හැටන් රංජිත් රාජපක්ෂ-
පැය 23 විනාඩි 46 ක් තුළ මාර්ග හතරක් ඔස්සේ ශ්‍රි පාදය කරුණා කර සෙරන්ඩිප් ගිනස් වාර්තාවක් පිහිටුවිමට ශ්‍රි ලංකා නාවික හමුවේ විශ්‍රාමික රියර් අද්මිරාල් ප්‍රින්ස්ලි ලියනගේ අද (09) දින පස්වරුවේ සමත්විය.
සෙරන්ඩිප් ගිනස් වාර්තා සංවිධානයේ මෙරට නියෝජිතයන්ගේ අධික්ෂණය යටතේ ඊයේ (08) දින පස්වරු 3 ට නල්ලතන්නිය ශ්‍රි පාද පිවිසුම් මාර්ගයෙන් ගමන් ආරම්භ කළ ප්‍රින්ස්ලි ලියනගේ පැය 1 විනාඩි 20 ක් තුල ශ්‍රි පාද උඩ මළුව වෙත ගමන් කර එතැන් සිට දෙවනුව ශ්‍රි පාද එරත්න මාර්ගය ඔස්සේ අඩවි කන්දට බැස නැවත එම මාර්ගයේම ශ්‍රි පාද උඩ මළුවට ළගා විය.
තෙවනුව ශ්‍රි පාද උඩ මළුවේ සිට ශ්‍රි පාද පලාබද්දල මාර්ගය ඔස්සේ පහලට බැස එම මාර්ගයෙන්ම යලිත් ශ්‍රි පාද උඩ මළුව වෙත ළගා වි සිව්වනුව ශ්‍රි පාද උඩ මළුවේ සිට ශ්‍රි පාද මාලින්බොඩ මාර්ගයේ මාලින්බොඩ දක්වා බැස එතැන් සිට එම මාර්ගයෙන්ම ශ්‍රි පාද උඩ මළුව වෙත අද (09) දින පස්වරු 1.15 පමණ ලඟා වූයේය.
ශ්‍රි පාද උඩ මළුව වෙත ළගා වි ශ්‍රි පාද උඩ මළුවේ සිට යලිත් නල්ලතන්නිය දක්වා පැය 1 විනාඩි 40 ක් තුළ පැමිණ සිය වාර්තාව පිහිටුවිමට ඔහු සමත්විය.
රියර් අද්මිරාල් ප්‍රින්ස්ලි ලියනගේ සෙරන්ඩිප් ගිනස් වාර්තාව පිහිටුවිමට අපෙක්ෂා කළ කාලයට වඩා විනාඩි 14 ක් කලින් කිලෝමිටර් 88.8 ක් දුර පාගමනින් ගොස් සිය වාර්තාව පිහිටුවිමට සමත් විය.
රියර් අද්මිරාල් ප්‍රින්ස්ලි ලියනගේ සෙරන්ඩිප් ගිනස් වාර්තාව පිහිටුවිමේ පාගමනට ශ්‍රි ලංකා නාවික හමුවේ නිලධාරින් රැසක් සහ ඔහුගේ බිරිද ඇතුළු පවුලේ සමාජිකයන්ගේ සහය ලැබි තිබුණි.
සෙරන්ඩිප් ගිනස් වාර්තාව සාර්ථක ලෙස පිහිටුවිමට සමත් වු රියර් අද්මිරාල් ප්‍රින්ස්ලි ලියනගේ අද (09) දින පස්වරුවේ ඔහුට සහය දැක් වු සියළු පාර්ශවයන් සමග යලිත් ශ්‍රි පාද මළුව වෙත ගොස් ආශිර්වාද පුජාවන් ගණනාවකට සහභාගි විමට නියමිතය.
සෙරන්ඩිප් ලෝක වාර්තා සංවිධානයේ මෙරට සමාජික වෛද්‍ය ලාල් ඒකනායක කියා සිටියේ රියර් අද්මිරාල් ප්‍රියන්ස්ලි ලියනගේ මාර්ග හතරක් ඔස්සේ පැය 23 විනාඩි 46 ක් තුළ ශ්‍රි පාදස්ථානය පාගමනින් ගොස් කරුණා කිරිමට සමත්විම සම්බන්ධයෙන් ගිනස් වාර්තා සංවිධානයට අද (09) දින පස්වරුවේ දැනුම් දුන් බවත්, ඒ අනුව සති දෙකක් ඇතුළත ගිනස් වාර්තා සංවිධානය විසින් අදාල වාර්තාව නිකුත් කිරිමට නියමිත බවත්ය.
සෙරන්ඩිප් ගිනස් වාර්තා සංවිධානයේ මෙරට ප්‍රධාන විනිසුරු සනත් බණ්ඩාර කියා සිටියේ රියර් අද්මිරාල් ප්‍රින්ස්ලි ලියනගේ පැය 24 ක් තුළ කිලෝමිටර් 88.8 පාගමනින් කඳු නැග කඳු බැස තැබු වාර්තාවක් ලෙස ඉදිරියේදි ප්‍රකාශයට පත් කරන බවයි.