බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රත්වුන මාර්තුව…

by lankasara-editor
අප්‍රේල් 9, 2024 - Updated on අප්‍රේල් 10, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

යුරෝපයේ දේශගුණ නිරීක්ෂණ ඒජන්සිය නිකුත් කල වාර්තාවකට අනුව, ලෝකය වාර්තාගත උණුසුම්ම මාර්තු මාසය පසුගිය මාර්තුව බව තහවුරු වී තිබෙනවා.

යුරෝපා සංගමයේ දේශගුණික විපර්යාස නිරීක්ෂණ සේවාව පවසන්නේ ගෙවුණු මාස 10ක කාලයේ සෑම මාසයක්ම නව උෂ්ණත්ව වාර්තාවක්  පිහිටුවා ඇති බවයි.

පසුගිය වසරවල අදාළ මාස හා සසඳන විට, පසුගිය මාස 10න් සෑම එකක්ම වාර්තාගත ලෙස ලෝකයේ උණුසුම්ම මාස වශයෙන් ශ්‍රේණිගත කර ඇති බව යුරෝපා සංගමයේ දේශගුණික විපර්යාස නිරීක්ෂණ සේවාව සිය මාසික ප්‍රකාශනයේ දක්වා තිබෙනවා.

ලොව බොහෝමයක් රටවල් මෙන්ම අප්‍රිකාවේ ඇතැම් ප්‍රදේශ, ග්‍රීන්ලන්තය,  සහ ඇන්ටාක්ටිකාව ගෙවුනු මාර්තු මාසය තුළ සාමාන්‍යය අගයට වඩා වැඩි උෂ්ණත්වයක් දරා ඇති බව වාර්තා වනවා.

පවතින අධික තාපයට මූලික හේතුව මානව ක්‍රියාකාරකම් නිසා ඇතිවන හරිතාගාර වායු විමෝචනය බව කොපර්නිකස් දේශගුණ විපර්යාස සේවාව පවසා තිබෙනවා. එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ සමන්තා බර්ගස් විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් 1850 වසර දක්වා දිවෙන ගෝලීය දේශගුණික වාර්තා අනුව 2023 වසර පෘථිවියේ උණුසුම්ම වසර බව සඳහන් කර තිබෙනවා. එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ අන්තර් රාජ්‍ය මණ්ඩලය (IPCC) අනතුරු අඟවා ඇත්තේ 2030 වසරේ මුල් භාගය පමණ වනවිට ලෝකයට පවතින තත්වයටත් එහා ගිය අධික උෂ්ණත්වයකින් යුත් දේශගුණයකට මුහුණ දීමට සිදුවන බවටයි.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

සාගර උෂ්ණත්වයේ ඉහළ යෑම

සාගර මතුපිට උෂ්ණත්වය ද මාර්තු මාසයේදී නව ගෝලීය වාර්තාවක් පිහිටුවා ඇති බව වාර්තා වනවා. මාර්තු මාසය තුල ගෝලීය සාගර මතුපිට උෂ්ණත්වය සටහන්ව තිබුනේ සෙල්සියස් අංශක 21.07 ලෙසයි.  එය මෙතෙක් වාර්තා වූ ඉහළම මාසික අගය වන අතර පෙබරවාරි මාසයේ වාර්තා වූ ප්‍රමාණයට වඩා තරමක් වැඩි බව කොපර්නිකස් දේශගුණ විපර්යාස සේවාව පවසනවා.

පෘථිවියෙන් සියයට 70 ක් ම ආවරණය වන්නේ සාගර වලින් වන අතර ගල් අඟුරු, තෙල් සහ ස්වාභාවික වායු දහනය කිරීමෙන් නිපදවන කාබන් ඩයොක්සයිඩ් සහ මීතේන් විමෝචනය හේතුවෙන් ඇති වන අතිරික්ත තාපයෙන් සියයට 90 ක් පමණ ම අවශෝෂණය කර ගනිමින් දේශගුණය ජීවත්විය හැකි ලෙස තබා ගැනීමට සාගර උපකාරී වනවා.

වුඩ්වෙල් දේශගුණ පර්යේෂණ මධ්‍යස්ථානයේ විද්‍යාඥ ජෙනිෆර් ෆ්‍රැන්සිස් උෂ්ණාධික දේශගුණය පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින් “අප පොසිල ඉන්ධන දහනය කිරීම නැවැත්විය යුතුයි. වන විනාශය නැවැත්විය යුතුයි. ඒ වගේම අපගේ ආහාර වැඩිපුර වගා කළ යුතුයි.” පවසා තිබෙනවා. උණුසුම් සාගර වායුගෝලයේ වැඩි තෙතමනයක් නිපදවන අතර, තද සුළං සහ අධික වර්ෂාව ඇතුළුව, වඩ වඩාත් අවිනිශ්චිත කාලගුණයක් ඇති කරන බව සඳහන් වනවා. රුසියාව මේ වන විට දශක කිහිපයකින් මුහුණ දෙන දරුණුතම ගංවතුරෙන් පීඩා විඳිමින් සිටින අතර ඕස්ට්‍රේලියාවේ, බ්‍රසීලයේ සහ ප්‍රංශයේ සමහර කොටස් ද සුවිශේෂී තෙත් මාර්තු මාසයක් අත්විඳි බව දැක්වෙනවා. එමෙන්ම සාගර උෂ්ණත්වය ඉහළ යෑම කොරල්පර විනාශයට හේතුවක් බව සමුද්‍ර විද්‍යාඥයින් පෙන්වා දී තිබෙනවා.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනාධිපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයන්ගේ ඇප මුදල් ඉහළ යයි..

Next Post

පැය 24ක් යෑමට පෙර මාර්ග හතරක් ඔස්සේ නැග ශ්‍රී පාද කරුණා කරමින් විශ්‍රාමික රියර් අද්මිරාල්වරයා ගිනස් වාර්තාවක් පිහිටුවයි!

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.