අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගම්මන්පිල ඉන්නෙ ඩීල් එකක!. පොදුජන පෙරමුණේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් කියන කතාව

by editor
නොවැම්බර් 1, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

පියසේන දිසානායක –

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11ක් එළියට බැස තිබේ. ඔවුන් ජනතාවට ආණ්ඩුවේ දූෂිත ගනුදෙනු ගැන පැමිණිලි කරමින් සිටිති.  බලශක්ති ඇමති උදය ගම්මන්පිල කීවේ මේ ආණ්ඩුව ඉතිහාසයේ දූෂිතම ආණ්ඩුව බවය. ආණ්ඩුවේ ඇමතිවරුම ආණ්ඩුවට චෝදනා කරමින් සිටිති. මේ සිදුවන්නේ කුමක් ද?. අපි පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් විමසුවෙමු. මේ ලංකසර අප ඇසූ ප්‍රශ්නවලට ඔහු අපට ලබා දුන් පිළිතුරු ය.

Sagara-Kariyawasam
සාගර කාරියවසම්
  • ආණ්ඩුවෙ හවුල්කාර පක්ෂ 11 එලියට බැහැලා ආණ්ඩුවට චොදනා කරනවා.  අපට ඔබේ පාර්ශවයෙන් පැහැදිලි කරන්න පුලුවන් ද මොකක්ද මේ ආන්දෝලනාත්මක ගිවිසුම. මොකක් ද මේ යුදගදනවි බලාගාරයට කරන්න හදන්නෙ?…

අපේ රටේ බලශක්ති අර්බුදයක් තියනවා. කරු ජයසූරිය බලශක්ති ඇමති  කාලෙ ඉඳන්,   චන්ද්‍රිකා කුමාරතුංග ආණ්ඩුව තිබුණු  කාලයෙ ඉඳන් රටේ  පැය දෙක තුන ලයිට් කැපුවා. මේ අර්බුදයට පිළියම් හෙව්වෙ මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා. එතුමා කළේ බලාගාර දෙකක් හැදුවා. එකක් කෙළවරපිටිය. එකක් නොරොච්චෝලෙ. නොරොච්චෝලෙ බලාගාරය ගල් අඟුරු. ගල් අඟුරු බලාගාර එච්චර පරිසර හිතකාමී නෑ කියන ලෝක මතයක් තියනවා. ඒ නිසා කෙළවරපිටිය හැදුවා එල්.එන්.ජී බලාගාරයක්.

නමුත් කෙළවරපිටිය බලාගාරය එල්.එන්.ජී.වලින් දුවාගන්න  ඒ වෙලාවෙ අපට වත්කමක් තිබුණේ නෑ..   ඒ නිසා   එල්.එල්.එන්.ජී වලට පරිවර්තනය කරන්න පුලුවන් විදිහට  බලාගාරයක් හැදුවා.

අද ඒ වගේ බලාගාරයක් අලුතින් හදනවා නම් ඇමරිකානු ඩොලර් මිලියන 225ක් වැය වෙනවා.

මේ අතරෙ තමයි නිවු ෆොට්‍රස් එනජි සමාගම ආණ්ඩුවට  යෝජනා කරන්නේ ආණ්ඩුව සතු  සියයට 60 කොටස් ප්‍රමාණය ඒ අයට දෙනවා නම්  ඒ අය මේ ආයෝජනයට   ඩොලර් මිලියන 250ක්  ගෙවන්නම් කියලා. එය අලුතින් බලාගාරයක් හදන්න යන සල්ලි වලටත් වඩා වැඩියි.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

නමුත් ආණ්ඩු කිව්වා අපට සියයට 60ක් දෙන්න බෑ, අපි සියයට 40ක් දෙන්නම් කියලා. මුදල් ඇමතිවරයා සමග කළ දීර්ඝ සංවාදයකින් පස්සෙ ඒ අය එඟවුනා ඩොලර් මිලියන 250ටම කොටස්වලින් සියයට 40ක් ගන්න.

අනිත් එක මේ සියයට 40  දෙන්නෙ අවුරුදු 15කට. අවුරුදු 15න් පස්සෙ මේ කොටස් ලංකා විදුලිබල මණ්ඩලයට පත්වන විදිහට තමයි මේ ගිවිසුම යන්නේ.

ඩොලර් බිලියන 250ක ආයෝජනයකට ඔවුන් එනවා. බලාගාරයේ සියයට 40කටයි ඒ ගිවිසුමට එන්නෙ. ඒ සියයට 40ත් අවුරුදු 15න් පස්සෙ ආපහු දෙනවා.  මේක තමයි යුගදනවි බලාගාරය සම්බන්ධව තත්වය.

