සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගෝඨාගෝගම දුවන හැටි…

by editor
මැයි 1, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ගෝල්ෆේස් අරගලයට අදට දින 23 කි. අරගලය සංවිධානය වන්නේ සමාජ මාධ්‍ය හරහා පැතිරුනු දැන්වීම් ඔස්සේය. පසුගිය 08 වැනිදා ගෝල්ෆෙස් පැමිණි තරුණ පිරිස් ගෝඨාගම හදාගෙන එහි පදිංචි වූහ.

වටහා ගත නොහැකි තරම්  නිර්මාණශීලී භාවිතයන් සමග ගෝල්ෆේස් විරෝධය අරගලයක්, සැනකෙළියක්, අධ්‍යාපන මධ්‍යස්ථානයක්, සංවාද කේන්ද්‍රයක්, ලෙස වැඩී වර්ධනය වෙමින් ඇත්තේය.

මේ භූමියේ එළියට පෙනෙන කුරුට්ටලා අප්පච්චිලාට වඩා ගැඹුරු සංවිධාන ව්‍යුහයක් සහිතව දිවෙන අමුතු ආකාරයේ ස්වෙච්ඡා වැඩකි.  රඟපාමින් සිටින සමහරු මේ වනවිට භූමියෙන් විසිවී ගොස්ය.  විශේෂත්වය වන්නේ බොහෝ දෙනෙක් විශ්වාස කරන ආකාරයට ගෝල්ෆේස් අරගල වේදිකාව නිර්මාණය කරන පිරිස අතර දේශපාලන කණ්ඩායමක් බලවත් වී නොසිටීමය.    තීන්දු ගන්නේ බාහිර සමාජයේ ඇති දේශපාලන පක්ෂ රාමුවට කොටුවූ දේශපාලන න්‍යාය පත්‍ර අනුව නොවේ. මෙය පසුපස ඉන්නේ නිර්මාණ ශීලී තරුණ කණ්ඩායමකි. වාර්තාවන පරිදි එම කණ්ඩායම සියයකට ආසන්නය. ඉන් තුනෙන් දෙකක පිරිසක් ඉන්නේ අරගල භූමියේය. තුනෙන් එකකට ආසන්න පිරිසක්  අරගල භූමියෙන් පිටතය. පිටත සිටින කණ්ඩායම ගෝල්ෆේස් පරිශ්‍රයෙන් පිටත ඇති ගෝඨාගෝගම් ප්‍රධාන ගම්මානය හා සම්බන්ධ කරති.    ගෝඨාගෝගමේ   තීන්දු ගන්නේ මේ සියයකට ආසන්න පිරිස අතර ඇති කරන්නා සම්මුතියෙනි. දෙදිනකට වරක් ඔවුන් තාක්ෂණය මගින් එක් වී සම්මුති ගොඩනගති. ඒවා ක්‍රියාත්මක කරති.

මේ වනවිට අරගලභූමිය හා බද්ධ වී ඇති ගෝඨාගෝගම් නියෝජන 160ක් ලංකාව පුරා පිහිටුවා තිබේ. මේ විරෝධතා ගම්මාන ගෝල්ෆේස් විරෝධය පහළම සමාජ ස්ථරය වෙත සම්ප්‍රේක්ෂණය කරමින් සිටිති.

ගෝඨාගෝගම නිර්මාණශීලී ව්‍යාප්තියක් සහිතව ගොඩනැගෙමින් තිබේ. අරගල භූමිය වටා ව්‍යාප්තව විවිධ සේවා සපයන කුටි 246කි.  නීතී උපදේශක කාර්යාලය, මාධ්‍ය මධ්‍යස්ථානය හා පුස්තකාලය, සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානය, රතු කුරුස කාර්යාලය, මානව හිමිකම් කාර්යාලය, ආහාර ලබාදීමේ කාර්යාල, ප්‍රදානයන් බාර ගැනීමේ මධ්‍යස්ථානය ඇතුලු සමාජ සත්කාරක සේවා සපයන කාර්යාල රැසක් ඒ අතර වේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ආහාරද්‍රව්‍ය හෝ ප්‍රධාන පුද්ගලික වශයෙන් ආයතනික වශයෙන් අරගල භූමියට ලැබෙමින් තිබේ.   ස්වේච්ඡා සේවය සඳහා කොළඹ ඉහළ  මධ්‍යම පාන්තික පවුල්වල සිට සාමාන්‍ය දුගී මනුෂ්‍යයා දක්වා පැමිණෙති.  විශේෂත්වය වන්නේ මේ හමුවීමය. ජීවිත පීඩනය හේතුවෙන් මමංකාරය බිඳ දමා විවෘත මනසකින් පැමිණෙන මේ පිරිස් අතර ඇතිවන සංවාදය සමහරවිට මේ අරගල වේදිකාව නිර්මාණය කරන පිරිස් බලාපොරොත්තුවනවාට වඩා බරසාරය. ජාති ආගම් භේද රහිත නිදහස් මනෝභාවයක් එහි ගලා යන්නේ ඒ හේතුවෙනි.

