සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චිතගොංහි දි කුඩුවන ගොබ්බ ආතල් හෙළි කරන ක්‍රිකට් ඛේදවාචකය!

by editor
මාර්තු 19, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

neutral-ampayer

තවත් තරගාවලි පරාජයක් අත් කර දෙමින් ශ්‍රී ලංකා – බංග්ලාදේශ එක් දින තරගාවලිය චිතගොංහිදී ඊයේ නිමාවට පත් විය.

ඊට පෙර පැවති විස්සයි විස්ස තරගාවලිය අපේ අය තරග 2-1’ක් ලෙස ජය ගත්තද එය පහසුවෙන් ලැබූවක් නොවීය.

අපි ඊට කලින් දිනුවේ සිම්බාබ්වේ හා ඇෆ්ගනිස්තානය සමගය. එයද ලංකාවේය. මේ දෙපිලම ශ්‍රේණි ගත කිරීම් වල සිටින්නේ අපට පහළිනි.

බංග්ලාදේශයත් එසේමය.

අපි සිම්බාවේටත් ඇෆ්ගනිස්තානටත් ගහන විට අපේ ක්‍රීඩා ඇමතිවරයා දැන් අපේ ක්‍රිකට් හරි යයි රටේ ජනතාවට පෙන්වන්නට ලොකු උත්සාහයක් ගත්තේය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ක්‍රිකට් ගොඩ ගන්න සනත් ජයසූරිය උපදේශකයකු කිරීමෙන් ඔක්කොම හරි යාවි යන ගොබ්බ මතයක සිටින ක්‍රීඩා ඇමතිවරයා තව දුරටත් ක්‍රිකට් බිස්නස් කාරයකු නොවී ක්‍රිකට් ගොඩ දැමීමට අවංක චේතනාවක් ඇත්නම් ජනතාව ඇන්දවීම වහා නැවැත්විය යුතුය.

මේ වනවිට හරින් ප්‍රනාන්දු කරන්නේ ෆ්‍රැන්චයිස් බිස්නස් එකකි. එයට ඔහුගේ ගජ මිතුරු සමාගමේ සියලු දෙනා එකට එක්ව සිටිති.

මෙම ගජ මිතුරු සමාගම තුළ ක්‍රීඩක කළමනාකරුවන්, බිස්නස් මාධ්‍යවේදීන්, හිටපු ක්‍රීඩකයන් ඇතුළු එකී නොකී පිරිසක් වෙති.

මේ නඩයෙන් සමහරු ක්‍රිකට් උපදේශකයන් බවටත් තේරීම් කමිටු නිලධාරීන් ලෙසත් පත් කර තිබේ.

ක්‍රිකට් හදන්නේ මොවුන් නම් අපේ ක්‍රිකට් වලට දෙවියන්ගේම පිහිටය.

හිටපු ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ කළු ගලේ ඔළුව හප්පාගෙන ඇමති කමත් නැති කර ගනිද්දී හරින් ප්‍රනාන්දු ෂම්මි සිල්වාගේ කර වටා අත දමා ගනිමින් හීන් සැරේ තමන්ට අවශ්‍ය දේ කරගනිමින් සිටී.

එක දවසෙන් ප්‍රාතිහාර්‍ය සිදු කරන්නට ආ සනත් ජයසූරිය මසකට රුපියල් පනස් ලක්ෂයක වැටුපක් හා හිතෙන හිතෙන විට සංචාර වලට එක් වී කරපු දේ කුමක්දැයි අසන්නට වත් කවුරුන් හෝ නොමැත.

ඔහු 19 පහළ ලෝක ශූරතාවට ගියත් අපේ කණ්ඩායමට එහි හිමි වූයේ අටවැනි ස්ථානයයි.

බංග්ලාදේශයට ගියද සිදු වූ දේ කවුරුත් දනිති.

මහේල ජයවර්ධනද තවමත් උපදේශකයකු ලෙස කටයුතු කරයි.

කණ්ඩායමේ විනය දිනෙන් දින කඩා වැටෙද්දී කළමනාකරු හලංගොඩ තවමත් එතැනමය.

දග පන්දු යවන්නන් නැති කළ පුහුණුකරු පියල් විජේතුංග තවත් එතැනමය.

සිල්වර්වුඩ් තවමත් එතැනමය.

