චීනයේ ප්රමුඛ පෙළේ සමාගම් රැසක ලාභ පසුගිය කාලයේදී සීඝ්රයෙන් පහළ ගොස් ඇති බවත් එමගින් එරට ආර්ථික වර්ධනය විශාල වශයෙන් අඩපනවී ඇති බවත නවතම වාර්තාවන්ගෙන් අනාවරණය වේ.
ඒ අනුව චීනයේ ප්‍රධාන පෙළේ සමාගම් 4,800 කට වැඩි ප්‍රමාණයක ශුද්ධ ලාභයේ පහත වැටීමක් මේවන විට වාර්තා වී තිබේ. මෙලෙස චීන සමාගම් සීඝ්රයෙන් කඩා වැටීමට මූලික හේතුව ලෙස ව්‍යාපාරික ක්ෂේත්රයේ ප්‍රවීනයන් පෙන්වා දී ඇත්තේ පසුගිය කාලයේදී චීනය විසින් අනුගමනය කළ ශුන්‍ය-කොවිඩ් ප්රතිපත්තියයි.
මීට අමතරව ඉකුත් කායේදී චීන දේපල වෙළෙදාම ක්ෂේත්රයේද විශාල කඩා වැටීමක් පේන්නුම් කළ අතර එයද මෙම තත්ත්වයට හේතුවී ඇති බව අනාවරණය වේ.
සී.එන්.එන්. පුවත්සේවය වාර්තා කරන ආකාරයට චීන සමාගම් වල ලාභ ඉපයීම කොරෝනා වසංගය දරුණු ලෙස පැවති 2020 වර්ෂයේ පැවති තත්ත්වයට සමාන බවයි. මේ අතර, චීනයේ මූල්‍ය තොරතුරු සේවා සපයන වින්ඩ් සහ චොයිස් විසින් අනාවරණය කළ දත්ත වලට අනුව චීන සමාගම් වල ලාභය සියයට 53ක් දක්වා පහල අගයට වැටී තිබේ.
මෙලෙස ලාභ පහත යෑම් චීන ප්‍රධාන පෙළේ තාක්ෂණික සමාගම් වලින්ද වාර්තා වී එරට ආර්ථිකට දැඩි බලපෑමක් බවයි විශ්ලේෂකයින් පෙන්වා දී ඇත්තේ. එමෙන්ම චීනයේ විශාලතම ගුවන් සමාගම් වන එයාර් චයිනා , චයිනා සදර්න් එයාර්ලයින්ස් සහ චයිනා ඊස්ටර්න් එයාර්ලයින්ස් මෙම වසරේ පළමු අර්ධය සඳහා යුවාන් බිලියන 50 ක එනම් ඇමරිකානු 7.2ක ඒකාබද්ධ අලාභයක් සමඟ වාර්තාගත පාඩු වාර්තා කර ඇත.
.මේ අතර මෙම වසරේ එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව චීනයේ යුවාන් සියයට 9 කින් පහත වැටී ඇත. ඒ අනුව කොවිඩ් සීමා කිරීම් සහ මුදල් අවප්‍රමාණය වීම හේතුවෙන් චීනය දැඩි අභියෝගයකට මුහුණ දී ඇත.