භූමියේ පිහිටුවා ඇති කුටි මොනවා ද, එම කුටිවල සිදුවන්නේ මොනවාද යන්න සොයා බලා භූමියේ විනය ආරක්ෂා කරගැනීම ගෝඨාගමේ ක්‍රියාකාරී හැටකට ආසන්න තරුණ පිරිස වගකීමකි.    ගැටලු සහගත කුටි ඉවත් කිරීමේ බලය ද ඔවුන් සතුව ඇත.

ආර්ක්ෂක අංශ හෝ වෙනත් කඩාකප්පල්කාරී හැසිරිම් සහිත පුද්ගලයින් හඳුනා ගැනීම සහ ඔවුන් සම්බන්ධව විසිලිමත් වීම ද මේ සංවිධානය තුළ සිදුකෙරේ. මේ ජන අරගලය ව්‍යසනයකට ලක් කිරීමේ අරමුණින් පැමිණි සිය ගණනක් පුද්ගලයින් සම්බන්ධව මේ පිරිස දැඩි අවධානයකින් පසුවෙමින් ඇත.

මේ රටේ අනාගතය කුමක් විය යුතු ද යන්න පිළිබඳ සජීවී මොඩලයක් ගෝඨාගෝගම පරිශ්‍රයේ නිර්මාණය වී තිබේ. දැනට එය ප්‍රමාණවත්ය. අප යලිත් කියන්නේ ඒ මේ රූපණය වෙමින් ඇත්තේ ගෝල්ෆේස් විරෝධතා වේදිකාව නිර්මාණය කළ කණ්ඩායම අපේක්ෂා කළ මට්ටමටත් වඩා උඩින් ඇති දෙයක් බවය.

එවැනි වේදිකාවක් කවුරුන් හෝ නිර්මාණය කර දෙනු ලැබුවහොත් රට ඔසවා තැබිය හැකි තැන ගැන ගෝල්ෆේස් එන තරුණ අරගලකරුවෝ   ඉඟිකරති.

ගෝල්ෆේස් අරගල වේදිකාව මත සමාජ කථිකාවක් නිර්මාණය කළ මේ රටේ නිර්මාණශීලී තරුණයින් දැනට රටේ කැබිනට් එක වෙනස් කර ඇත. අසීමිත බලය සම්බන්ධ මෑත ඉතිහාසයේ කුප්‍රකට පවුල් ඒකකය වූ රාජපක්ෂලා පාර්ලිමේන්තුවේ පසුපෙළට විසි කර දමා ඇත. දේශපාලන කුණු බක්කියේ සිටි කලාකරුවන් ගෝල්ෆේස් ගෙන්වා ඔවුන්ගේ හෘද සාක්ෂිය ඔවුන් ලවාම ප්‍රශ්න ඇත.  පාර්ලිමේන්තු නියෝජනයේ වැඩබැරි කාලකන්නි කුජීතකම පෙන්වා 225ම නිරුවත් කර ඇත. මෙච්චර කල් බැන බැන හිටිය සමාජ වෙනසක් අපේක්ෂා කරන රටේ ශිෂ්‍ය ව්‍යාපාරයේ ක්‍රියාශීලී නියෝජනය වූ අන්තරේ කොල්ලන්ට රටම ආදරය කරන තැනක් හදා දී තිබේ.

මේ තරම වුවද ප්‍රමාණවත්ය. ගෝල්ෆේස් අරගලයේ  නිශ්ඡිත සාධනීය තත්ත්ව සම්බන්ධව අධිමානිත නිගමන අවශ්‍ය නැත. දැනට මෙසේ ලියා තබමු. ඉතිහාසය ලියැවෙන විට මේ නම් ගම් නැති තරුණ තරුණියන්   නූතන අරගලයේ හැඩය ගෝල්ෆේස් හරහා ලෝකයට ගෙන ගිය ආකාරය සම්බන්ධව   ඔවුන්ට හිමි ගෞරවය සහිතව සටහන් වනු ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉවත්වන්න කිව්වට ඊලඟ වෙන්නෙ මොකක් ද?. මහා නායක හිමිවරු වගකීම භාරගන්නෙ නෑනෙ… මුරුත්තේටුවේ ආනන්ද හිමි

Next Post

ඉන්ධන ප්‍රවාහනය සම්බන්ධව නව මාර්ගෝපදේශන මාලාවක් නිකුත් වේ…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.