හිටපු පන්දු රැකීමේ පුහුණුකරු ඉවත් කොට කැඳවූ උපුල් චන්දන නිසා පන්දු රැකීම නම් ගොඩ ගිහින්‍ ය.

සුද්දකු ඉවත් කර අපේම අයෙක් ට්‍රේනර් කළත් වේග පන්දු යවන්නන්ගේ ආබාධ ඉස්සරටත් වැඩිය.

අලුත් තේරීම් කමිටුව අලුත් යමක් කරාවි යැයි සිතුවත් ඔවුන් යන්නේද පරණ පාරේමය.

ඔවුන් සමග එකට ක්‍රීඩා කළ හිත මිතුරු ක්‍රීඩකයන් ,එකට පාටි දමන ක්‍රීඩක කළමනාකරුවන් ගේ ක්‍රීඩකයන් මිස ඔවුන් අලුතින් හඳුනාගෙන ගෙනා ක්‍රීඩකයකු නොමැත.

අවිශ්ක ප්‍රනාන්දු අසාර්ථක වද්දීත් දිගටම ගස්සන්නේත්, බංග්ලාදේශය තරුණ ක්‍රීඩකයකු අංශ තුනේම නායකයා කරද්දී අපේ අංශ තුනටම නායකත්වයේ නුසුදුස්සන් පත් කරන්නේත් මේ නිසාවෙනි.

නමට සංචාර වලට රැගෙන යන චාමික කරුණාරත්න මැච් නොගස්සන්නේ නායකයාට අරුචි නිසාය. නායකයා යනු ඒ සඳහා අමුම අමු නුසුදුස්සෙක් බව රටම දනිතත් උපුල්ලා ඒ බව නොදන්නවා නොවිය යුතුය.

අපේ තේරීම් කමිටු සභාපතිවරයා තවමත් ෆික්සින් ලීග වල ක්‍රීඩා කරයි. ඒ අතර තමන්ට තරග පාවා දෙන මෙන් ඉල්ලූ බවට පැමිණිලිද කරයි.

අපේ ක්‍රිකට් වල හැමතැනම විහිළුය.

බංග්ලාදේශ පරාජයට හේතු සොයනවා නම් ඒ සඳහා හේතු ඇති තරම් නියුට්‍රල් අම්පයර්ට පෙන්වා දිය හැකිය.

ඒත් කෝටි ගණන් වියදම් කරමින් පුහුණුකරුවන් උපදේශකයන් සිටියදී ඒ ගැන කතා කොට ඵලක් නොමැත.

අපිට හොඳ දෙවෙනි පෙළක් දැන් හැදෙමින් පවතී.

අවශ්‍ය වන්නේ ඒ ඒ තැන් වලට සුදුස්සන් සුදුසු වෙලාවේ එක් කිරීමය.

කන්සිස්ටන්සියක් නොමැති ඉඳ හිට යමක් කර පෙන්වන එයද තරගයක් ජය ගැනීමේ මට්ටමක නොව ජාම බේරා ගැනීමකට පමණක් නොවන ක්‍රීඩකයන් කී දෙනෙක් අපේ කණ්ඩායමේ සිටීද?

ජනිත් ලියනගේලා වැන්නන් දේශීය පිටියේ තවත් සිටී.

උපුල් තරංගලා , තරංග පරණවිතානලා, ඉන්දික සේරම්ලා, ඩිල්රුවන් පෙරේරලා, අජන්ත මෙන්ඩිස්ලා කළ යුත්තේ තම මිතුරන් පිනවීම නොව තවත් ජනිත් ලියනගේලා වැන්නන් සොයා ඉදිරියට ගෙන ඒමයි.

එසේ නොමැති නම් දසුන් ශානකලා හැරමිටියෙන් යන තුරු දේශපාලන හයියෙන් කණ්ඩායමේ රැඳී සිටිනු ඇත.

නියුට්‍රල් අම්පයර්

Tags: නවතම
Share69Tweet43
Previous Post

බැසිල්ගේ සැලසුම  විසිවෙයි… ජනාධිපතිවරණයකට සූදානම්වන ලෙස ජනපති කැබිනට් මණ්ඩලයට දන්වයි…

Next Post

ඉන්දීය ධීවර කොල්ලකරුවන් මඩින්න ස්වේච්ඡා මුහුදු ආරක්ෂක බලකායක්… ධීවර ඇමති යෝජනා කරයි!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.