ජනාධිපතිවරණය සඳහා අපේක්ෂක ඇප මුදල් ප්‍රමාණය ඉහළ නැංවීමට ශ්‍රී ලංකා කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ.
අලුතින් අනුමත කරන ලද රෙගුලාසිවලට අනුව, පිළිගත් දේශපාලන පක්ෂ නියෝජනය කරන අපේක්ෂකයින් දැන් ඇප මුදල් ලෙස රුපියල් ලක්ෂ 26ක් තැන්පත් කළ යුතුය. එය පෙර මුදලට වඩා සැලකිය යුතු ඉහළ යාමකි.
ඒ හා සමානව, ස්වාධීන අපේක්ෂකයින් ජනාධිපති පුටුවට තරග කරන්න්නේ නම් ලක්ෂ 31ක ඇප මුදලක් තැන්පත් කළ යුතුය.
අදාළ රෙගුලාසි සංශෝධනය කිරීම සඳහා වූ යෝජනාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ එක්ව ඉදිරිපත් කර ඇත.