දැනට විදුලි බල සිතියමේ  තියන විදිහට  2020 වනවිට බලශක්ති අර්බුදයක් ඇති නොවෙන්න නම් විදුලිබල පද්ධතියට අලුතින් මෙගාවොට් එක්දාස් දෙසීයක් එකතු වෙන්න ඕන. නමුත් පහුගිය යහපාලන රජය එක මෙගාවොට් එකක්වත් අලුතින් පද්ධතියට එකතු කරලා තිබුණෙ නෑ.

හරිනම් මේ වෙනවිට අපි ඉන්න ඕන ලොකු බලශක්ති අර්බුදයක. නමුත් කොවිඩ් තත්වය නිසා සියයට 5.5ක බලශක්ති ඉල්ලුමේ වර්ධනය සියයට තුනටක අඩු වුනා.

ඊට අමතරව මේ අවුරුදු දෙකේම එක දිගට වැස්ස ලැබුණා. ජල විදුලිය යොදාගන්න වැඩිපුර හැකි වුනා. ඒත් රට ආයෙ සාමාන්‍ය වෙලා ආයෝජන අවස්ථා ඇති වෙනකොට අපට විදුලිය දෙන්න බෑ.

දැනට අපි තෙල්වලින් දුවනකොට එක් ඒකකයක් සඳහා රුපියල්  19ක් වැය වෙනවා.  එල්එන්ජී උනොත් යුනිට් එකකට රුපියලි 10යි. උපරිම 11යි.  සියයට 50ක් වියදම අඩු වෙනවා. විදුලි බිලි සියට 20ක් අඩු කරන්න පුලුවන්. අඩු මිලට බලශක්තිය ලබා දෙන්න පුලුවන්.

රටක් විදිහට ඉස්සරහට යන්න නම් අපි තීරණ ගන්න ඕන. අපි දැක්කා බංගලාදේශය ඉස්සරහට ගිය විදිහ. අපේ රටේ ශ්‍රම වියදම මෙන්ම බලශක්ති වියදම වැඩියි. ශ්‍රම වියදම එක අඩු කරන්න බෑ. කරන්න පුලුවන් එකම පිළියම බලශක්තිය අඩුව දීමයි. ඒක තමයි අපි මේ කරන්න යන්නේ.

  • මොකක්ද මේ ඔවුන් කියන ගිවිසුම් දෙක.

ඒක තමයි කාරණාව. මම පැහැදිලි කරන්නම්. මේ කාරණයේ දී ගිවිසුම් දෙකක් එනවා. එකක් යුගදනවි කොටස් සියයට 40ක් නිවු ෆොට්‍රස් සමාගමට දීම. දෙවැනි කොටස මේකයි.   නිවු ෆොට්‍රස් සමාගමට බලාගාරයෙ සියයට 40ක කොටස් දුන්නට බලාගාරය ක්‍රියා කරවන    LNG එන්නෙ නැවුවල. නැව්වල එන ද්‍රව LNG  අපේ කොහෙ හරි තැනක තියෙන්න ඕන   ගබඩා කරලා තිබා ගන්න. ඊලඟට ඒ ද්‍රව LNG   ගෑස්වලට පරිවර්තනය කරලා නල මාර්ගයෙන් මේ බලාගාරයට සපයන්න ඕන. ඔය කාරණය තමයි දෙවැනි කාරණය. ඒකට විශාල ආයෝජනයක් කරන්න ඕන.

මේකට තමයි ගම්මන්පිල වැඩියෙන්ම කෑ ගහන්නෙ. මෙතන ගෑස් මිලදී ගැනීමක් නෑ. තියෙන්නෙ ගබඩා කරලා නල මාර්ගයෙන් සැපයීමක්. මේ ගෑස් සැපයුමට ගම්මන්පිල ටෙන්ඩර් එකක් දැම්මා. දාලා ගම්මන්පිල ටෙන්ඩර් එකෙන් කෙනෙක්ව තෝර ගත්තා.

එයා තෝරගත්තු කෙනා අවුරුදු 10ක්  ඒකාධිකාරිය ඉල්ලනවා ගෑස් මනින ඒකකය  තමයි බ්‍රිටිෂ් තර්මල් යුනිට් ( British thermal unit).  මේ යුනිට් එකක්   ගබඩාකර ලබාදීමේ මිල   එයාගෙ ටෙන්ඩර් එකේ ඇමරිකානු ඩොලර් තුනයි  ශත පහලොවයි.

නමුත් නිවු ෆොට්‍රස් ඇවිත් කිව්වා මේකත් අපට දෙන්න. අපි යුනිට් එකක්  ඩොලර් 1.10 ට දෙන්නම් කියලා.

