බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දේශපාලන හයියෙන් නීති විරෝධී උණ්ඩියල් ජාවරමක් කරන ගමන් මිලියන ගණන් මිනිස්සුන්ට වංචාකළ පොහොට්ටු දිස්ත්‍රික් සංවිධායක අත් අඩංගුවට..

by editor
මැයි 15, 2024
in පුවත්
Arrested
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ‍ –

යාපනයේ වැසියන්ට විදේශ රටවලින් මුදල් ගෙන්වා දෙන නීති විරෝධී ” උණ්ඩියල් ”  ජාවාරමක නිරත වෙමින් යාපනයේ පුද්ගලයින්ගෙන් රුපියල් දස ලක්ෂ අනූදහසක මුදල වංචා කළ පොදු ජන පෙරමුණේ  දිස්ත්‍රික් සංවිධායකවරයෙක් ඊයේ ( 14 ) පොලීසිය විසින් යාපනයේදී අත් අඩංගුවට ගෙන තිබේ.

යාපනයේ වැසියන් කීප දෙනෙකු විසින් යාපනය පොලීසියට කරන ලද පැමිණිලිවලින් පසුව ක්‍රියාත්මක වූ යාපනය පොලීසියේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් පිරිසක් පැමිණිලි සම්බන්ධයෙන් මූලික පරීක්ෂණ ආරම්භ කොට සැකකරුව අත් අඩංගුවට ගෙන තිබේ.  

දේශපාලන බලය මත මෙම සැකකරු විසින් නීති විරෝධී ලෙස මුදල් සම්ප්‍රේෂණය කෙරන  ” උණ්ඩියල් ” නමින් හදුන්වන මුදල් හුවමාරු කිරීමේ ව්‍යාපාරයක් පවත්වා ගෙන ගොස් තිබේ. 

විදෙස් රටවලින් එවනු ලබන මුදල්වලින් විශාල මුදල් ප්‍රමාණයක් ඔහු විසින් වංචනිකව ලබා ගෙන අති නමුත් දැනට යාපනය පොලිසියට පැමිණිලි ලැබී ඇත්තේ රුපියල් දස ලක්ෂ අනූදහසක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් පමණකි. 

උණ්ඩියල් ක්‍රමය නීති විරෝධී මුදල් සම්ප්‍රේෂණ ක්‍රමයක් නිසා මුදල් අහිමි වූ විශාල පිරිසක් ඔවුන්ට අනවශ්‍ය ප්‍රශ්නවලට හා නීතිමය ගැටලු වලට මුහුණ දීමට සිදු වෙතැයි බියෙන් පොලීසියට පැමිණිලි කිරීමෙන් වැළකී සිට ඇත. 

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

විදේශ රටවල රැකියා කරණ උතුරේ වැසියන් බොහෝ දෙනෙකු බදුවලින් බේරීමට මෙම නීති විරෝධී උණ්ඩියල් ක්‍රමය හරහා මුදල් එවනු ලබන අතර මහ බැංකුව විසින් එම ක්‍රියාව නීති විරෝධී ක්‍රියාවක් ලෙස  මේ වන විට නම් කොට එවැනි ජාවාරම් වල නිරත වන්නන් අත් අඩංගුවට ගැනීමටද ක්‍රියා කරණු ලබයි. 

නමුත් උතුරේ වැසියෝ තවමත් මෙම උණ්ඩියල් ක්‍රමය ඔස්සේ තම ඥාතීන්ට විදෙස් රටවල සිට මුදල්  එවති.    මේ නිසා රජයට විශාල බදු ආදායමක් අහිමි  වෙමින් පවතී.

එමෙන්ම එසේ එවනු ලබන මුදල්වල   සුරක්ෂිත භාවයක් වගකීමක්  හෝ ආරක්ෂාවක්ද නොමැත.

අත් අඩංගුවට ගත් සැකකරු යාපනය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට යාපනය පොලීසිය පියවර ගෙන තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රට පුරා තද වැසි…

Next Post

චමරී සමරන්න උත්සවයක්… ඇය වෙනුවෙන් ගීයකුත් නිකුත් කරයි!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.