හැටන් රංජිත් රාජපක්ෂ
අපොස සමාන්‍ය පෙළ විභාගයට පෙනි සිටිමට ඊයේ (14) විභාග මධ්‍යස්ථානය වෙත පැමිණි පාසල් සිසුවියන් දෙදෙනෙකු ආපසු සිය නිවාස වෙත නොපැමිණි බව පවසමින් එම සිසුවියන් දෙදෙනාගේ භාරකරුවන් විසින් ගිනිගත්හේන පොලිසිය වෙත පැමිණිලි කර ඇති බව ගිනිගත්හේන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක විරාජ් විතානගේ පැවසිය.
ඊයේ (14) දින උදැසන විභාගයට පෙනි සිටිම සඳහා අඹගමුව ජාතික පාසලේ විභාග මධ්‍යස්ථානය වෙත පැමිණ ඇති බවත්, ඉන් එක් සිසුවියක් දෙමව්පියන් සමග විභාග මධ්‍යස්ථානය වෙත පැමිණ ඇති බවත් පැමිණිල්ලේ සදහන් කර ඇති බව පොලිස් ස්ථානාධිපතිවරයා පැවසිය.
ගිනිගත්හේන අග්‍රඔය සහ නාවලපිටිය නාගස්තැන්න ප්‍රදේශයේ පදිංචි එම සිසුවියන් දෙදෙනා මිතුරියන් බවත්, අතුරුදහන් වු බව පවසන සිසුවියන් දෙදෙනා එදින විභාගය ආරම්භ කිරිමට ප්‍රථම විභාග මධ්‍යස්ථානය අසල කතා කරමින් සිට ඇති බව විභාගයට පෙනි සිටි සිසු සිසුවියන් කිහිපදෙනෙකු දැක ඇති බවත් පොලිසියට වාර්තා වී ඇත.
ඉන් මද වේලාවකට පසු එම සිසුවියන් දෙදෙනා නාවලපිටිය නගරයේ නිල ඇදුමෙන් සිටින අයුරු ද කිහිපදෙනෙකු දැක තිබෙන බව දැනට කරන ලද මුලික විමර්ශන වලදි අනාවරණය වි ඇති බව පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියි.
අතුරුදහන් වු බවට පවසන සිසුවියන් දෙදෙනාගේ ඡායාරුප සියළුම පොලිස් ස්ථාන වෙත යොමු කර ඇති බවත්, සිසුවියන් දෙදෙනාගේ අතුරුදහන් විම සම්බන්ධයෙන් පුළුල් විමර්ෂණයක් ආරම්භ කර ඇති බව ගිනිගත්හේන පොලිසියේ ස්ථානාධිපතිවරයා පැවසිය