දල වශයෙන් ගම්මන්පිලගෙ ටෙන්ඩර් එකේ මිලෙන් තුනෙන් එකයි.   ගම්මන්පිල කෑගහන්නේ මේ කාරණාව සම්බන්ධයෙන්.

  • ගෑස් මිලදී ගන්නෙ කවුද?. නිවු ෆෝට්‍රස් සමාගම නේද?.

නෑ… මේක තේරුම් ගන්න.  ගෑස් මිලදී ගැනීම කරන්නෙ ආණ්ඩුවෙන්. ඒකට වෙනම සමාගමක් පිහිටවනවා. ඒ හරහා ගෑස් මිල දී ගන්නවා. ඒ මිලදී අරන් ගබඩා කරලා බෙදා හරින ක්‍රමවේදයක් ඕන. ඒ ක්‍රමවේදය තමයි මේ අය ලබා දෙන්නෙ. ඒකට ඒ අය මිලක් නියම කරනවා.

ගම්මන්පිල කියන්නෙ ඩොලර් තුනයි දහය ගානෙ එයාගෙ ටෙන්ඩර් එකෙන් එන සමාගමට මේ සැපයුම දෙන්න කියලා. අපි කියන්නේ ඒක එයාට දීලා වැඩක් නෑ.   මිල අධිකයි. අඩු මිල ඉදිරිපත් කරන කෙනාට දෙන්න කියලා.

  • අප දන්නා පරිදි ගම්මන්පිල බලශක්ති ඇමතිවරයා ඉදිරිපත් කළ එයාගෙ  ටෙන්ඩර් එක විධිමත් එකක්. කොහොමද එය මුදල් ඇමතිවරයා මගහරින්නෙ?

බලශක්ති ඇමති විධිමත් ලෙස ටෙන්ඩර් දැම්මා. දාලා සැපයුම්කරුවෙක් හොයා ගත්තා. ඒත් ටෙන්ඩර් එකෙන් ආවෙ ලොකු ගානක් නෙ. ඒ වැඩේම වෙන කෙනෙක් කියනවා අපට ඊට වඩා තුනෙන් එකක්  අඩුවට කරලා දෙන්නම් කියලා. අපි තෝරන්න ඕන කවුද?.

  •  මේ ඔබ කියන විදිහට වැඩේ හොඳයි නම් ඇයි එය හොරෙන් කරන්නේ?.

හොරයක් නෑ. කැබිනට් පේපර් එකක් දැම්මා.  මේක ඉවර නෑ. එකඟතාවයක් විතරයි.   ගිවිසුම අත්සන් කරලා නෑ. ගිවිසුම හදන්න දැනට දීලා තියනවා නීතිපති දෙපර්තමේන්තුවට.

අන්තිම පක්ෂ නායක රැස්වීමේ දි බැසිල් ඇමතිතුමා මේක පැහැදිලිව කිව්වා. මේකට කලබල වෙන්න එපා. මේ ගැන මූලික එකඟතාවයක් විතරයි තියෙන්නෙ.  කලබල වෙන්න එපා කියලා.

ගිවිසුම් අවසාන තීරණයට ආවට පස්සේ ඔයාලට බලන්න කැබිනට් පේපර් එකක් දාන්නම් කියලා කිව්වා. ඒ වගේම කිව්වා මොනවා හරි ප්‍රශ්නයක් තියනවා නම් අලුත් අදහසක් තියනවානම් මට ඒක ලිඛිතව දෙන්න. මම ඒක නීතිපතිවරයාට ඉදිරිපත් කරන්නම්.  ඒකත් ගිවිසුමට ඇතුළු කරන්න පුලුවන්නම් ඒකත් කරමු කියලා. ඊටත් වඩා මොනවද?.

දැන් මට සැකයි ගම්මන්පිල මේක ඇතුළෙ මොකක්හරි හොරකමක ඉන්නවා කියලා.

  • නමුත් ඔවුන් කියන්නෙ එහෙම විනිවිද දකින්න පුලුවන් කිසිම දෙයක් වුනේ නෑ කියලා. ඔය කියන කැබිනට් පත්‍රිකාව ආපු විදිහ දැන් රටම දන්නව නේද?  

