ප්රතික්ෂේප වූ චීන කාබනික පොහොර රැගෙන ශ්රි ලංකා මුහුදු සීමාව ආසන්නයේ බටහි රමුහුදේ දින ගණනාවක් රැඳී සිටි හිපෝ ස්පිරිට් නම් නෞකාව මේ වනවිට සිංගප්පූරුව දෙසට ගමන් කර ඇති බව නාවික හමුදා ආරංචි මාර්ග උපුටා දක්වමින් වරාය ආර්ංචි මාර්ග සඳහන් කරයි. මේ වනවිට මෙම නෞකාව ශ්රි ලංකාවේ රේඩාර් පථයට හසු නොවන බවත් එය දින 18ක් තිස්සේ සිටින ස්ථානය පිළිබඳව යාවත්කාලීන කරන ස්වයංක්රීය හඳුනාගැනීමේ පද්ධතිය (Automatic Identification System -AIS) සක්රිය කොට නැති බවත් මෙම ආරංචි මාර්ග සඳහන් කරයි.
චීනයේ ක්වින්ඩාවො සීවින් බයෝටෙක් සමාගමෙන් ගෙන එන ලද කාබනික පොහොර මෙට්රික් ටොන් 20000කට ආසන්න ප්රමාණයක් රැගෙන පැමිණි මෙම නැව පසුගිය 22 වැනිදා කොළඹ වරායට සේන්දු වීමට නියමිත බවට දැනුම් දි තිබුණද අහිතකර ක්ෂ්රදුජීවීන් අඩංගු වීම නිසා මෙරටට නොගෙන්වන ලෙසට දැනුම් දී තිබීම නිසා මෙම නෞකාව කොළඹ වරායට ඇතුළු කර නොගන්නා ලෙසට මෙරට වරාය බලධාරීන් වෙත රජයට විසින් දැනුම් දෙනු ලැබ ඇත.ඒ අනුව මෙරට සෑම වරායකටම මෙම නැව ඇතුළු කර නොගන්නා ලෙස දැනුම් දී තිබුණු අතර මෙය මුලින් දෙවුන්දර තුඩුව ආසන්නයේ ශ්රි ලංකා මුහුදු සීමාවෙන් ඔබ්බේ නවතා තිබී පසුව එය බටහිර දෙසට යාත්රා කොට නවතා තිබුණි.
කෙසේ වුවද මෙම නෞකාව අද වනවිට යළි සිංගප්පූරුව දෙසට යාත්රා කරමින් සිටින බවට වරාය ආරංචි මාර්ග ලංකාසරට අනාවරණය කළේය.
කෙසේ වුවද මෙම නෞකාව පිළිබඳව දිගටම විවිධ අංශ සුපරීක්ෂාකාරීව සිටින බවට ආරංචි මාර්ග සඳහන් කළේය







