චීනය විසින් දුර්ලභ ඛණිජ ඇතුලු කැනීම් වලට අදාල සම්පත් වලින් වැඩි ප්‍රතිශතයක් පාලනය කිරීමට මේවන විට දැඩි අභියෝගයක් නිර්මාණය කර තිබේ.
වාර්තා වලට අනුව චීනය විසින් මේවන විට ගෝලීය පාෂාණමය ඛණිජ අවශ්‍යතාවෙන් සියයට හැට එකක ප්‍රතිශතයක් පාලනය කරන අතර 2021 වර්ෂයේදී ඊට ටොන් එක් ලක්ෂ හැට දහසකට අධික ඛණිජමය භූමියෙන් කැනීම් කරමිල් ලබාගන්නා අමුද්‍රව්‍ය නිපදවා ඇත.
මේ අතර ලොවු දූර්ලභ භූමියෙන් ලබාගන්නා කාන්දම් වලින් සියයට අසූපහක්ම චීනය විසින් නිපදවීම සිදුකරයි. ඒ අනුව දැනට ගණන් බලා ඇති අන්දමට චීනය සතුව පෘථිවියේ දුර්ලභ පාෂාණමය ඛණිජ සංචිත ටොන් මිලියන 44ක් පවතී.
චීනයට පසුව මෙවැනි සම්පත් බහුලතම රටවන්නේ වියට්නාමය වන අතරම ලයිස්තුවේ ඉන් පසුව සිටින්නේ බ්‍රසීලයයි. කෙසේ වෙතත් මෙහිදී චීනය සැලකිය යුතු ආකාරයකින් මෙම සම්පත් වල වැඩි බලයක් අත්පත් කරගැනීමට සමත්ව ඇත.
චීනය සතුව මෙලෙස වැඩි භූමියෙන් ලබාගන්නා ඛණිජම සම්පත් සතුවීමට ප්‍රධාන හේතුවක් ව ඇත්තේ 1980ත් 1990ත් අතර කාලයේදී ඇතිවූ ගෝලීයකරණයත් සමඟ චීනය පාරිසරික සුරක්ෂිතබව සහ තිරසාර සංවර්ධනය යන කරණු කෙරෙහි අවධානය යොමු නොකර ඛණිජ සම්පත් සොයා යෑමට කටයුතු කිරීමයි.
ඒ අනුව මේවන විට ගෝලීය නිෂ්පාදන ක්ෂේත්රයට චීනය ඉතාම වැදගත් වන අතර පසුගිය කාලයේදී ඇමරිකා එක්සත් ජනපදයේ නවීනතම පස්වන යුගයේ ප්‍රහාරක ගුවන්යානයක් වන එෆ් 35 යානය නිෂ්පාදනයට චීනයේ අමුද්‍රව්‍ය යොදාගෙන තිබූ බවට අනාවරණය විය.