බැසිල් මහත්තයා ඉතාම පැහැදිලිවම  කිව්වා තත්වය. හදිස්සියෙ කැබිනට් පේපර් එක දැම්මා තමයි. ඒ දැම්මෙ ගිවිසුම් අත්සන් කරන්න නෙමෙයි. ඒක කළේ කැබිනට් එකට දැනුම් දීමක්. ගිවිසුම ඉදිරියට ගෙනියන්න කැබිනට් අනුමැතිය ලැබුණා. ඉදිරි ගිවිසුම් හදන්නයි ඒ කැබිනට් පේපර් එක  දැම්මෙ. මුදල් ඇමති  පැහැදිලිවම කිව්වා කැබිනට් අනුමැතිය නැතිව කිසි දෙයක් කරන්නෙ නෑ කියලා.  ඔයගොල්ලොන්ගෙ සංශෝධන දෙන්න කියලා සංශෝධනත් ඉල්ලුවා. ඒවත් ඇතුළු කරන්නම් කියලා කිව්වා. එහෙම තියෙද්දි තමයි මේ අය එළියට ගිහින් කෑ ගහන්නෙ.

  • ඔබ කියනවා අවුරුදු  ගෑස් සැපයුම දෙන්නෙ අවුරුදු  05කට කියලා. ඒත් බලශක්ති ඇමති කියනවා සදාකාලිකව ඒ හිමිකම දෙනවා කියලා.  දැන් අපි කාවද පිළිගන්න ඕන?

මේක ගිවිසුමක්. ගෑස් සැපයුම මේ සමාගමට දෙන්න ගිවිසුම් ගත වෙන්නේ අවුරුදු 05කට. ගම්මන්පිල කියන්නේ එයාගෙ සැපයුම්කරුට අවුරුදු 10කට දෙන්න කියලා.

අපේ ගිවිසුමේ පැහැදිලිවම සටහන් කරලා තියනවා අවුරුදු පහට කලින් අපිට  LNG හම්බ වුනොත් මේ ගිවිසුම අවලංගු කරනවා කියලා. ඒ කොන්දේසියටත් ඔවුන් එකඟ වුනා. එහෙම තියෙද්දියි මේක කෑගහන්නෙ

  • මේ   කැබිනට් සාමුහිකත්වය මෙන්ම සන්ධානයේ  පොදු එකඟතා කඩකිරීමක් ද?

පැහැදිලිවම ඔව්. බරපතල කඩකිරීමක්

  • පොදුජන පෙරමුණ විදිහට මොකක්ද ඔබ ගන්න තීන්දුව.

අපි පක්ෂයක්. අපි  සන්ධානයේ ප්‍රධාන පක්ෂය. කැබිනට් සාමුහිකත්වය කඩ කිරීම සම්බන්ධව අවසන් තීන්දුව ගන්න ඕන පක්ෂයක් නොවෙයි,  අගමැති තුමා සහ ජනාධිපති තුමා සහිත රජය. අපි පක්ෂයක් විදිහට එතුමන්ලගෙන්  ඉල්ලීමක් කළා මෙවැනි තත්වයක් මින් ඉදිරියට ඇතිවෙන්න තියන්න එපා. තීන්දුවක් ගන්න කියලා.

  • සන්ධානයක් ලෙස  ඔබ ගන්න තීන්දුවක් තියනව ද?

මේ අය ලොකුම හානිය කරලා තියෙන්නෙ කැබිනට් මණ්ඩලයට. කැබිනට් මණ්ඩලය විදිහට  පියවරක් ගත්තම සන්ධානය  හැටියට අපි කළ යුත්ත කරන්නවා.

  • ඔවුන් කියනවා ගාමිණී, ලලිත්, ජී.එල් මේ විදිහට ආණ්ඩුවේ ඉඳලා ජනතාව අතරට ගියා. ඒ සම්බන්ධව උසාවි තීන්දු ගත්තා. ඔවුන්ට  ජනතාව අතරට යන්න අයිතියක් තියනවා කියලා ඔවුන් කියනවා.

අනිවාර්යයෙන්ම ඒ අයට ජනතාවට අතරට යන්න පුලුවන්. ඇයි යන්න බැරි.  ඒත් ඒ අය දරන කැබිනට් තනතුරුවලින් ඉවත් වෙලා යන්න ඕන.

  • මේ ගැටුම ආණ්ඩුවේ ඉදිරිගමනට බාධාවක් ද?

ඔව්… අනිවාර්යයෙන්  අපි එහෙම හිතනවා. ඒකයි අපි මේ සඳහා පියවරක් ඉල්ලා සිටියේ.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ආනන්දේ නාලන්දේ අල්ලපු වැටේ ඉන්න දෙමළ මුස්ලිම් ළමයට යන්න බැරි රටේ කොහොමද සංහිඳියාව ගැන කතා කරන්නේ ? -ඥානසාර හිමියෝ අසති

Next Post

චීන පොහොර නැව හැරෙයි… යළි සිංගප්පූරුව දෙසට යයි…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.