටි චීනයේ ඊසානදිග හයිලොන්ජියැන්ග් පළාතේ අගනුවර වන හර්බින් වෙත ද සංචාරය කිරීමට අපේක්ෂා කරන අතර එහිදී ඔහු වෙළඳ සහ සහයෝගීතා සංසදවලට සහභාගී වනු ඇති බව ද සඳහන් වනවා.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සාමාන්‍ය පෙළ විභාගය නිම වූ පසු දරු පිරිසක් පාසලේ ගේට්ටුවේ මල් කළඹ තබා පාසල් ගීතය ගයා පාසලට වැඳ සමුදී පිටව යති!

Next Post

14 හැවිරිදි පාසල් දැරිය සමූහ දූෂණයට සම්බන්ධ ලැගුම්හල් හිමියාත් අත් අඩංගුවට…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.