ශ්‍රී ලංකාව බිහි කළ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩිකාව වන චමරි අතපත්තු අගැයීමේ උත්සවයක් අද (15) සවස කොළඹ ටජ් සමුද්‍ර හෝටලයේදී පැවැත්වේ.
චමරි නායකත්වය දරණ හලාවත මේරියන්ස් ක්‍රිකට් ක්‍රීඩා සමාජය විසින් සංවිධානය කරනු ලබන මෙම උත්සවයට ක්‍රීඩා ඇමති හරීන් ප්‍රනාන්දු, ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා, අරවින්ද ද සිල්වා, සනත් ජයසූරිය යන මහත්වරු විශේෂ ආරාධිතයන් ලෙස සහභාගි වෙති.
චමරි මේ වන විට අයිසීසී ශ්‍රේණිගත කිරීම් වල එක් දින තරග වලින් අංක එක ස්ථානයේ පසු වන්නීය.
චමරි වෙනුවෙන් නිර්මාණය වූ ගීතයක්ද අද එළි දැක්වීමට නියමිතය.







